නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලිගැටපේර ඇටවලින් චොක්ලට් කාලා තියෙනවද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අලිගැටපේර ඇටවලින් චොක්ලට් කාලා තියෙනවද

Published December 11, 2023

කවුරුත් ආහාරයට ගන්නට කැමති මිහිරි පලතුරක් තමයි අලිගැටපේර. නමුත් අලිගැටපේර මදය ආහාරයට අරගෙන එහි ඇටය ඉවතට දැමීම අපි හැමෝම කරන දෙයක්. ඉවත දමන අලිගැටපේර ඇටයට අගයක් එකතු කරලා රසවත් චොක්ලට් එකක් ඔබ අතට එන දවසක් ගැන අහන්නට ලැබුණොත් ඒක හරිම රසබර ආරංචියක් වෙනවා නොඅනුමානයි. ඉතින් අලිගැට පේර ඇටවලින් නවෝත්පාදන නිෂ්පාදනය කළ දියණියක් ගැනයි මේ කතාව…

ඇය මහේෂි ප්‍රබෝධනී දිසානායක. කුරුණෑගල, කුලියාපිටිය, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි ඇය කුලියාපිටිය ශාරිපුත්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව 6 වන ශ්‍රේණිය සඳහා කුලියාපිටිය ජේ. ආර්. ජයවර්ධන ජාතික පාසලට ඇතුළත් වුණා. 2017 වසරේදී මහේෂි ජෛව තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වී රත්මලාන ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා.

අලිගැටපේර ඇටවලින් හදපු චොක්ලට් එකක් දැක්කෙ කොහොමද?

ඇත්තටම අපි අලිගැටපේර ගෙඩියක් ආහාරයට ගත්තාම එහි ඇටය ඉවත දානවා. එය සාමාන්‍ය සිදුවීමක්. නමුත් අපිට මේ ඇටයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් තිබෙනවා නම් ඒ වගේ අපතේ දැමීමක් සිදුවන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි අස්වනු නෙළීමෙන් පසුව ප්‍රවාහනයේදී සහ වෙනත් ක්‍රම මගින් යම් ප්‍රමාණයකින් අලිගැටපේර ගෙඩියට හානිවනවා. ඒ වුණාට එහි ඇතුළත බීජයට හානියක් වෙන්නෙ නැහැ.

මේ නිසා වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් අලිගැටපේර බීජය යොදාගැනීමේ හැකියාව තිබෙනවා.අපේ රටේ කොකෝවා වගාව වුණත් අමුද්‍රව්‍ය විදිහට විදේශවලින් අපනයනය කරන්න සිදුවෙනවා. ඒ නිසා චොක්ලට් නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය විදිහට අලිගැට පේර ඇට යොදාගැනීමට ඇති අවස්ථාව ගැනත් මම අවධානය යොමුකළා.

ඔබේ පර්යේෂණයට ආරම්භයක් ලැබුණෙ කොහොමද?

අලිගැටපේර ඇටවල අන්තර්ගත පෝෂණීය පදාර්ථ ගැන මම කරුණු සොයා බැලුවා. මේ ඇටයක අන්තර්ගත තෙල් කොකෝවා ගෙඩියක අන්තර්ගත තෙල් ප්‍රතිශතයට සමාන නොවුණත් අනෙකුත් සියලු සංයෝගයන් සමානයි. ඒ හේතූන් මුල් කරගෙන අලිගැටපේර ගෙඩියේ බීජය යොදා චොක්ලට් නිෂ්පාදනයට තිබෙන ඉඩකඩ ගැනත් මම පර්යේෂණ ආරම්භ කළා.

මේ අතර අපේ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් වාර්ෂිකව “Food Ex” නමින් ආහාර තාක්ෂණ ප්‍රදර්ශනයක් පවත්වනවා. 2023 වසරේ ප්‍රදර්ශනයට අලිගැටපේර ඇට යොදාගෙන නිෂ්පාදනය කළ චොක්ලට් එකක් මම ඒ සඳහා ඉදිරිපත් කළා. එහිදී එම ප්‍රදර්ශනයේ පළමු ස්ථානය ලබාගන්න මට හැකි වුණා. 2023 වසරේ “Pro pack” ප්‍රදර්ශනයටත් මේ නිෂ්පාදනය ඉදිරිපත් කළා.

අලිගැට පේර ඇට චොක්ලට් එක නිෂ්පාදනය කළේ

මම මෙහිදී යොදාගත්තේ අලිගැටපේර ඇටයෙන් ලබාගත් තෙල් සහ එම ඇටයේම පවුඩර්. ඒ සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගත්තා. ඒ වෙනුවෙන් කොකෝ පවුඩර්වලට සමාන පවුඩර් (Powder) එකක් සහ පේස්ට් (Paste) එකක් සාදාගත්තා. ඊට අමතරව සීනි එකතු කළා. ඒ හැර කිසිම රසකාරකයක් හෝ වර්ණ කාරකයක් හෝ කල් තබාගැනීමේ ද්‍රව්‍යක් යොදාගන්තේ නැහැ.

වර්ණයේ ගැටලුවක් නැහැ

අලිගැටපේර ඇටය දුඹුරු වර්ණයකින් යුක්ත වුණත් කොකෝවා හා සමාන වර්ණයක් ලබා ගැනීමට විශේෂ විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළා.අලිගැටපේර ඇටවලින් ලැබෙන තෙල් ප්‍රමාණය අඩුයි. නමුත් පේස්ට් (Paste) හොඳින් ලබාගත හැකියි.අලිගැටපේර බීජ දහයක් වගේ සුළු ප්‍රමාණයකින් පේස්ට් ග්‍රෑම් 400 -500 ක් වගේ ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන් ග්‍රෑම් 100 චොක්ලට් 10 – 12 ක් වගේ නිෂ්පාදනය කරන්න හැකියාව ලැබෙනවා.

චොක්ලට් එකට නමක්

මම මේ චොකලට් එකට චොක්ලට් යන අදහස ඇතුව Choc කියන නම සහ අලිගැටපේර වෙනුවෙන් වූ උද්භිද විද්‍යාත්මක නාමයද එක්කර “Chocsea” නම දුන්නා. රස වර්ග හතරක් ඔව් “Chocsea” රස වර්ග හතරකින් හඳුන්වා දුන්නා.

දුඹුරු චොකලට්
සුදු චොකලට්
කැරමල් චොකලට්  (මේ සඳහා සීනි කැරමල් යොදාගන්නවා)
කජු චොකලට් (කජු යොදාගෙන)

මෙහි දැවටුම සාමාන්‍ය චොකලට් එකක සේම ඊයම් දවටනයකින් යුක්තයි.

නව ඇසුරුමක්

ඉන්පසු මම තවත් අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. මේ ඇසුරුම අලිගැටපේර ගෙඩියකට සමානයි. ඇතුළේ චොක්ලට් බෝලයක් තිබෙනවා. ඒවාද ඉහත සඳහන් රස වර්ග හතරින් යුක්තයි.

අනාගත ඉලක්කය

මම දැනට මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ඉල්ලුම් කර තිබෙනවා. ව්‍යාපාරයක් විදියට කරගෙන යාමට නම් ඒ සඳහා ආයෝජකයෙක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ කාර්යය අනාගතයට බාර දෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: avocado, chocolate, maheshi dissanayake, Pro pack
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?