නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෝවටා හැලෝවීන් සැමරෙන අමුතු විදි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලෝවටා හැලෝවීන් සැමරෙන අමුතු විදි

Published November 27, 2023

මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් මළවුන් සැමරීමේ සම්ප්‍රදායික සිරිත් පදනම් කරගෙන නොවැම්බර් මාසය “මළවුන්ගේ මාසය” ලෙසින් නම් ලබා තිබෙනවා.මෙම උත්සව ලෝකය පුරා ව්‍යාප්තව ඇති අතර රෝමානු කතෝලික සහ ඇන්ග්ලෝ කතෝලික බැතිමතුන් අතර මළවුන් ඇදහීමේ උත්සවයන් පල්ලිය මුල් කරගෙන සිදු වේ. නොවැම්බර් පළමුවැනි දින සාන්තුවරයන්ගේ All Soul’s Day දිනය ලෙසත් නොවැම්බර් දෙවැනි දින ආත්මවලට දේව කරුණාව ලබා දෙන දිනය ලෙසත් හැඳින්වේ. ඒ අන්දමින්ම ලෝකය පුරා විවිධ ජනතාව තමා සමග එකට එක්ව ජීවත්ව තමාගෙන් වෙන්ව ගිය හිත මිතුරු නෑසියන් පිළිබඳ මතක සමරනු ලබන්නේ මේ අන්දමටයි.

හැලොවින් උත්සවය

“හැලොවින්” උත්සවය කුඩා දරුවන්ට ඉතාම විනෝදජනකය. කුඩා දරුවන් විවිධ ඇඳුම් ඇඳගෙන කණ්ඩායම් ලෙසින් වීදි සංචාරයේ යෙදෙන අතර වීදියේ පිහිටි නිවෙස් වෙත ගොස් Trick or treat යැයි කියන විට එහි නිවැසියන් විසින් රසකැවිලි ආදිය ලබා දීම මෙම උත්සවයේ සිරිතයි. කුඩා දරුවන් මෙම රසකැවිලි එකතු කරනු ලබන්නේ වට්ටක්කා හැඩයේ කූඩයකටයි. වැඩිහිටියන් වට්ටක්කා ගෙඩියක මදය හාරා ඉවතටගෙන එහි පිටතින් ඇස්දෙකක් හා නහයක් කපා ඒ මැද ඉටිපන්දමක් දල්වනු ලැබේ. මෙම වට්ටක්කා ගෙඩිය නිවසින් පිටත තබන අතර එයින් අශුද්ධ ආත්ම පලවා හැරිය හැකි බවට විශ්වාසයක් තිබේ.

ඉන්දියාවේ පීතෘ පක්ෂ දිනය

ඉන්දියාවේ සැප්තැම්බර් මාසයේදී මෙය පවත්වන අතර මළවුන් සැමරීම හින්දු බැතිමතුන් විසින් “පීතෘ පක්ෂ” යනුවෙන් හඳුන්වනු ලැබේ. කර්ණන් නැමැති රණශූරයා මරණයෙන් පසුව දෙව්ලොව උපත ලැබුවත් ඔහුට ආහාරයට තිබී ඇත්තේ රත්රන් කුට්ටි පමණි. ඊට හේතු විමසන විට පෙනී ගොස් තිබුණේ කර්ණන් ජීවත්ව සිටි කාලයේදී කිසිදු කෙනෙකුට ආහාරපාන ලබා දී නොතිබුණ නිසා දෙව්ලොව සැප සම්පත් ලැබුවත් ආහාරයට යමක් ඔහුට නොලැබීමයි. හින්දු ජාතිකයන්ගේ මළවුන් සැමරීමට නිදාන කතාව වී ඇත්තේ මෙම පුරාවෘතයයි. එහෙයින් ඉන්දියාවේ දින 16 ක් පුරා “පීතෘ පක්ෂ” මළවුන් සැමරීමේ උත්සවය පවත්වනු ලැබේ.

