නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගේ ඇතුළෙ වාතයත් අනතුරුදායක වියහැකියි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගේ ඇතුළෙ වාතයත් අනතුරුදායක වියහැකියි

Published November 20, 2023

අප සිතන්නේ අනතුරු ඇත්තේ නිවසින් පිටත බවයි. එහෙත් ඔබ නිවස තුළ ඇති වාතයම ඔබ සතුරෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති බව ඔබ දන්නවාද? ඒවා ගැන දැනගැනීම එවැනි අනතුරුවලින් මගහැරීමට ඇති සුදුසුම මාර්ගයයි. මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඇමෙරිකාවේ ඇදුම සහ ආසාත්මිකතා පදනමේ ( AAFA) සභාපති කෙනත් මෙන්ඩෙස් පවසන්නේ අපගේ ගෘහස්ථ වාතය තුළ වායු දූෂක සහ ශාරීරික අපහසුතාව ඇතිකරන ද්‍රව්‍ය ගණනාවක් තිබිය හැකි බවයි.

වාෂ්පශීලී කාබනික සංයෝග :Volatile organic compounds

මේවා ප්‍රාථමික අදියරේදී වායු ආකාරයෙන් පවතී. පුදුමයට කරුණ නම් මෙම සංයෝග එළිමහනට වඩා පස් ගුණයකින් නිවස තුළ ඇති වාතයේ පැවතිය හැකි වීමයි. මෙම වායු ශ්වසන මාර්ග, ඇස් සහ සමට ඇතුළු වී පීඩා දනවයි.

දුම්

ගෑස්, ඉටිපන්දම් ආදී ගිනි දැල්වීම වලදී වායු දූෂක වාතයට විමෝචනය වේ.

පුස්

නානකාමර, රෙදි සෝදන කාමර, මුළුතැන්ගෙය ආදී තෙතමනයට නැඹුරු ස්ථානවල සහ වායු සංසරණය නොමැති ස්ථානවල සිරුරට අහිතකර පුස් වර්ධනය වේ.

පරාග

විවෘත දොර ජනේල තුළින් පරාග ඇතුළු විය හැකියි. එසේම ඔබගේ සපත්තු, ඇඳුම් සහ හිසකේ පවා පරාග වාහකයින් ලෙස කටයුතු කරයි. ඒවා පෘෂ්ඨ මතුපිට තැන්පත් වන අතර නිවස තුළ අහිතකර දූවිල්ල ඇතිකරයි.

සත්ත්ව සම් කැබලි

බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ගේ සමෙන් නිකුත්වන ක්ෂුද්‍ර කොටස් ඇඳුම්වල තැවරී සතුන් ඇති නොකරන නිවෙස්වලට පවා ඇතුළු වේ. මේවා ආසාත්මිකතා ඇති කරයි. එසේම මීයන් සහ කැරපොත්තන් බැහැර කරන ක්ෂුද්‍ර අපද්‍රව්‍යද ඇදුම උත්සන්න කිරීමට හේතුවෙයි.

දූවිලි ක්ෂුද්‍රජීවීන්

මෙම ක්ෂුද්‍රජීවීන් නිසාද පරාග සහ පුස් වලදී මෙන් ආසාත්මික රෝග ලක්ෂණ ඇතිවේ. මේවායින් සම්පූර්ණයෙන්ම වැළකීම අපහසු වුවත් යම් පමණකට ප්‍රවේසම් වීම තුළින් පසුකාලීනව ඇතිවන ආසාත්මික රෝග ලක්ෂණ අඩුකර ගත හැකියි.

ඉවත් කිරීම

බොහෝ ගෘහස්ථ වායු දූෂක කාරක පියවි ඇසට නොපෙනෙන නිසා පිරිසිදුකිරීම අසීරුය. සහතික කළ වායු පිරිසිදුකාරක ( Air cleaners) මගින් ආසාත්මික අංශු සියයට 75 ක් පමණ ඉවත්කළ හැකිය. නිර්දේශිත වායු පෙරහන් ( air filters) වැකුම් ක්ලීනර්ස්, සහ පිරිසිදු ඇඳ ඇතිරිලි භාවිතයෙන් වායු දූෂණය බොහෝ දුරට අඩුකරගත හැකියි.

(https://bestlifeonline.com/ ඇසුරෙන්)

සුනිල් අල්ගම

 

TAGGED: AAFA, Air cleaners, air filters), dust, Volatile organic compounds
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?