නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු දෙක තුනකින් තරුණ වෙන්න එක් රැයක් හරියට නිදාගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අවුරුදු දෙක තුනකින් තරුණ වෙන්න එක් රැයක් හරියට නිදාගන්න

Published November 6, 2023

සුල්රිච් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කියයි

දවස අවසානයේදී සුවදායක නින්දක් නොලැබුණොත් ඔබට උදා වෙන දවසත් බොහොම වෙහෙසකාරී විය හැකියි. ඔබ එක් රැයක් නිදි වර්ජිතව සිටියොත් මොළයේ ඇති වෙන ආතතිය ඔබව වසර දෙක තුනකින් වයසට යෑමකට සමාන බැව් පෙන්වා දෙනවා.

සුල්රිච් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනය වෙනුවෙන් වයස අවුරුදු 25 ට වැඩි පුද්ගලයන් 134 දෙනෙකු තෝරා ගත්තා. නින්දක් නොලබා සිටි සහ සුවදායක නින්දක් ලබා සිටි පුද්ගලයින්ගේ MRI ස්කෑන් පරීක්ෂණ වාර්තාවන් වෙන් වෙන්වම ලබා ගත්තා. නින්ද නැති රාත්‍රියේදී මොළය දැඩි සේ ආතතියට පත්ව ඇති බැව් ඔවුන්ට පෙනී ගියා. ඒ බලපෑම පුද්ගලයෙක් ජීව විද්‍යාත්මක ලෙසින් වසරක් දෙකක් වියපත් වීමට සමාන බැව් මෙම පර්යේෂකයන් සඳහන් කරනවා. ඒ වගේම නින්දක් නොමැතිව ඔබ පහන් කරන සෑම රැයක් නිසාම ඇති විය හැකි සංකුලතාවයන් ගැනත් දැන ගැනීම වැදගත්.

නින්ද සෞඛ්‍යට ඇති කරන බලපෑම

රාත්‍රී නින්ද මොළය නිරෝගී ලෙසින් පවත්වා ගැනීමට බෙහෙවින් හිතකර සාධකයක්. රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ අපි අවදිව සිටින විට සිදු වෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින් නිපදවන විෂ ප්‍රෝටීන සංයෝග මොළයෙන් පිරිපහදු කිරීමට නම් නින්ද අවශ්‍ය සාධකයක් බවයි. මෙම විෂ ප්‍රෝටීන සංයෝගයන් මොළයෙන් ඉවත් නොවුණහොත් මොළයේ සමතුලිතබව බිඳ වැටීම ඔබේ ජීවිතයට කරන බලපෑම බෙහෙවින් අහිතකරයි.

නින්ද නිසි පරිදි නොලැබීම නිදන්ගත රෝග වැළඳීමට තිබෙන හැකියාව ඉහළයි. සුවදායක පරිදි නින්ද නොලැබෙන විට ඇති වෙන සෞඛ්‍ය ගැටලු බොහොම මාරාන්තිකයි. හෘද රෝග සංකුලතාවයන්, දෙවැනි වර්ගයේ දියවැඩියාව, තරබාරුව සහ ආඝාත වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඉතාම ඉහළයි.

නින්ද නොලබන විට සිරුර විසින් නිදහස් කරන කෝටිසෝල් වැනි වෙහෙසකර හෝර්මෝන නිසා ප්‍රතිශක්තිය දුර්වල වී සමේ කොලැජන් සංයුතිය බිඳ වැටීමෙන් සමේ සිනිඳු බව සහ නම්‍යශීලිත්වය නොමැති විම නිසා වයසට වඩා වියපත් බවක් ඇති කරයි. එපමණක් නොව පිරිමින්ගේ testosterone හෝර්මෝන මට්ටමට ඇති වෙන බලපෑම නිසා ශුක්‍රාණු ගිණුමේ සක්‍රීයත්වයටත් ප්‍රබල ලෙසින් බලපෑම් ඇති වෙනවා.

