නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Swimming Pool වල මුත්‍රා කිරීම හදවතටයි පෙනහලුවලටයි හොඳ නැහැ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Swimming Pool වල මුත්‍රා කිරීම හදවතටයි පෙනහලුවලටයි හොඳ නැහැ

Published December 4, 2023

තටාකයක මුත්‍ර කිරීම හදවතට හොඳ නැහැ

තටාකවල බොහෝ විට තිබෙන්නෙ රසායනික ද්‍රව්‍යවල සුවඳයි. ක්ලෝරීන් මඟින් මුත්‍ර විෂබීජහරණය වූවත් මුත්‍ර සහ ක්ලෝරීන් ඒකාබද්ධ වූ විට භයානක රසායනික ද්‍රව්‍ය නිර්මාණ කෙරෙයි. පාරිසරික රසායන විද්‍යා මහාචාර්ය ෂින්ග්-ෆැන්ලි පර්යේෂණ තුළින් හෙළි වූ කරුණු මගින් එය සනාථ කරයි. එම රසායනික ද්‍රව්‍යවලින් එකක් වූ Cyanogen Chloride නම් කර ඇත්තේ හදවත සහ පෙනහැලිවලට හානි කළ හැකි රසායනික කාරකයක් ලෙසටය. තවද Nitrosamines නම් වූ වෙනත් අතුරු නිෂ්පාදන මගින් පිළිකා පවා ඇති විය හැකියි.

ඔබ හුස්ම ගන්නේ වරකට එක් නාස්පුඩුවකින් පමණයි

1977දී Mayo Clinic Proceedings ජර්නලයේ පළකරන ලද නිශ්චිත පර්යේෂණ වාර්තාවන්ට අනුව ඔබ වරකට හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරනුයේ එක් නාස්පුඩුවකින් පමණකි. සෑම පැයකට වරක්ම ක්‍රියාකාරී නාස්පුඩුව විවේකයක් ගන්නා අතර හුස්ම ගැනීම අනෙක් නාස්පුඩුවට මාරුවීම සිදුවේ. පුදුම වෙන්න එපා! ඔබේ ඇඟිල්ල නාස්පුඩුව යටින් තබා මෙය විමසිය හැකියි.

කාංසාව නිසා දුර්ගන්ධයක්!

2013 දී ප්‍රකාශයට පත්කෙරුණු Journal of Neuroscience මගින් සොයාගෙන ඇත්තේ සමහර හැඟීම් නිසා නාසයට දුර්ගන්ධය දැනෙන බවයි. යුද්ධය සහ අනතුරු මගින් කාංසාව ඇතිකරන විට උදාසීන සුවඳ පවා අප්‍රසන්න වන අතර දුර්ගන්ධය ඊටත් වඩා නරක ලෙස නාසයට දැනෙයි.

පිරිමින්ගේ අමතක වීම ගැහැනුන්ට වඩා වේගවත්

බොහෝ අධ්‍යයන මගින් නිරතුරුවම සනාථ කරන්නේ පිරිමින්ගේ මතකය අඩුවීම ගැහැණුන්ට වඩා වැඩි බවයි. 2015 දී ප්‍රකාශයට පත්කරන ලද Experimental Psychology hypothesizes ජර්නලයේ සඳහන් අධ්‍යයනයකින් උපකල්පනය කරන්නේ මොළයේ මතකය හා සම්බන්ධ හිපොකැම්පස් නම් කොටසෙහි පරිමාව ගැහැණුන්ට වඩා වේගයෙන් පිරිමින්ගේ අඩුවන බවයි.

ඇස් දෙක ඇල්සයිමර් රෝගය ගැන ඉඟි කරයි

2019දී Neurobiology of Aging ජර්නලය මගින් ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයන වාර්තාවක සඳහන් වන්නේ මොළයේ නියුරෝන පොකුරක් වන locus coeruleus වෙත බලපෑම් කරන රෝග ඇසෙහි කළු ඉංගිරියාව විවෘත වීමේ ප්‍රමාණය මත බලපාන බවයි. ඇල්සයිමර් රෝගය ඇතිවීමේ සංජානන දුර්වලතා ඇති පුද්ගලයින්ගේ කළු ඉංගිරියාවේ ප්‍රසාරණය වැඩිය.

බිත්තර කෑම

බිත්තර කෑම මගින් උත්තේජන සඳහා ප්‍රතික්‍රියා දැක්වීම දියුණු කරයි. බිත්තරවල ටයිරොසීන් නම් ඇමයිනෝ අම්ලය අඩංගුය. සිරුරේදී එය Norepinephrine සහ Dopamine බවට සංස්ලේෂණය කෙරෙයි. එම සංයෝග මගින් ශක්තිය, සුපරික්ෂාකාරී බව සහ මනෝභාවය වැඩිදියුණු කරයි. 2014දී අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ටයිරොසීන් මගින් අපගේ ප්‍රතිචාර කාලය වැඩිදියුණු කරන අතරම අපගේ බුද්ධිමය කාර්යසාධනය වැඩිකරන බවයි.

( Bestlifeonline ඇසුරෙන් )

සුනිල් අල්ගම ✍️

TAGGED: Cyanogen Chloride, Mayo Clinic Proceedings, Nitrosamines, Swimming Pool
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?