නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔබත් FB ඇබ්බැහිද ඔබම තක්සේරු කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔබත් FB ඇබ්බැහිද ඔබම තක්සේරු කරන්න

Published November 13, 2023

සමාජ මාධ්‍ය ජාලා වෙනුවෙන් අද හැම දෙනෙක්ම ඇබ්බැහි වෙලා කියන චෝදනාව හැම තැනින්ම නැගෙනවා. මෙය තරුණ කණ්ඩායම්වලට සීමාවෙලා නැහැ. පවුලක අඹු සැමියන් අතර පවා “ෆේස් බුක්” සමාජජාලා නිසා විවිධ අරගල ඇතිවෙනවා. නමුත් මේ ඇබ්බැහි වීමේ ලක්ෂණ ගැන ඔබ දන්නවාද? නෝර්වේ හි බර්ජින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යනයකට අනුව සමාජමාධ්‍ය ජාලා වෙනුවෙන් ඇබ්බැහි පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ කීපයක් සඳහන් කරනවා.

Cecilie Schou Andreassen ප්‍රධානත්වයෙන් සිදුකරන ලද මෙම අධ්‍යනය සඳහා කාන්තාවන් 227 දෙනෙක් සහ පිරිමින් 196 දෙනෙක් සම්බන්ධ කර ගත්තා.

ෆේස් බුක් වෙනුවෙන් ගතකරන කාලය..

දවසේ වැඩ කටයුතු තිබියදී ඒවා අතපසු කරමින් අසීමිත කාලයක් ෆේස් බුක් සමග ගතකිරීම සමහර පුද්ගලයන් ආහාර ගන්නා විට, නිදා ගන්නා විට, විතරක් නොවේ වැසිකිළියේදී පවා මේ ගනුදෙනුව නවත්වන්නේ නැහැ. දවසේ වැඩි වේලාවක් “ෆේස්බුක්” ස්ක්‍රෝල් කරනවා නම් එය ඇබ්බැහියේ ලක්ෂණයක්.

කමෙන්ට් ගැන කනස්සල්ල

යම් තොරතුරක් “ෆේස් බුක්” වෙත මුදා හරින ලද වේලාවේ පටන් ඒ ගැන කනස්සල්ලෙන් පසුවන අයත් සිටිනවා. තමන්ට ලැබෙන ඉමෝජි ගැනම ලතැවෙනවා. ඒ අතර කමෙන්ට් වලින්ම වාදබේද ගොඩ නගාගන්නවා. තමන්ගේ ස්ටේටස්වලට ලැබෙන ප්‍රතිචාර ගැන පමණට වඩා හිතනවා නම් එතැන ඇත්තේ ඇබ්බැහි වීමක්.

වැඩ කටයුතුවලට බාධාවක් නම්

ලැබෙන හැම වෙලාවකම “ෆේස් බුක්” යන්න ඔබ හිතනවා. කොටින්ම විනාඩි පහ, දහය වුණත් අපතේ නොහැර ෆේස්බුක් ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. කාන්තාවකට නම් ළිපේ තිබෙන ව්‍යංජනය රොස් වෙන්න පුළුවන්. පිරිමියෙකුට නම් තමන්ගේ හෙට දවස වෙනුවෙන් සැළසුම් කළයුතු වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් තමන්ගේ ජීවිතයේ කටයුතු ෆේස්බුක් නිසා අතපසු හෝ බාධාවක් ඇති වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඇබ්බැහි වී තිබෙන බව කිව යුතුයි.

ජංගම දුරකථනය නැති වුණොත්

හදිසියේ හෝ ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණොත් එහෙම නැත්නම් බැටරි බලය අඩුවුණොත් ඒ වගේ වෙලාවට ලෝකයම නැතිවුණා වගේ හැගීමක් ඇතිවෙනවා නම් එතැන තියෙන්නේ ඇබ්බැහියක්.

නිදි රටාවට බලපානවා

සමහර විට “ෆේස්බුක් ” සමග ගනුදෙනු කරමින් නිදි වර්ජිතව සිටිනවා නම් සැබැවින්ම ඔබත් නොදැනීම ඊට ඇබ්බැහි වී අවසානයි.

සමාජ සම්බන්ධතාවයන් සෘජු ලෙසින් ගොඩනැගෙන විට

අප විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ගොඩනගා ගන්නා සමාජ සම්බන්ධතාවන් නිසා ආතතිය, කනස්සල්ල, සාංකාව වැනි සෘණාත්මක සිතුවිලි ගොඩනැගුනත් සෘජු ලෙසින් ගොඩනගා ගන්නා සමාජ සම්බන්ධතාවන් නිසා ඉහත දැක්වූ අන්දමේ මානසික ගැටුම් ඇති නොවන බවත් මේ අධ්‍යයනය ආශ්‍රිත සිදුකරන ලද පසුවදනක සඳහන් වෙනවා.

ටර්ෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොනල්ඩ් ඩබ් පීස් විසින් “LiveScience” වෙත අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ අපි සෘජු සමාජ සම්බන්ධතාවන් ගොඩනගා ගන්නා විට ඉතා සමීප මානව සම්බන්ධතාවන් ඇතිවනවා.

අදහස් හුවමාරු වීම නිසා එකිනෙකා අතර අවබෝධයක් ගොඩ නැගෙනවා. ජීවිතයේ හුදෙකලා බව මග හැරෙනවා. එහෙම නම් සමාජ මාධ්‍යජාලා සමග ඔබ ඇබ්බැහි වී තිබෙනවාදැයි ස්වයං තක්සේරුවක් ඔබටම ලබාගත හැකියි. එතැනින් නවතින්නත් එපා. සමාජ සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමේදී මුහුණට මුහුණ දී කතා බහ කිරීමෙන් ලැබෙන වාසි අමතක කරන්නත් එපා.

LiveScience ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Cecilie Schou Andreassen, FB
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?