නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සැබෑ නත්තල toxic නත්තලක් කරන බව එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් කියයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සැබෑ නත්තල toxic නත්තලක් කරන බව එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් කියයි

Published December 18, 2023

නත්තල යනු ලෝකයාටම අසිරිමත් සිදුවීමක්. නමුත් මේ අසිරිමත් සිදුවීම සැමරීමේදී සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා එය වසරේ වඩාත්ම විෂ සහිත (toxic day) දිනය බවට පත් වී තිබෙනවා.එසෙක්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තා මගින් මේ බැව් පෙන්වාදෙනවා.

නත්තල් දා රාත්‍රියේ සිදුවන ගිනිකෙළි සංදර්ශන නිසා අහිතතකර වායු අංශු වාතයට මුදා හරිනවා වගේම විවිධ ගන්ධයන්ගෙන් යුක්ත ඉටිපන්දම් සහ party poppers දැල්වීම නිසාත් ඉහළ වායු දූෂණයක් සිදුවන බැව් මෙම අධ්‍යයනයේ කර්තෘ මහාචාර්ය ඉයන් කොබෙක් සඳහන් කරනවා.

ඉවුම් පිහුම් කටයුතු නිසා සිදුවන වායු දූෂණයත් ඉතා අහිතකර ලෙසින් බලපාන බැව් ඔවුන් නොදන්නා නිසාම මේ තත්ත්වය තව දුරටත් දරුණු වී තිබෙනවා. දර පෝරණු සහ ඉලෙක්ට්‍රික් උඳුන් මගින්ද වායුවට අහිතකර අංශු මුදා හැරීමක් සිදු වෙනවා. නැනෝ මීටර් 100 කටත් වඩා අඩු මෙම දුම් අංශු ස්වසන මාර්ගයට ඇතුළු වීම නිසා පෙනහළු ප්‍රදාහ තත්ත්වයන් ඇති වෙන බවත් දැන් හඳුනා ගෙන තිබෙනවා. බොහෝ දෙනා විවෘත ගින්දරේ විවිධ ඇට වර්ග පුළුස්සා ගැනීමත් නත්තල් ආහාර සකස් කිරීමටත් ප්‍රිය කරනවා.

ගෑස් උඳුන් වෙතින් නිකුත් වෙන Nitrogen dioxide වායුව වාහන මගින් නිකුත් කරන කාබන් මොනක්සයිඩ් වායුවට සමානයි. මෙම වායුව නිවස අභ්‍යන්තරයේ රැඳී ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගීන්ට ඉතාමත් දරුණු ලෙස බලපාන බවටත් ඔවුන් තරයේම පෙන්වා දෙනවා. කිරීටක ධමනීන් ආශ්‍රිත සංකුලතාවයන් ඇති අයටත් මෙම අහිතකර වායුව නිසා ජීවිත අවදානමක් ඇති බවටත් අනතුරු දන්වා සිටිනවා.

දර දුම ආශ්වාස කිරීම නිසා ඩෙන්මාර්කයේ වසරකට නොමේරූ දරුවන් 400 ක් මිය යන බැව් ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම නත්තල් දින රාත්‍රියේ වාහන තදබදය නිසා කාබන් මොනක්සයිඩ් මුදා හැරීමේ ප්‍රවණතාවය ඉහළ යනවා. පසුගිය වාර්තා අනුව පර්යේෂකයින් සඳහන් කරන්නේ නත්තල් දින රාත්‍රියේ ලන්ඩන් නගරයේ පැය හතරක් පමණ කාලයක් පුරා වාහන ගමනාගමනයේ කිරීමට නොහැකි තරම් වාහන තදබදයක් පවතිනවා.

විෂ සහිත තත්ත්වයන්ගෙන් සමාජයේ ආරක්ෂා වීම වෙනුවෙන් විකල්ප විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා

ඉවුම් පිහුම් කටයුතු කරන විට මුළුතැන්ගෙයි ජනේල විවෘතව තබන්න.

නිවස අසල ගස් සිටවීම. එවිට අහිතකර වායුව ශාක පත්‍ර විසින් අවශෝෂණය කරනවා. කාලයකට පෙරාතුව එක්සත් රාජධානියේ නිවෙස් අසල තිබූ “පීච්” ශාක කපා ඉවත් කිරීම මේ තත්ත්වයට හේතු වී තිබෙන බව ලැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙනවා.

නත්තල් දිනයේදී එළිමහනේ ඇවිදින්න. එවිට පිරිසිදු වාතය ආශ්වාස කිරීමට හැකියාව තිබෙනවා.

BIFFA අපද්‍රව්‍ය සමාගම පෙන්වා දෙන අන්දමට සෑම වසරකදීම නත්තල් සහ අවුරුදු කාලයේදී එක්සත් රාජධානියේ පමණක් පරිසරයට මුදා හරින දැවටුම් ප්‍රමාණය පරිසරයට ඉතා අහිතකර ලෙසින් ගැටලු ඇති කිරීමට හේතු වෙනවා. WRAP පුණ්‍යායතනය පවා පෙන්වා දෙන අන්දමට මෙම දැවටුම්වල ඇති ප්ලාස්ටික් සහ ලෝහ පටල නිසා ඒවා ඉවත දැමීම වෙනුවට ප්‍රතිචක්‍රිකරණ කටයුතුවලට පවා යොදා ගැනීමක් සිදු වෙන්නේ නැහැ.ඒ නිසා තෑගි වෙනුවෙන් යොදා ගන්නා දැවටුම් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි අන්දමේ පරිසර හිතකාමී ද්‍රව්‍ය වුණොත් එයින් කිසිදු අතුරු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.

එක්සත් රාජධානියේ අපතේ යන දේ අතරින් වැඩි ප්‍රතිශතයක් ලෙසින් වාර්තා වෙන්නේ කුකුළු මස්. එය ටොන් ලක්ෂයක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඒ වගේම වසරකදී එරට අපතේ යන ආහාර ධාරිතාවය ටොන් මිලියන 6.6 කි. නමුත් වසරක් තුළ ඉවත දමන කුකුළු මස් වලින් පසු දින පැවැත්වෙන බොක්සිං ඩේ ඉසව් වෙනුවෙන් ව්‍යංජන 800 ක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා.නයිජෙලා ලෝසන් වෙබ් අඩවියට අනුව ඉතිරි වෙන නත්තල් පුඩිං සති දෙකක් දක්වා වූ කාලයක් ශීතකරණයේ තබා ගැනීමට පුළුවන් බවත් වාර්තා වෙනවා.

(ඩේලි මේල් සහ බී. බී. සී ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: party poppers, University of Essex, WRAP, නත්තල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?