නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තුන්දෙනාගේ භාෂාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තුන්දෙනාගේ භාෂාව

Published November 20, 2023

භාෂාවක් වුණත් කාලයක් තුළ ව්‍යවහාර නොවුනොත් එය අනාගතයේදී මළ භාෂාවක් බවට පත් වීම සාමාන්‍යයයි. ඉංග්‍රිසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් වුණත් අනාගතයේදී චීන ජාතිකයන්ගේ මැන්ඩරින් භාෂාව ලෝකයේ වැඩිම පිරිසක් ව්‍යවහාර වන භාෂාවක් බවට පත් වෙන බැව් දැන් පිළිගත් සත්‍යක් බවට පත් වී තිබෙනවා. ඒ අතරට ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, අරාබි, හින්දි, බෙංගාලි, පෘතුගීසි, රුසියන් සහ ජපන් යන භාෂාවන් ලෝකයේ වැඩියෙන් ව්‍යවහාර භාෂා ලැයිස්තුවට ඇතුළත් වෙනවා. දැනට ඇති දත්ත අනුව ලෝකයේ භාවිත කරන භාෂාවන් සංඛ්‍යාව 7000 කට අධික වුණත් මෙම භාෂාවන් කාලය සමග මළ හෙවත් ව්‍යවහාර නොකරන භාෂාවන් බවට පත් වෙනවා. ඒ වගේම මෙම භාෂාවන් 7000 අතරිනුත් දැනට ව්‍යවහාර භාෂාවන් ඇත්තේ 2000 ක් පමණ සංඛ්‍යාවක්.

මළ භාෂාවන් ගණන

මළ භාෂාවන් අලලා 2004 වසරේදී සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා. ඔවුන්ගේ හඳුනා ගැනීමට අනුව දැනට ලෝකයේ ව්‍යවහාරයෙන් බැහැර වුණ මළ භාෂාවන් සංඛ්‍යාව 576 ක් පමණ වෙනවා. මේ 576 අතරට ආසියානු භාෂාවන් 106 ක්, උතුරු ඇමරිකානු භාෂා 109 ක්, යුරෝපා භාෂා 120 ක්, දකුණු ඇමරිකානු භාෂා 178 ක් ඇතුළත් වෙනවා. අවසාන වරට මළ භාෂා ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන්නේ කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියාවේ “නොවාක්” භාෂා පවුලට අයත් “නුවා නුල්ත්” භාෂාවයි. මෙම භාෂාව කතා කළ අන්තිම පුරුක 2016 වසරේ පෙබරවාරි මාසයේදී මිය යෑමත් සමග නුවා නුල්ත් භාෂාවත් මළ භාෂා ලැයිස්තුවට ඇතුළත් වුණා.

බාදේසි භාෂාව වේගයෙන් පහළට

යුනෙස්කෝ සංවිධානය සඳහන් කරන අන්දමට අද වෙන විට ව්‍යවහාර නොවුණත් පැරණි පරම්පරාව පමණක් ව්‍යවහාර කරනු ලබන භාෂාවන් 522 ක් පමණ තිබෙනවා. ඉන්දු ඉරාන භාෂාවක් වන “බාදේසි” භාෂාව ව්‍යවහාර කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් පහළ යමින් පවතිනවා. 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දැනට බාදේසි භෂාව කතා කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව තුනකට සීමා වී තිබෙනවා.

භාෂාව පිළිබඳව පර්යේෂකයෙකු ලෙසින් මොහමඩ් සමන් සාගර් 2007 වසර්දී වසර දෙකක් පුරා උතුරු පකිස්ථානයේ බිස්රම් නිම්නයේ මේ පිළිබඳව අධ්‍යයනයක නිරත වුණා. පාකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන නිම්නයේ පිහිටි මෙම ගම්මානය ඉතා දුෂ්කර ප්‍රදේශයක්. මොහමඩ් සාගර් විසින් ආරම්භ කරන ලද අධ්‍යයනය සඳහා 2017 වස අග භාගයේදී තවත් වාග් විද්‍යාඥයෙකු වන සුපයිර් ටෝන්වාලි සම්බන්ධ වුණා.

ඔවුන්ගේ අධ්‍යයනය 2018 වසරේදී අවසාන කළ අතර මේ පර්යේෂකයන්ගේ දත්ත අනුව ඔවුන්ට බාදේසි භාෂාව ව්‍යවහාර කරන පුද්ගලයන් තුන් දෙනෙක් හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් මෙම පුද්ගලයන් තිදෙනාත් දැනට වයස අවුරුදු 70 ඉක්මවා ගිය වියපත් උදවිය වන අතර ඔවුන්ගේ දරුවන්වත් බාදේසි භාෂව කතා කරන්නේ නැහැ. මෙය සංචාරක ප්‍රදේශයක් වන අතර පදිංචිකරුවන් “පාෂ්ටෝ” භාෂාව ව්‍යවහාර කිරීමට පුරුදු වී සිටිනවා.

අතීතයේදී බාදේසි භාෂාව ව්‍යවහාර වීම

අද වෙන විට මේ අන්දමින් මළ භාෂාවක් ඉදිරියේ සිටියත් අතීතයේදී බාදේසි භාෂාව මෙම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පැවැතුනා.

( B.B.C ‍ ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: badesi, dead language, language, unesko
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?