නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විනාඩි විස්සක් කිටි කිටියේ වැලඳගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විනාඩි විස්සක් කිටි කිටියේ වැලඳගන්න

Published November 13, 2023

උණුසුම් වැළඳ ගැනීමක් කී විට අපේ සිතට ඇති වෙන්නේ දැඩි ආදරයෙන් බැඳී සිටින ප්‍රේමවන්තයන් පිළිබඳ චිත්ත රූපයක්. මවගේ සෙනෙහස ලබන දරු පැටියාගේ පටන් බාල, තරුණ, මහළු කා අතරත් වැළඳ ගැනීම් සිදු වෙනවා. අද තරුණ පරම්පරාව අතර වැළඳැනීමෙන් ඔවුනොවුන් අතර හිතවත්කම පෙන්වීම සුලබව සිදු වෙනවා. කොවිඩ් කාලයේදී මෙම වැළඳ ගැනීම් වෙනුවෙන් තහංචි පනවා තිබුණත් නැවතත් එවැනි ආදරණීය වැළඳ ගැනීමකට බාධාවක් නැහැ.

මේ අන්දමට මගතොට හමුවෙන හිතමිතුරන් වැළඳගෙන පිළිගන්නා දර්ශන දැන් ඔබටත් හොඳින් හුරු පුරුදු ඇති. එකම පවුලක සාමාජිකයන් වුණත් ඔවුනොවුන් අතර වැළඳ ගැනීමක් සිදු වෙනවා නම් කැමැත්තක් දක්වනවා. සතුන් පවා මේ අන්දමින් තමන්ගේ හාම්පුතුන් විසින් ඔවුන් වැළඳගැනීමට ප්‍රිය කරනවා. මෙම වැළඳගැනීම නිසා අපේ හිත සන්සුන් වෙනවා. ඒ වගේම මානසිකව යම් සහනයක් ඇති වෙනවා. මෙවැනි අවස්ථාවකදී අපේ සිරුරෙන් ඔක්සිටොක්සින් හෝර්මෝනය නිදහස් කරනවා. මේ හෝර්මෝනය නිදහස් වීම අපේ සතුටට හේතුවක් වන නිසාම බොහෝ අය මේ අවස්ථාව අපේ සතුටු හෝර්මෝන නිදහස් කිරීමක් ලෙස සලකනවා.

විද්‍යාත්මකව සම්බන්ධයි

උණුසුම් වැළඳ ගැනීමකදී අපේ සිරුරෙන් ඔක්සිටොක්සින් හෝර්මෝනය නිදහස් කිරීම නිසා විශාල වාසි රැසක් ලැබෙනවා. මුදලින් හෝ ලබා ගත නොහැකි මේ වාසි ගැන විද්‍යාත්මක අධ්‍යයනයන් පවා සිදු වී තිබෙනවා. විනාඩි 20 ක වැළඳ ගැනීම මුල් කරගෙන ග්‍රේචන් රොබින් විසින් සිදු කරන ලද The Happiness Project වාර්තාව Why Happiness is a Warm Hug ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වේදනාව සහ මානසික වෙහෙස අඩු වීම

විනාඩි 20 ක කාලයක් තුළ එකිනෙකා අතර සිදු වෙන වැළඳ ගැනීමකින් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා. මුලින්ම සඳහන් කරනවා නම් මේ අන්දමින් වැළඳ ගැනීම නිසා ආදරයේ හෝර්මෝනය හෙවත් ඔක්සිටොක්සින් මටට්ම ඉහළ යෑමක් සිදු වෙනවා. මෙය ඉහළ යෑම නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කීපයක් ගැනත් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

