නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ස්මාට් විදිහට ගෙදර වැඩකරවන ඇප්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ස්මාට් විදිහට ගෙදර වැඩකරවන ඇප්

Published December 4, 2023

ගෙදර වැඩපළ කරගන්න මේ තාක්ෂණික යුගයේ ඇප් එකක් දෙකක් පාවිච්චි කරන්නේ නැත්තම් ඇති වැඩක් තියනවද? ජීවිතය නොහිතපු විදියට පහසු කරවන මේ ඇප් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ සියලු දෙනා ගාවම තියෙන්නම ඕනෙ.

Monefy

තමන්ටම කියලා පෞද්ගලිකව ගණන් හිලව් තියන නිලධාරියෙක් ඉන්නවා නම් කොහොමද? එහෙම කෙනෙක් තමයි Monefy කියන්නෙ. අද කාලෙ ගොඩ දෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි මාසික ලැබෙන පඩියට වඩා වැඩි දේවල් කරගන්න ගිහින් ඔක්කෝම වැඩ අවුල් කරගෙන ලෝකයටම ණයකාරයෙක් වෙන එක. Monefy එක්ක පුළුවන් සකසුරුවම්කමකින් ඔබට ජීවත් වෙන්න.

මෙම ඇප් එකේ තිබෙන ආකර්ෂණීය ඉන්ටර්ෆෙස් එක නිසා ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්නත් ඉතාම ලේසියි. අපට තියෙන සියළුම වියදම් එක එක විදියට වර්ග කරලා තියනවා. මේ ඇප් එක හරියට දත්ත ගබඩාවක් වගේ. අපි මොකක් හරි දෙයකට වියදමක් කරපු සැනින් Monefy ව දැනුවත් කරන්න තියෙන්නෙ. අනික් අතට එයා ඔයාට වියහියදම් ටික පෙන්වනවා. එතකොට ඔයාට දැන ගන්න පුළුවන් ඔයාගෙ මාසික වියදම් ටික, ඔයා කොච්චරක් මුදල් ඉතිරි කරාද, ලැබෙන පඩියට වඩා වියදම් වැඩීද වගේ ගොඩක් දේවල් ඔයාට මේ ඇප් එක හරහා දැනගන්න පුළුවන්. හරියට මේ ඇප් එක මැනේජ් කරොත් ඔයාට මුදල් ගැටලුනම් ඇතිවෙන්නෙ නැති වේවී.

Alarmy

මේ ඇප් එකනම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙනවා. උදේට නැගිටින්නෙ නැති, නැගිටින්න අමාරු ඔක්කෝටම විසදුමක් දෙන්න පුළුවන් ඇප් එකක් තමයි Alarmy කියන්නෙ. ගොඩක් අය කරන්නෙ ඇහෙරෙන්න ඕන වෙලාවට එලාම් තියන එක. ඒත් සමහර එලාම් ඇහෙන්නෙත් නෑ. සමහර ඒවා ඇහුණත් ගාණක් නෑ ඒක ඕෆ් කරලා අපහු නිදියනවා.

ඒත් Alarmy එක්ක ඔය සෙල්ලම් මුකුත් කරන්න බැහැ. ඔබට අනිවාර්යයෙන්ම ඇහැරෙන්න වෙනවා. මෙයාලා ගාව තියෙන්නෙ සාමාන්‍යයෙන් ෆෝන් එකේ තියෙන එලාම් එකට වඩා අමුතු ශබ්ද. මේ ඇප් එකේ Loud ringtones කියලා වෙනම රිගින් ටෝන් සෙට් එකක් තියනව. ඒ සවුන්ඩ් ඇහුණ ගමන් අනිවාර්යයෙන් ඔබ ඇහැරෙනවා.

ඒ වගේ මේ ඇප් එකට පුළුවන් ඔබව ඇඳෙන් බිමට බස්සලා නිදිමත නැති කරවන්න. ඒ කියන්නෙ එලාම් එක ඕෆ් වෙන්න නම් ගණිත ගැටලු විසඳන්න වෙනවා නැත්නම් එයලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා. ඒ වගේ දේවල්වලින් අනිවාර්යයෙන් ඔබේ නිදිමත නැතිවෙනවා.

