නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තායිලන්තයට විශේෂ වූ උස බොන්සායි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තායිලන්තයට විශේෂ වූ උස බොන්සායි

Published November 6, 2023

14 වන කොටස

බොන්සායි කලාව තුළ මනා ලෙස හපන්කම් දැක්වීමට තායිලන්තයට හැකි වී තිබේ. ඔවුන් මෙම කලාවෙහි ඇති හරය තේරුම් ගනිමින් එය ඉතා හොඳින් අධීක්ෂණය කොට කලාව තුළ නියැලෙමින් සිටී. එමෙන්ම ජපන් හා චීන සම්ප්‍රදායෙන් ඔබ්බට කලාව නිර්මාණය කරලීමට ඔවුනට හැකි විය. විවිධ වෙනස්කම් වලට බොන්සායි කලාව නැඹුරු කරලීම ඔවුන්ගේ එකම අරමුණ වූ අතර කෙමෙන් ඔවුන් එය ඉලක්කය කරා ගෙනයාමට කටයුතු කළහ. මේ වනවිට ජපානය හා චීනයට වඩා විශාල වෙනස්කමකින් යුතුව ඔවුන් නිර්මාණයන් සිදුකරයි.

සෑම විටකම බොන්සායි කලාව තුළ වෙනස්කම් සෙවූ මොවුන් කාලය ගතවීමත් සමගම ඒ වෙනස්කම් සියල්ලටම පණ දීමට කටයුතු යෙදූහ. විශාල ප්‍රමාණයේ ශාකයන් යොදා ගනිමින් ඉතා විශාල වු නිසා නිර්මාණ සහ සම්මත බොන්සායි හැඩයන්ගෙන් සහ සම්මත බොන්සායි නීති බැහැරව නිර්මාණය සිදුකරලීම යන කරුණු මූලික කොටගෙන නිර්මාණයන් සිදු කරලීමට ඔවුන් උත්සාහ දැරීය. ඒ වගේම පැල තෝරා ගැනීම සහ බොන්සායි ශාකය සඳහා බදුනක් තෝරා ගැනීම යන කරුණු පිළිබඳව ඔවුන් සැලකිලිමත් විය. මොවුන්ගේ නිර්මාණ සමස්තයක් වශයෙන් ගතහොත් ඒවායින් වැඩි වශයෙන්ම ඇත්තේ ත්‍රිත්ව කඳන් ( Triple Trunk ) හැඩයට නිර්මාණය කෙරු ශාකයන්ය.

අනෙකුත් හැඩයන් සියල්ලට සහ එයින් එහාට විහිදී ගිය නිදහස් හැඩයන්ට ( Free Style ) නිර්මාණයන් සිදු කෙරුවද ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූයේ ත්‍රිත්ව කඳන් සහිත සහ කඳන් වැඩි ප්‍රමාණයකින් සමන්විත නිර්මාණ සිදු කරලීමටය. බොන්සායි කලාව උපන් සහ ව්‍යාප්ත වූ රටවල්වල වාගේම මොවුන්ද මෙම කලාව හැදෑරීමට කටයුතු කළේ මීට වසර සිය ගණනකට පෙරය. එදා සිට අද දක්වා තායිලන්තයේ නිර්මාණය වූ නිර්මාණ දෙස බැලූ විට එහි දියුණුව සහ කලාව තුළ සිදුවී ඇති වෙනස්කම් සියල්ල එය ඉගෙනීමේ දී අපට පැහැදිලි වේ.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් නිසාවෙන් බොන්සායි කිරීමට සුදුසු ශාක ඇති තරමින් අප අවට පරිසරයෙන්ම ලබාගත හැකිය. තායිලන්ත නිර්මාණකරුවන්ටද මේ අවස්ථාව එලෙසින්ම ලැබීම ඔවුන් ලැබූ භාග්‍යයක් ලෙස හැඳින්වීමට පුළුවන්. යම් කැලෑවක් තුළින් සහ ගංගා ආශ්‍රිතව ඇළ මාර්ග තුළ වැඩී ඇති ශාක මොවුන් නිර්මාණයන් සඳහා බහුලව යොදා ගනී.

එයිනුත් විශාල ශාකයන් සඳහා මොවුන් ප්‍රධාන තැනක් හිමිකර දී තිබේ. සිදු කෙරෙන නිර්මාණයන් තුළ එයට අනුකූල වූ අංගයන් ඇතුළත් කරමින් මනා අවබෝධයකින් යුතුව විශාල ශාකයක් නිර්මාණය කරලීමට ඔවුන්ට කටයුතු සූදානම් කර තිබෙන අතර එය විශාල නිසාවෙන් එය නඩත්තුව සහ එය හැසිරවීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ.

බොහෝ විට මෙම විශාල ශාකයන් එහා මෙහා ගෙන යාමට සහ එහා මෙහා හැරවීම සඳහා මොවුන් නවීන යන්ත්‍රෝපකරණ යොදාගනී. එහි ආධාරයෙන් මේ විශාල බොන්සායි ස්ථානගත කිරීම ද මොවුන් මෙය සිදුකරනු ලබන්නේ ඉමහත් කැමැත්තකින් සහ උනන්දුවකිනි.

අතු කප්පාදුව සහ කොළ කප්පාදුව සිදු කිරීමේදී ඉණිමඟක් ආධාරයෙන් එම කාර්යය සිදු කිරීමද පුදුමය දනවන කරුණකි. සාමාන්‍ය වශයෙන් විශාල බොන්සායි නිර්මාණයක් නිර්මාණය කිරීම මූලාරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම ඒ සඳහා එක් පුද්ගලයකුට වැඩි පිරිසක් දායක කර ගනියි.

