නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

Published December 4, 2023

සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ස්ටීවන්ගේ SpermSearch  මගින් සොයා ගනී

විවාහප්‍රාප්ත යුවළකගේ ඒකායන බලාපොරොත්තුව වන්නෙ දරුවෙකු පිළිබඳ සිහිනයයි. එහෙත් එලෙස විවාහ වී බොහෝකල් ගතවුණු පසුවද එම බලාපොරොත්තු සුන්ව පීඩා විඳින ඇය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී “මද සරුබව” යනුවෙන් හඳුන්වනු ලබනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම අද වනවිට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ වඩාත් දියුණු තත්ත්වයේ පවතිනවා.

පිරිමි පාර්ශ්වයෙන්

මදසරුබව පිළිබඳව කතා කිරීමේදී පිරිමියෙකුගේ ශුක්‍රාණු ගිණුම ගැන අවධානය යොමු වීම ඉතාම වැදගත්. මෙම ශුක්‍රාණු ගිණුමේ ධාරිතාව වගේම එහි ඇති සක්‍රිය ශුක්‍රාණු ප්‍රතිශතයත් මෙහිදී වැදගත් සාධකයක් ලෙසින් සැලකෙනවා. අද වන විට පිරිමි ජනගහනයෙන්  7 % ක් පමණ දෙනා දරුවන් ලැබීමේදී නීරෝගී ශුක්‍රාණු නොමැති වීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා.

පසුගිය දශක හතරක කාලයේදී ශුක්‍රාණු ගිණුමක පරිමාව 50% කින් පමණ අඩු වී ඇති බව පෙන්වා දෙන පර්යේෂකයන් විසින් ඊට පදනම් වී තිබෙන හේතු හඳුනාගෙන තිබෙනවා. පරිසර දූෂණය, වැරදි ආහාර රටාව, දුම්පානය, ව්‍යායාම නොමැතිකම සහ මානසික පීඩනය වැනි හේතුන් නිසා අද වනවිට බොහෝ පිරිමින්ගේ ශුක්‍රාණු ගිණුම ආශ්‍රිත ගැටලු ඇති වී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු ආචාර්ය ස්ටීවන් වයිලෙස්කුගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය තිබෙනවා. මෙම පර්යේෂණය “SpermSearch”” යනුවෙන් නම් කරන ලදී. මෙහිදී රොබෝ තාක්ෂණය (AI) ආධාරයෙන් පිරිමි ශුක්‍රාණු ගිණුමකින් සක්‍රිය ශුක්‍රාණුවක් හඳුනා ගැනීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනයන් සිදු කර තිබෙනවා.

ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය වෙත ලබා දෙන මෘදුකාංගයකට පිරිමියෙකුගේ නීරෝගී ශුක්‍රාණු ධාරිතාව හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. එය ඉහළ බුද්ධියකින් සමන්විත පුද්ගලයෙකුට වඩා දහස් වාරයක වේගයෙකින් යුක්ත බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

සංකීර්ණ ක්‍රියාවලියක්

පිරිමි ශුක්‍රාණු පිළිබඳ ගැටලු ඇති අවස්ථාවන්හිදී නීරෝගී ශුක්‍රාණුවක් සොයා ගැනීම වෙනුවෙන් සිදු කරන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණයි. මෙම සාමාන්‍ය ක්‍රමවේදයේදී වෘෂණකෝෂයෙන් කුඩා කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර එය රසායනාගාරයකට යවා පටක වෙන් කරගෙන ඒවා අන්වික්ෂයකින් පරීක්ෂා කරනවා. කලල විද්‍යාඥයන්ට මෙහිදී නිරෝගී ශුක්‍රාණු හඳුනා ගෙන ඒවා නිස්සාරණය කර ඩිම්බයකට ඇතුළු කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් මෙම ක්‍රියාවලිය පහසු නැහැ.

ඒ වගේම පැය හයක පමණ කාලයක් ගත වෙනවා. ආචාර්ය ස්ටීවන් වයිලෙස්කුගේ වගේ විසිරී තිබෙන සෛල සමුහයකින් සමහර විට ශුක්‍රාණු තිබෙන්නේ 10 ක් තරම් අඩු සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මේ කටයුත්ත හරියට පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වගේ සංකීර්ණ සහ කාලය ගතවෙන කටයුත්තක්.

SpermSearch කෘත්‍රිම බුද්ධිය

ශුක්‍රාණු ඇතුළත් කළ වහාම ඉතාම පහසුවෙන් නිරෝගී ශුක්‍රාණු සොයා ගැනීමේ හැකියාව මේ කෘතිම බුද්ධිය සතුව පවතින බැව් සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් සඳහන් කරනවා. මෙම අධ්‍යයනය වෙනුවෙන් ඔවුන් සංකීර්ණ පටක සහිත රූප දහස් ගණනාවක් ඉදිරිපත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම SpermSearch විසින් නීරෝගී ශුක්‍රානු ඉතා පහසුවෙන් හඳුනාගැනීමට සමත්ව තිබුණා.

මෙය අත්හදා බලා තිබෙන්නේ රෝගීන් හත් දෙනෙකු වෙනුවෙන් පමණයි. තවත් වසර දෙකකින් පමණ වෙළඳපොළට මෙම ක්‍රමවේදය හඳුන්වා දීම ඔවුන්ගෙ ඉලක්කයයි.

කාලය වැදගත්

කාන්තාවකගේ ඩිම්බයක් සමග පුරුෂ ශුක්‍රාණුවක් සංසේචනය කිරීමේදී කාලය ඉතාම වැදගත් සාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඩිම්බයක ජීව කාලය ගත වීමට පෙරාතුව සංසේචනය සිදු කිරීම අවශ්‍යයි. ඒ නිසා මේ SpermSearch මෙවලම එම කාර්යේදී වැදගත් මෙහෙයක් ඉටු කරන බැව් ඩන්ඩි විශ්වවිද්‍යාලයේ ප්‍රජනන සෞඛ්‍ය අංශයේ පර්යේෂිකා සාරා මාරිටින්ස් සඳහන් කරනවා.

තවත් මෙවලමක්

නීරෝගී පිරිමි ශුක්‍රාණුවක් හඳුනාගැනීම වෙනුවෙන් වූ පර්යේෂණයේදී තවත් නවතම සොයාගැනීමක් බර්මින්හැම් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම විශ්වවිද්‍යාලයේ පද්ධති ආකෘති නිර්මාණ සහ ප්‍රමාණාත්මක ජෛව විද්‍යාව හා වූ මධ්‍යස්ථානයේ සහය මහාචාර්ය ආචාර්ය මියුරින් ගැලසර් විසින් මෙම සහය මෙවලම නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම තාක්ෂණික මෙවලම මගින් ශුක්‍රාණුවක වල්ගයේ වේගය සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. රූප මෘදුකාංග භාවිත කර ඒ අනුව ශුක්‍රාණුවක වල්ගයේ ක්‍රියාකාරීත්වය අනුව පරිසරයේ පීඩනයේදී මියයෑමට අවදානමක් තිබෙනවාද? එසේ නැත්නම් ජීව විද්‍යාත්මක පරිසරය වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේද යන්නත් හඳුනා ගැනීමේ හැකියාව තිබෙන බැව් ආචාර්ය මියුරින් තවදුරටත් සඳහන් කරනවා.

( බී.බී. සී පුවත් ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

TAGGED: Australia, sperm, SpermSearch
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?