නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ශිහාන් මිහිරංග,ජැක්සන් ඇන්තනි මුහුණෙන් මවාගෙන 1 MILLION + Views ගත්ත කෙල්ලෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ශිහාන් මිහිරංග,ජැක්සන් ඇන්තනි මුහුණෙන් මවාගෙන 1 MILLION + Views ගත්ත කෙල්ලෙක්

Published November 6, 2023

මේ ලෝකෙ මිනිස්සුන්ට විවිධාකාරයේ දක්ෂතා පිහිටලා තියෙනවා. සමහරුන්ට තියෙන දක්ෂතාවයන් ගැන අපිට හිතාගන්නවත් බෑ. ඒ තරමටම ඒ අයට තියෙන්නේ හරිම කලාතුරකින් කෙනෙකුට පිහිටන දක්ෂතාවක්. පසුගිය දවසක මුහුණු පොතේ සැරිසරද්දි අන්න එහෙම කලාතුරකින් කෙනෙක්ට පිහිටන දක්ෂතාවයක් ඇති ලස්සන ගෑනු ළමයෙක්ගෙ වීඩියෝ පට කිහිපයක් ඇහැ ගැටුණා.

අපේ රටේ කෙල්ලන්ගෙ සිහින කුමාරයා වෙච්චි ශිහාන් මිහිරංගගෙ රූපෙට තමන්ගෙ මුහුණින් පණ දෙන වීඩියෝ එකක් තමයි දැක්කෙ. කොටින්ම කිව්වොත් ඇය කරන්නෙ අපේ රටේ වගේම ලෝකෙ විවිධ රටවල ඉන්න ප්‍රසිද්ධ චරිත මේක්අප් භාවිතයෙන් තමන්ගෙ මුහුණට ආරූඪ කරගන්න එක. ඉතින් මෙවැනි දෙයක් වෙන රටවල දැකලා තිබුණට ලංකාවේ කෙනෙක් කරනවා දැකපු පළමු අවස්ථාව නිසා ඉක්මණින්ම අපි ඇයව සම්බන්ධ කරගත්තා. මේ ඇගේ අපූරු කතාව…

මුලින්ම කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…

මගේ නම රශ්මි භාග්‍යා රන්දුනු. වයස අවුරුදු 22 යි. මගෙ ගෙවල් මහනුවර. පවුලෙ අම්මා, අප්පච්චි, මල්ලි, නංගි ඉන්නෙ. මල්ලි, නංගි තවම පාසල් යනවා. මම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක්. මීට කලින් මම නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළා. මගේ අවසාන විභාග සහ අධ්‍යාපන කටයුතු නිසා නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු තාවකාලිකව නතර කළා.

කොහොමද මේ අපූරු වැඩේට අත ගැහුවෙ?

මම වේෂ නිරූපණය මගින් මුලින්ම වීඩියෝ එකක් කළේ මයිකල් ජැක්සන්ගෙ චරිතය. ඒ මීට අවුරුදු 3 කට කලින්. එතකොට මට අවුරුදු 19 යි. ටික්ටොක් ඔස්සේ තමයි ඒ ඉදිරිපත් කිරීම කළේ. ඒ ආශ්‍රිතව මගේ කැමැත්ත නිසා විවිධාකාරයේ නිර්මාණ ඉදිරිපත් කළා. ඒවට ප්‍රතිචාර විදිහට ගොඩක් අය කියලා තිබුණෙ ලංකාවෙ Celebrities ලා වේෂ නිරූපණය කරන්න කියලා. ඉතින් මම ගොඩක් නිර්මාණ කළා. පසුකාලීනව මගේ අධ්‍යාපන කටයුතු නිසා නිතරම එවැනි වීඩියෝ කරන්න මට කාලය තිබුණෙ නැහැ. මෑත කාලීනව මම කරපු ශිහාන් මිහිරංගගෙ වීඩියෝ එකනම් ගොඩක් වෛරල් වුණා.

වෙනත් කාගෙහරි මුහුණකත් වේෂ නිරූපණය කරන්න පුළුවන්ද?

ඔව්. නමුත් එකම ගැටලුව මේ චරිත වේශ නිරූපණය කරන්න නෝස් පොටි වගේ ගොඩක් දේවල් ඕනෙ. ඒවා ලංකාවේ හොයාගන්න අපහසුයි. නමුත් මම නංගිගෙ මුහුණෙන් මයිකල් ජැක්සන්ව වේශ නිරූපණය කරල තියෙනවා. ඒ වැඩේ සාර්ථකයි. උවමනා බඩු තියෙනවනම් ඕනම කෙනෙක්ගෙ වේශ නිරූපණය කරන්න මට පුළුවන්.

මොන මොන චරිතද මේ වෙද්දි නිරූපණය කරල තියෙන්නේ?