Cozi Family Organizer

ගෙදරක කොයි තරම් නම් දේවල් කරන්න තියෙනවාද? කීයක් දේවල් මතක තියා ගන්න ද? Cozi  ඇප් එකෙන් කරන්නෙ ඒ වැඩේ පහසු කරවන එක.වෙලාවකට ඩයරියක්, බඩු ලැයිස්තුවක්, කාල සටහනක්, කෑම වට්ටෝරු ගොඩක්. මේ ඇප් එක පවුලේ සාමාජිකයන් වෙන් වෙන් වශයෙන් අරගෙන එයාලාගේ ජීවිතේ වෙන දේවල් සඳහන් කරගන්න පුළුවන් විදියටත් හදලා තියනවා.ළමයි ගොඩක් ඉන්න ගෙදරක ඒ ළමයින්ගේ ඉස්කෝලේ රැස්වීම්, පන්ති තියන වෙලාවල්, ක්‍රීඩා වගේ දේවල් ගැන වෙන වෙනම විස්තර සඳහන් කරගන්න පුළුවන්.

Clean My House

ගෙවල් පිරිසිදු කරන එක තරම් කම්මැලි එපා කරපු වැඩක් තවත් නැතුව ඇති. ඒ වැඩේ කම්මැලි නැතිව විනෝදයෙන් කරන්න පුළුවන් වැඩක් කරගන්න ක්‍රමයක් තමයි මේ.මේ ඇප් එකෙන් වෙන්නෙ පිරිසිදු කරන ස්ථාන ටික, තව අපි කොච්චර කාලෙකින් අදාළ ස්ථානය අස් කරලා නැති ද කියන එක පෙන්වනවා.හැබැයි ඉතින් ඒකට අපි අදාළ වැඩ ටික කරලා ඇප් එක අප්ඩේට් කරන්න ඕනෙ. ඊට අමතර ව Task Manager කෙනෙක් විදියටත් මේ ඇප් එක වැඩ කරනවා.

Evernote

විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යාපාරික වෘත්තිකයන් භාවිත කරන ජනප්‍රිය ඇප් එකකි.නිවාස නඩත්තුවල ව්‍යාපෘති පිළිබඳ වර්තාවක් තබා ගැනීමට, නව අමු ද්‍රව්‍ය පිළිබඳව දැන ගැනීමට සහ ඒවා ගැන ලැයිස්තුවක් සෑදීමට සහ අවශ්‍ය නම් වීඩියෝ ක්ලිප්ස් පටිගත කිරීමට පවා හැකියාව මෙහි පවතිනවා.ඒ වාගේම ඔබේ නිවසේ සැලැස්ම කඩදාසි මත සැලසුම් කිරීමට විශාල සටහන් පොතක් සමග දඟලනවා වෙනුවට ඔබේ සැලසුම් Evernote නිසා ඔබේ සාක්කුවටම දමාගන්න පුළුවන්.

Happy Plant

මෙය ඔබේ පැලවලට වතුර දැමීම මතක් කරදෙන යෙදුමකි. දිනපතා පැළවලට වතුර දැමීම අමතක වෙන ඔබට මෙම ඇප් එක ලොකු උදව්වක් වේවී.මෙම ඇප් එක ඔබ ඉන්ස්ටෝල් කළ පසු ඔබේ පැළ පිළිබඳ විස්තර මෙයට ඇතුළත් කළ යුතුය. එවිට එම එක් එක් පැළයට අදාල විස්තර, වතුර දැමිය යුතු ආකාරය, රෝග සහ රැකබලා ගන්නා ආකරය ආදී සියල්ලම ඔබට ලබාගත හැකියි. ඒ වගේම ඔබ කැමතිනම් ඔබේ පැළවල වර්දනය පිළිබඳව විඩියෝ ක්ලිප්ස් පවා ඔබට පහසුවෙන් මේ හරහා සාදාගන්න පුළුවන්.

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Alarmy, Cozi, Evernote, Monefy, smart apps
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?