නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු 30ක තරුණ කනක් අවුරුදු 60ක කනට සමාන වුණොත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අවුරුදු 30ක තරුණ කනක් අවුරුදු 60ක කනට සමාන වුණොත්

Published December 18, 2023

Earbuds වැඩිවෙලා පැළඳීම අවදානම්

ඔබ ජංගම දුරකථන භාවිතයෙන් සංගීතය රසවිඳිනවා නම් බොහෝ විට ඒ වෙනුවෙන් Earbuds පැළඳීමට පුරුදුව ඇති. Zoom රැස්වීම් වැනි අවස්ථාවන්ට සවන් දීමේදී තවත් අයෙකුට හිරිහැරයක් නොමැතිව ඔබේ රසවින්දනය සහ පහසුව වෙනුවෙන් මෙම උපාංගය පැළඳීමට පුරුදුව සිටියත් එයින් ඇති වෙන අහිතකර ප්‍රතිඵල ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්. කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මගින් මේ බැව් තහවුරු වී තිබෙනවා. හෙඩ්ෆෝන් මගින් අපේ ශ්‍රවණ තත්ත්වයට හානි වීමට වැඩි අවදානමක් තිබෙන බැව් මෙම විශ්වවිද්‍යාලයේ ශ්‍රවණ විද්‍යාඥ කෝරි පෝට්නෆ් සඳහන් කරනවා.

මෙවැනි නව මෙවලම් අතරට Earbuds,Airpods, Earphone, Headphone ඇතුළත් වෙනවා. මෙවැනි නවීන මාදිලියේ මෙවලම් නිසා ඇතිවන අතුරු රෝග තත්ත්වයන් ගැන තවමත් අත්හදාබැලීම් සිදු වෙනවා. මේවා අඛණ්ඩව පාවිච්චි කිරීම නිසා පිළිකා තත්ත්වයන් ඇති වීමට පවා යම් අවදානමක් ඇති බවට වූ සැකය නිසා 2019 වසරේදී මෙම උපාංග අපේ සෞඛ්‍යයට බලපාන අන්දම අලලා අධ්‍යයනයන් කීපයක්ම සිදු වී තිබෙනවා.

ලෝකයේ රටවල් 247 ක විද්‍යාඥයින් විසින් Earbudsවල ඇති විකිරණශීලීත්වය නිසා පිළිකා ඇති වීමට තිබෙන බලපෑම ගැන අධ්‍යයනයක් සිදු කිරීම වෙනුවෙන් යෝජනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරනු ලැබුවා. විද්‍යාඥයින් විසින් පෙන්වා දුන් අන්දමට Earbuds, Airpods වැනි උපකරණ මගින් නිකුත් කරන රේඩියෝ සංඛ්‍යාත විකිරණයන්ට හිසේ පටක නිරාවරණය වීම මගින් යම් බලපෑමක් ඇති වන බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙක් දිගින් දිගටම මෙම විකිරණයන්ට නිරාවරණය වීම නිසා දිගුකාලීන බලපෑම්වලට පත් වෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

මොළයේ පිළිකා ඇති වීමේ අවදානම

මේ පිළිබඳව වූ වාර්තාවක් 2011 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන අන්දමට රැහැන් රහිත දුරකථන (Wireless) භාවිතය නිසා මොළයේ Glioma නැමැති පිළිකා තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතිනවා. ඊට අමතරව Earbuds භාවිතය නිසා ඇති විය හැකි අතුරු සංකුලතාවයන් ගැනත් තොරතුරු ඉදිරිපත් වී තිබෙනවා. 2022 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, Lund විශ්වවිද්‍යාලය, දකුණු කැරොලයිනාවේ වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද ජාත්‍යන්තර අධ්‍යයනය මගින් මෙම තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