මම ලංකාවෙ පුද්ගලයන්ගෙන් මුලින්ම උත්සහ කළේ ශලනි තාරකා. ඒකට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සෙ ශනුද්‍රි ප්‍රියසාද්, දුශේනි මියුරංගි, ශිහාන් මිහිරංග වගේම ජැක්සන් ඇන්තනී මහත්මයා, ඉන්දීය නිළි ආලියා බාට් ඇතුළු තවත් කිහිප දෙනෙකුගේම මුහුණු මං වේෂ නිරූපණය කළා. ජැක්සන් ඇන්තනී මහත්මයගේ සහ ශිහාන් මිහිරංගගේ වේෂ නිරූපණය කරලා දාපු වීඩියෝ එක දවස් තුනක් ඇතුළත මිලියනයකට වැඩි පිරිසක් බලලා තිබුණා.

ඒක ඔයාගෙ විනෝදාංශයද?

ඔව් ඇත්තටම. මම හරිම ආසයි වගේම මේ හැකියාවට මම හරිම ආදරෙයි. නිදහස් වෙලාවක් ලැබුණොත් මම උත්සහ කරන්නෙම මේකප් වැඩ කරන්න.

මේ වැඩේට සෑහෙන මේක්අප් ප්‍රමාණයක් යනවා ඇතිනෙ. මාසෙකට කොච්චර මේක්අප් බඩු ගන්නවද?

ඇත්තටම මමත් අනිත් ගැහැණු ළමයි වගේම මේකප් බඩු වලට ගොඩක් ආස කෙනෙක්. කැමැත්ත නිසාම මං ඒ වෙනුවෙන් වියදම් කරනවා. මං ගාව මේකප් වර්ග එකතුවක් තියෙනවා. ඒවගෙන් තමයි මේ වැඩ කරන්නෙ.

කොහොමද මෙහෙම හැකියාවක් ඔයාට තියෙනව කියල දැනගත්තෙ?

ඒ දවස් වල ලංකාවෙ වේෂ නිරූපණය සම්බන්ධයෙන් ගොඩක් අය අවධානය යොමු කරලා තිබුණෙ නැහැ. පාසල් අධ්‍යාපනය ඉවර වෙලා ගෙදර හිටිය දවස් වල තමයි මේක පටන් ගත්තෙ. පිටරට ගොඩක් අය මේ වගේ දේවල් කරනවා. ඉතින් ඒ දේවල් බලලා මටත් වෙනසක් කරන්න හිතුණා. පටන්ගත්තු මුල් දවස් වල මං ගාව මේකප් වර්ග තිබුණෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ ටිකෙන් උපරිම උත්සහ කරලා තමයි පළවෙනි වීඩියෝ එක මම කරේ. මේ දේ ඉගෙනගත්තෙ තනියම.

ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාර ලොකු හයියක් වගේම ඒ වචන තුළින් හිතට ලොකු ශක්තියක් දැනෙනවා. එයාලා නිසාමයි මම තව තවත් නිර්මාණ කිරීමට පෙළඹෙන්නේ. මේකප් වලින් ඔබ්බට යමක් හිතුව නිසා සහ ලංකාවෙ කවුරුත් මීට කලින් මෙවැනි දෙයක් කරලා නැති නිසා ප්‍රතිචාර වැඩියි.

මෙච්චර කාලයක් කරපු වේෂ නිරූපණවලට කවුරුත් විවේචන එහෙම එල්ල කරල නැද්ද?

විවේචන තියෙනවා. මම කරන හැම නිර්මාණයක්ම 100 % ක් සාර්ථක නැහැනෙ. ඉතින් එයාලාට විවේචනය කරන්න පුළුවන්. ඒ ගැන මම කණගාටු වෙන්නෙ නැහැ. මට පුළුවන් දේ මම උපරිමයෙන් කරන්න උත්සහ කරනවා. ඔවුන් දකින්නෙ විනාඩියක පමණ කෙටි වීඩියෝවක් වුණත් මේ දේට පැය 2-3 ක් වගේ කාලයක වෙහෙසක් වෙනවා. පිටරට අයට වගේ මට පහසුකම් නැහැ සුපිරිම තත්ත්වයෙන් නිර්මාණ කරන්න.

 මොකද වේෂ නිරූපණයට ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා බොරු කොණ්ඩ, රැවුල්, පොටි, මුහුණට ආලේප කරන්න පුළුවන් ගම් වර්ග වැනි තවත් බොහෝ දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් මට ඒ දේවල් හොයාගන්න අපහසුයි. ඉතින් ඒ දේවල් එක්ක විවේචනයක් වුණත් මම සතුටින් ආදරයෙන් බාරගන්නවා.

එරංදි කෞශල්‍යා



 

TAGGED: Celebrities, Makeup, rashmi bagya, shihan mihiranga
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?