ඔවුන්ට නිර්මාණය කරලීමට ඇති පහසුව නිසා වැඩි පිරිසක් සහභාගී කර ගත්තද ඒ සියලු දෙනා බොන්සායි කලාව ක්‍රමානුකූල ලෙස උගත් ඉතා ඉවසීමකින් යුතු කලාත්මක ඇසක් ඇති අයවලුන් වේ.

බොන්සායි කලාව තුළ වැඩි වශයෙන් අප දැක තිබෙන්නේ තනි පුද්ගලයකු විසින් සිදු කරන ලද නිර්මාණයන්ය. එයට හාත්පසින් වෙනස් ක්‍රමයක් යොදා ගැනීමද මොවුන්ගේ විශේෂත්වයකි. ඒ කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී බොන්සායි කලාව තුළ නියැලීමයි. ඒ ආකාරයට කුඩා වශයෙන් සහ පුළුල් ලෙස විහිදුණු විශාල කණ්ඩායම් ඔවුන් සතුය.

මෑත කාලය වන විට දී තායිලන්තයේ බොන්සායි නිර්මාණකරුවන් සියලුම දෙනා ආවරණය වන පරිදි ඔවුන්ගේ ප්‍රධානීන් විසින් “තායිලන්ත බොන්සායි සංගමය” (Thailand Bonsai Association) නමින් විශාල සංවිධානයක් පිහිටවනු ලැබීය. මෙම සංවිධානය මගින් වාර්ෂිකව බොන්සායි ප්‍රදර්ශනයක් පවත්වනවා වාගේම සෑම මසකට වරක්ම හැකි සියලු දෙනා සහභාගි වී බොන්සායි කලාව තුළ ඇති ගැටලු සහ කලාවේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කරනු ලබයි.

ඒ වගේම සෑම මසකම හොඳම නිර්මාණකරුවන් සඳහා සහතිකපත්, පදක්කම්, කුසලාන පිරිනැමීමට මොවුන් පුරුදු වී සිටී. මීට වසර කිහිපයකට පෙර තායිලන්ත බොන්සායි සංගමයේ තීරණය මත විදේශ රටවල සිටින සාර්ථක බොන්සායි කරුවන් උදෙසා සාමාජිකත්වය ඔවුන්ගේ සංවිධානය තුළම ලබා දීමට මොවුන් කටයුතු කළ අතර විශාල නිර්මාණ කරුවන් පිරිසක් ඒ හා සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව නියෝජනය කර ගෙන මා හටද එම සාමාජිකත්වයම ඔවුන් ලබාදුන් බව ඉතා සතුටින් කිව යුතුය. තායිලන්තය තුළ වෙසෙන බොන්සායි කලාව තුළද අනෙකුත් රටවල වාගේම බොන්සායි සඳහා යොදාගනු ලබන ආයුධ යොදා ගත්තද තරමින් විශාල ලෙස නිපදවූ ආයුධ ඔවුන් භාවිත කරනු ලබය. තවද මොවුන්ගේ කලාව තුළ නව ක්‍රමයන් අනුගමනය කිරීම විශේෂත්වයකි.

ඉක්මනින් මුල් අද්දවා ගැනීමට ක්‍රමෝපායන් යෙදීම, වැඩි වශයෙන් අතු මුල් අද්දවා ගැනීම මගින් ක්ෂණිකව නිර්මාණය සිදු කිරීම, බොන්සායි කලාව ව්‍යාප්තිය සඳහා නව ක්‍රමයන් යෙදීම, නිර්මාණය සිදු කර ඇති බොන්සායි බඳුන එයට වඩා විශාල බඳුනක හිඳුවා ශාකයේ වර්ධනය වේගවත් කිරීම, පස් මාධ්‍යය ශාකයෙන් ශාකයට උචිත ආකාරයෙන් වෙන් වෙන් වශයෙන් සකසා ගැනීම යන කරුණු කිහිපයකි.

බොන්සායි බඳුන කෙරෙහි ඔවුන් විශේෂ සැලකිල්ලක් දැක්වුවද ජපන්, චීන ජාතිකයින් අතින් නිර්මාණය වන බොන්සායි බඳුන් තරමටම අලංකාර බඳුන් නිර්මාණය නොවේ. අලංකාරත්වයට වැඩියෙන් ඔවුන් සැලකිල්ලක් දක්වන්නේ ශක්තිමත්භාවය පිළිබඳවය.

නිර්මාණ සිදු කිරීමේදී එකවර ශාක කිහිපයක් සැකසීම ඔවුන්ගේ තවත් එක් විශේෂයකි. තනි තනිව නිර්මාණයේ යෙදීම ඉතාමත් දුලබව දක්නට ලැබෙන අතර හාත්පසින්ම බොන්සායි කලාව තුළ වෙනස්ම ආකාරයේ ක්‍රමයන්ට අනුකූලව ඔවුන්ගේම ආරයකට නිර්මාණයන් බිහි වේ. විශාල සහ වෙනස් ආරයේ බොන්සායි නිර්මාණයක් නිර්මාණය කිරීමට කැමති ඔබට තායිලන්ත බොන්සායි ක්‍රමය මනා පිටුවහලක් වේ.

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා



 

TAGGED: bonsai, Free Style, japan, Plants, Thailand Bonsai Association
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?