නේපාලයේ ගයි ඡත්‍රා

නේපාල ජාතිකයන් විසින් පවත්වන “ගයි ඡත්‍රා” (Festival of the Cows) උත්සවයේදී මියගිය අය වෙනුවෙන් ගවයෙක් හෝ කුඩා දරුවෙක් අලංකාර ලෙසින් සරසා ගෙන පෙරහැරකින් එක් කරගෙන යනු ලැබේ. මෙම උත්සවයේ ආරම්භය අතීත කතාවක් සමග සම්බන්ධ වී තිබේ. එක්තරා රජකෙනෙකුගේ පුත්‍රයෙකු අභාවය නිසා මෙම චාරිත්‍රය ආරම්භ වී තිබේ. පුතුගේ මරණය නිසා දැඩි ලෙසින් කම්පනයට පත්ව සිටි බිසව සැනසීම සඳහා රජතුමා විසින් මේ අන්දමින් උත්සවයක් සංවිධානය කරන ලදී. මරණයෙන් පසු ජීවිතයට ගවයාගෙන් උදව් ලැබේයැයි යන විශ්වාසය නිසා මේ චාරිත්‍රය ගොඩනැගී තිබෙනවා.

මෙක්සිකෝවේ Day of the Dead

තමා සමග ජීවත්වෙන සමීපතමයෙකු මියගියාට පසුව ඔවුන් වෙනුවෙන් හඬා වැලපීම වෙනුවට මහත් වූ සතුටින් ඒ අයගේ වෙන්වීම සැමරෙන ඩියා ඩෙ ලොස් මුඅර්තොස් යනුවෙන් මෙක්සිකානු ජාතිකයන්ගේ උත්සවයක් ඇත. මෙම චාරිත්‍රය ඇස්ටෙක් ශිෂ්ටාචාරය දක්වා දිවෙන අතර සෑම වසරකදීම නොවැම්බර් මාසයේදී මෙම උත්සවය පවත්වනු ලැබේ. නොවැම්බර් පළමු වැනි දින මියගිය කුඩා දරුවන් වෙනුවෙනුත්, දෙවැනි දින මියගිය වැඩිහිටියන් වෙනුවෙනුත් වෙන් කරගෙන ඇත.

එදිනට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් වෙන අතර මියගිය තැනැත්තා රුචිකත්වයක් දක්වන ලද ආහාරපාන පිළියෙළ කර ප්‍රීති වෙන පිරිස් ඔවුන්ගේ මුහුණේ ඇටසැකිලි පින්තාරු කර ගැනීමත් මෙම උත්සවයේ ලක්ෂණයක්. සීනි වලින් සකස් කරන ලද එම හිස් කබලක ආකෘතිය (Sugar skull ) යනුවෙන් හැඳින්වේ. මේවා නිවැසියන් විසින් සකස් කිරීම හෝ මිලට ගැනීම සිදුවන අතර එහි මියගිය තැැනත්තාගේ නම අයිසිං වලින් නිර්මාණය කරනු ලැබේ. සීනි වෙනුවට බිස්කට් හෝ චොකලට් වලින්ද සකස් කරන ලද හිස්කබල් දැක ගත හැකිය.

ජපානයේ ඔබෝන්

ජපන් ජාතිකයන් මළවුන් සැමරීමේ උත්සවය ඔබෝන් යනුවෙන් නම් කර තිබෙන අතර ඒ වෙනුවෙන් දින තුනක් වෙන් කර ගනී. ඔබෝන් උත්සවය සමග අතීත පුරාවෘතයන්ද සම්බන්ධ වී තිබේ. බෞද්ධ සංස්කෘතියේ ආභාෂය පවතින ජපානයේ මළවුන් පිළිබඳව මෙම පුරාවෘතයට අනුව එක්තරා පුද්ගලයෙක් සිහිනෙන් තමාගේ මව ප්‍රේත ලෝකයේ සිරකරගෙන සිටිනු සිහිනෙන් දැක ඇත. ඒ තැනැත්තා විසින් ඒ බව බුදුරජාණන්වහන්සේට දන්වා සිටි විට දී දානයක් දීමෙන් ඔහුගේ මව ප්‍රේත ලෝකයෙන් නිදහස් කර ගත හැකි බැව් උන්වහන්සේ සිහිනෙන් දේශනා කර ඇත. ඒ නිමිති කරගෙන මෙම පුද්ගලයාට ඇති වුණ සතුට නිසා නටන්නට පටන්ගෙන ඇති අතර අදටත් මළවුන් සමරන විට “ඔන්දෝරි” යැයි නැටුමකින් උත්සවය අලංකාර වී තිබේ.

චීනයේ චිංමින්ග්

චීන ජාතිකයන් විසින් මළවුන් සැමරීම සඳහා අප්‍රේල් මාසය වෙන් කරගෙන සිටිති. ඔවුන්ගේ මළවුන් සැමරීමේ උත්සවය චිංමින්ග් යනුවෙන් හඳුන්වනු ලැබේ.

(විකිපීිඩියා ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Festival of the Cows, halloween, Sugar skull, Trick or treat
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?