කෝටිසෝල් මට්ටම පහළ බැසීම නිසා අධි රුධිර පීඩනය අඩු වීම

හෘද ගැස්ම යහපත් වීම

සිත සතුටු ඇති වීම

මානසික වෙහෙසකර බව අඩු වීම

තුවාල සුව වීම

මිනිස් සම්බන්ධතාවයන් ශක්තිමත් වීම


ඒ වගේම තවත් අපූරු අදහසක් පර්යේෂකයන් විසින් සඳහන් කරනවා. ඔබේ හිතේ යම් සංකුලතාවයක් නිසා මානසිකව වෙහෙසකර බවකින් පසුවෙනවා නම් ඝණකම් සහිත පොරවන ඇතිරිල්ලක් පාවිච්චි කරන්න. එයින් ලැබෙන උත්තේජනය නිසා සුවදායක නින්දක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ තත්ත්වය විනාඩි 20 ක වැළඳ ගැනීමට පර්යේෂකයන් සමාන කරනවා. මෙම වාර්තාවන් Journal of Sleep Medicine & Disorders මගින් ප්‍රකාශයටත් පත් කර තිබෙනවා.

ප්‍රතිශක්තිය ඇති වීම

වැළඳ ගැනීම සහ මානව ප්‍රතිශක්තිය අතර ඇති අන්තර් සම්බන්ධතාවයන් මුල් කරගෙනත් අධ්‍යයනයන් සිදු වී තිබෙනවා. 2014 වසරේ මේ ගැන කැනජින් මෙලන් විශ්වවිද්‍යාලය මගින් අධ්‍යයනයක් සිදු කළා. නීරෝගී පුද්ගලයන් 400 ක් තෝරාගෙන සති දෙකක් පුරා හැකිතරම් වැළඳ ගැනීම් වෙනුවෙන් යොමු වීමට උපදෙස් ලබා දුන්නා. සති දෙක අවසානයේදී මේ පුද්ගලයන් සෙම්ප්‍රතිශ්‍යාව වෛරසයට නිරාවරණය කළා.

එහිදී හඳුනා ගත් අන්දමට මෙම දෙසතියක කාලයේදී සතුටු සිතින් වැළඳ ගැනීම් වෙත යොමු වුණ කණ්ඩායම වැළඳ ගැනීම්වලට යොමු නොවුණ කණ්ඩායමට වඩා සෙම්ප්‍රතිශ්‍යාව වෛරසයෙන් ආරක්ෂාව ලබා ගැනීමට සමත් වුණා. එකිනෙකා සෙනහසින් වැළඳ ගැනීම ශරීර ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමේදී විශාල පිටුවහලක් බැව් මෙහිදී තහවුරු වී තිබෙනවා.

සෙරොටොනින් (Serotonin) හෝර්මෝනය

අපේ සිතේ සතුට ඇති වීමට නම් ස්නායු සම්ප්‍රේෂණය වැදගත් මෙහෙයක් ඉටු කරනවා. වැළඳ ගැනීමකදී Serotonin හෝරමෝන මට්ටම ඉහළ යෑමත් සමග අපේ හිතේ සතුට, සන්සුන්බව ඇති වෙනවා. මනස නිදහස් වීම නිසා සුවදායක නින්දක් ලැබෙනවා.

ඔබ සුරක්ෂිතයි

මිනිසුන් ලෙසින් අපට හුදෙකලාව ජීවත්වීම අපහසුයි. අපට හිතවත්, අපට ආදරය දක්වන, හදවතින්ම සමීප කුඩා කණ්ඩායමක් හෝ සිටිනවා යන ආත්ම විශ්වාසය සැබැවින්ම ශක්තියක්. ඒ නිසාම පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය ගොඩනැගෙනවා. ආත්මශක්තියක් නොමැති වීම සමාජයේ ජීවත් වීමට විශාල ගැටලුවක්. තමන් හුදෙකලා වීමේ මානසික පසුබෑම නිසා නිතරම ආතතියෙන් පසුවෙනවා. අද බොහෝ උදවිය තමන්ටම සීමා වී ජීවත් වෙනවා. සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට කැමැත්තක් දක්වන්නේම නැහැ. එවැනි අයට මේ අන්දමින් වැළඳ ගැනීම සුවිශේෂී ශක්තියක් බවත් ග්‍රේචන් රොබින් සඳහන් කරනවා.

( https://bemorewithless.com ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: lifestyle, Medicine, Serotonin, The Happiness Project, Warm Hug
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?