නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බෙල්ලෙන් පහළ මාංශපේශි තදවීමේ රෝගය (ස්පොන්ඩිලෝසිස්)
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බෙල්ලෙන් පහළ මාංශපේශි තදවීමේ රෝගය (ස්පොන්ඩිලෝසිස්)

Published December 11, 2023

දින කිහිපයකට උඩදි මට යහළුවෙක් දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඔහු දැනන් හිටියා නවලියට ලියන බව. ඇමතුමේ සාරාංශය මෙහෙම එකක්. “අපේ මල්ලිගෙ කකුල කැඩුණා ලොකු තුවාලයකුත් එක්ක. තුවාලෙ උඩු දිව්වා. අන්තිමේදී දණහිසට උඩින් කකුල කපන්න ඕනේ කියන තැනට ආවා. ඒ අතරෙ වෙද මහත්තයා ගැන දැනගන්න ලැබුණා. වෙද මහත්තයා පරික්ෂා කරලා බලල කිව්ව ලෙඩා සනීප කරල දෙන්නම් කියල. පොඩි ගස්ලබු බටේකින් තමයි තුවාලෙ තෙල්වල පිඹලා තියෙන්නෙ.

අස්ථිවල ශක්තිමත් භාවයට කැල්සියම් කියන්නෙ තීරණාත්මක සාධකයක් නේද?

අනිවාර්යෙන්ම… බටහිර වෙදකමේ කැල්සියම් වර්ධනය කරන්න ඖෂධ තියනවා. හැබැයි අනවශ්‍ය විදිහට වැඩෙන කැල්සියම් මර්දනය කරන්න ඖෂධ තියෙන්නෙ දේශීය වෙදකමේ විතරයි. එහෙම ප්‍රතිකාර කරලා සුව කරපු රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා.

මාංශ පේශී ඝණ වීම සම්බන්ධයෙන් කියන්නේ ඔය වගේම තත්ත්වයක් නේද?

පැහැදිලිවම… බෙල්ල ප්‍රදේශය මාංශපේශි තදවීම. (ස්පොන්ඩිලෝසිස්) බටහිර වෙදකමේ පේශී ලිහිල් කරන ඖෂධ නැහැ. හැබැයි අපි ළඟ තියෙනවා. බටහිර වෙදකමේ තියෙන්නෙ භෞත චිකිත්සක ප්‍රතිකාර විතරයි. සාමාන්‍ය අයට මේවා හාස්කම් වගේ පෙනුනට ඇත්තටම ඒවා අපේ මුල් පරපුරට අයිති වෙදකම් විතරයි.

මගේ හිතවතා සඳහන් කරපු උඩු දුවපු තුවාල ගැනත් කතාකරමුකෝ

තුවාලයක් එහෙම ලේසියෙන් උඩු දුවන්නෙ නැහැ. දියවැඩියා රෝගය පාලනයන් තොර කෙනෙකුට වෙනත් අසාමාන්‍ය ශාරීරික තත්ත්ව යටතේ උඩු දුවපු තුවාලයකට ප්‍රතිකාර මට්ටමෙන් ඔබ්බට ගිහාම කරන්නෙ කකුල හෝ ඇඟිලි කපන එක. ඉන් එහාට විසඳුමක් නැහැ.

මේ වෙදකමේ දී මොකද කරන්නෙ?

අපි ළඟ තියෙනවා විස්මිත තුවාල තෙලක්. ඒ එක් එක් එකෙන් ප්‍රත්‍යක්ෂවම සුව කරන්න පුළුවන්. අවුරුදු දහස් ගණනක් තිස්සේ පරම්පරා විසි හතක් සිදුකරන අත්දුටු ප්‍රතිකාරයක්.

මේ ප්‍රතිකාරය කොහොමද සිද්ධවෙන්නෙ

මුලින්ම තුවාල හොඳට සුද්ද කරනවා. ඉන්පස්සෙ උඩු කුහරේට තෙල් ගිල්ලලා වේලනවා.

අස්ථි කුහරය දක්වා උඩු දුවපු තුවාලත් තියෙනවා නේද?

උඩු තුවාලවල භයානකම එක තමයි. හැබැයි ඉතින් ඒකටත් සංකීර්ණ ප්‍රතිකාර තියනවා.

කොහොමද ඒක සිද්ධ වෙන්නෙ?

අපිම හිඳින බොහොම බලගතු තෙලක් තියෙනවා. අපේ ක්‍රමයට එන්නත් කිරීමක් වගේ තමයි. ඉන්පස්සෙ රෝගියාට නිසොල්වම ඉන්න හරිනවා. පැයක් විතර ගියාම තමයි වැඩේ තියෙන්නෙ.

ඒ කිව්වේ?

ඔහොම ඉද්දි පණුවෝ කිහිපදෙනෙක් උඩුවෙ කෙළවරම ඉඳන් තියෙන කුණු සේරම කාගෙන එළියට එනවා. ඉන්පස්සෙ තමයි ප්‍රතිකාර අරඹන්නෙ.

වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ
දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙදගෙදර


අජන්ත ජයසේකර ✍️

 

TAGGED: Bone strength, Calcium, horiwila weda gedara, Neurological diseases, Spondylosis
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?