අමතර ආහාර අවශ්‍යතාවයක් ඇති වීම

නින්ද නොයන රාත්‍රියට බඩගින්න දැනෙන අතර ආහාර සඳහා ඇති වෙන ඉල්ලුම ඉහළයි. මේ වගේ වෙලාවට මොනයම් හෝ ආහාරයට ගෙන නැවතත් ඇඳට යෑම නිසා මේවා දහනය සඳහා අවස්ථාවක් නැහැ. මේද ගබඩා වීමේ ප්‍රවණතාවය නිසා තරබාරුවට ඇතිවේ. නින්ද පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට නින්දනෙන් ඇතිවන ගැටලුවලින් පීඩාවට පත් අයට වඩා සුවදායක නින්දක් ලබන පුද්ගලයන් තරබාරුවට ගොදුරු වීමේ අවදානම අඩුයි.

නින්ද අවශ්‍ය පැය ගණන

බොහෝ දෙනෙක් දිනකට පැය 7 සිට 9 අතර වේලාවක් නින්දක් අපේක්ෂා කරන අතර ඇමරිකාවේ ජාතික නින්ද පිළිබඳ පදනම සඳහන් කරන අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ සේවක පිරිස් දිනකට පැය හයකටත් අඩුවෙන් ලබන නින්ද නිසා අද එරට ඵලදායිතාවය බෙහෙවින් පහළ ගොස් ඇති බව පෙන්වා දෙනවා.

නින්ද මිනිසාව නිරෝගීව තබන බවට වු තහවුරුවී අවසානයි. සුවදායක නින්දක් ලබන පුද්ගලයන්ගේ උද්වේග බුද්ධිය ( Emotional intelligence ) ඉතා යහපත් මට්ටමක පැවැති බව මෑතකාලින අධ්‍යයනයන් මගින් සනාථ වී තිබෙනවා. අපේම වැරදි ජීවන රටාවන් නින්දට බාධාවන් ඇති කරනවා. ඒ නිසා සුවදායක නින්දක් ලබා ගැනීමට නම් ඔබ විසින් අනුමනය කළ යුතු පුරුදු ගැනත් අමතකර කරන්න එපා.

නින්ද වෙනුවෙන් වූ නිද්‍රාජනක ඖෂධ ( Sleeping pills ) භාවිත නොකරන්න.

කැෆෙන් පාන වර්ග ආහාරයෙන් පසු නවත්වන්න.

නින්දට යෑමට ප්‍රථමව විද්‍යුත් උපාංග භාවිතය අවම කිරීම

නින්දට රටාවක්

අපේ සිරුරේ ජිව රිද්මය ක්‍රියාකරන්නේ යම්කිසි රටාවකට අනුවයි. මෙම රටාව නිසා දිවා කාලය මානව ක්‍රියාකාරකම් සඳහාත් රාත්‍රී කාලය විවේකය වෙනුවෙනුත් වෙන්ව පවතී. කාර්ය බහුල ඔබට ඇතැම්විට විවේකය වෙනුවෙන් කාලයක් එලැඹි තැන අනවශ්‍ය ලෙසින් නින්දට යාම පුරුදු නොවන්න. සාමාන්‍ය වේලාවටම අවදි වෙන්න. අද නිවාඩු දවසක් යන සංකල්පයේ සිට අනවශ්‍ය වේලාවක නින්දට යාමෙන් වළකින්න.

බාහිර පරිසරයේ බාධාවන් පාලනය කරන්න

මෙතෙක් කාලයක් ඔබට නින්ද නැති රාත්‍රීය බොහොම දිගු බවක් දැනෙන්න ඇති. ඒත් ඒ අහසුතාවයටත් වඩා නිදිවර්ජිත රැයකින් ඔබේ ජීවිතයට ඇති වෙන බලපෑම ගැනත් සිතන්න.

( www.sleepfoundation.org/ ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: hormones, MRI, Sleeping, testosterone, University of Sulrich
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?