Earbuds භාවිතය නිසා ඇති වෙන අවදානම්

Earbuds වැනි ඉතා ඉහළ ශබ්දවාහිනී උපාංග මගින් ලෝකයේ මිලියන 430 කටත් වඩා වැඩි පිරිසක් ශ්‍රවණ ආබාධ තත්ත්වයන්ට ගොදුරු වී සිටිනවා. සාමාන්‍යයෙන් මිනිස් කනකට සුදුසු උපරිම ශබ්ද ප්‍රමාණය ඩෙසිබල් 80 ක් පමණ වෙන අතර කුඩා දරුවන් සම්බන්ධයෙන් මෙම අගය ඩෙසිබල් 75 ක් පමණ වෙනවා. අද වෙන විට තරුණ පරම්පරාව මෙවැනි උපාංග භාවිතය වෙනුවෙන් යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති අතර දිගින් දිගටම ඔවුන් මෙම අධික ශබ්දයට නිරාවරණය වීම නිසා කන් ඇසීම අහිමි වීමේ අවදානම වැඩි වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී තිබෙනවා.

ලෝකයේ තරුණ ජනගහනයෙන් 24% ක් පමණ දෙනා අධික ශබ්දයකින් යුක්ත සංගීතයට ඇහුම්කන් දීමේ කැමැත්තක් දැක්වීමත් විශේෂත්වයක්. සමහර අවස්ථාවන්හිදී ශබ්දය ඩෙසිබල් 105 ක් වැනි තීව්‍රතාවයකින් ඇසීමට මෙම තරුණ පිරිස් යොමු වෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් මෙහිදී Earbuds හි උපරිම ශබ්දයට වඩා 60% කට අඩු ශබ්දයකින් සවන්දීම ඉතාම වැදගත් බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

කන ආසාදනය වීම

කනට ආගන්තුක උපාංග ඇතුළත් කිරීමේදී වැඩි ප්‍රවේශමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් කන ස්වභාවිකව පිරිසිදු වෙන අවයවයක්. කනක ඇති බාහිර ශ්‍රවණ නාලයේ ග්‍රන්ථි මගින් කනට ඇතුලු වෙන දූවිලි, බැක්ටීරියා වැනි ද්‍රව්‍ය ඉවත් කරමින් කන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. නමුත් බාහිරව පැළඳ සිටින උපාංග නිසා කනේ බාහිර ශ්‍රවණනාලයේ බැක්ටීරියා සහ දිලීර ක්‍රියාකාරීත්වයට සුදුසු පරිසර තත්ත්වයක් නිර්මාණය වෙනවා. එවැනි අවස්ථාවන්හිදී කනේ ස්වභාවික පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ.

ඒ නිසා කන ආසාදනය වීම වළක්වා ගැනීමට නම් ඔබ විසින් Earbuds පැළඳ සිටින කාලය අවම කිරීම ඉතාම වැදගත්. අනවශ්‍ය අන්දමින් මෙවැනි Earbuds පැළඳ සිටීම කන ආසාදනය වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා ඔබ පළඳිනවා නම් එය දිනකට පැයක් වැනි කාලයකට සීමා කරන්න. ඔබ කිසිදු පාලනයක් නොමැතිව පාවිච්චි කිරීම නිසා වයස අවුරුදු 30 ක් වන විට ඔබේ ශ්‍රවණ තත්ත්වය වයස අවුරුදු 60 ක පුද්ගලයෙකුගේ ශ්‍රවණ තත්ත්වය හා සමාන වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ මෙවැනි උපකරණ පාවිච්චි කරනවා නම් ඒවා අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් පාවිච්චි කිරීමට වග බලා ගන්න. මෙය සැබැවින්ම විලාසිතාවක් නොවන බවත් අනුකරණයට යොමු වෙමින් බොහෝ තරුණ කණ්ඩායම් විසින් හෙඩ් ෆෝන, Earbuds පැළඳීමට යොමු වුණත් එයින් ඇති වෙන අතුරු සංකුලතාවයන්ද හොඳින් හඳුනා ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.

( Newyork times  ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️








 

TAGGED: Earbuds, Newyork times, World Health Organization
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?