නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හමාස් ත්‍රස්තයන්ගෙන් ගමක් රැකගත් ඊශ්‍රායලේ රෝස කුසුම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හමාස් ත්‍රස්තයන්ගෙන් ගමක් රැකගත් ඊශ්‍රායලේ රෝස කුසුම

Published October 30, 2023

”යුද්ධය කොතරම් අත්‍යවශ්‍ය වුවත් එය කොහොම සාධාරණීකරණය කළත් යුද්ධය අපරාධයක් නොවන බවට කිසිවිටකත් සිතිය නොහැකියි. එසේ සිතෙනවා නම් ඒ පිළිබඳව පාබල හමුදාවෙන් හා මළවුන්ගෙන් අසා බලන්නි.” මෙය ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු කතුවරයකු වූ අර්නස්ට් හෙමිංවේ යුද්ධය සම්බන්ධයෙන් කියූ ප්‍රසිද්ධ කියමනකි. යුද්ධය කුමක් අරමුණු කරගෙන කුමන කණ්ඩායම් සමග පැවතුණත් එහි වින්දිතයන් වන්නේ සිවිල් වැසියන්යි. මේ වනවිට මෙයට බොහෝ උදාහරණ සැපයෙමින් තිබෙන්නේ ඊශ්‍රායල් – පලස්තීන යුද්ධයෙනි. පසුගිය සතියක ඊශ්‍රායලේ මුළු ගම්මානයක්ම හමාස් සටන්කාමීන්ගෙන් බේරාගත් තරුණ වීරවරියක් ගැන අපූරු පුවතක් ලොව පුරා පැතිරුණේ ලැව් ගින්නක් සේය. බොහෝ වෙලාවට අපිට මෙවැනි වීර කාන්තා චරිත දකින්නට. අහන්නට ලැබෙන්නෙ කතා පොතක, චිත්‍රපටියක වුවත් මෙය මේ මහපොළොවේ සිද්ධවුණු සත්‍ය සිදුවීමකි.

25 හැවිරිදි ඇය නමින් ඉන්බල් ලිබමන් ය. මෙම සිදුවීම සිදුවුණේ ගාසා තීරයේ ඊශ්‍රායල් දේශ සීමා අතර තිබෙන කිබුට්ස් ගම්මානයේයි. යුද්ධය ආරම්භ වූ දා පටන්ම පසුගිය ඔක්තෝබර් 07 වැනිදාත් හොඳ දවසක් වීමට ඇති ඉඩ ඉතාමත්ම සීමිත නිසා ඉන්බල් සිටියේ තමන්ගෙ ගම්මානය ගැන බොහොම අවදියෙනි. මෙසේ ඉන්න අතරෙ ඇයට ඇසුණේ පිපිරුම් හඬකි. නමුත් සාමාන්‍යයෙන් එල්ලවන රොකට් ප්‍රහාරයකට වඩා එම ශබ්දය හාත්පසින්ම වෙනස්යි.

ඒත් සමඟම එළියට බැස අවට විපරම් කළ ඉන්බල් දුටුවේ ආසන්න ගම්මානවලින් අහසට නිකුත් වන මහා ගිනි ජාලාවන්ය. ඒත් එක්කම තමන්ගෙ ගම්මානයට ප්‍රහාරයක් එල්ල කරන්නට ඈතින් පැමිණෙන 25 කට ආසන්න හමාස් ත්‍රස්තයින් පිරිසක්ද ඇගේ ඇස ගැටිණි. ඇයට සිතුණේ සිය ජීවිතය බේරාගෙන පලායන්නට නෙව ගම්වාසීන් සමඟ එකතුව හමාස් ත්‍රස්තයින් හා සටන්කිරීමට නායකත්වය ලබාදීමටයි.

පුද්ගලයන් 700 දෙනෙකුගෙන් යුතු කුඩා නගරයේ සිටියේ තරුණ ඉන්බල්ගේ නායකත්වයෙන් සූදානම්ව සිටි 12 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක් පමණි. ඒ අනුව ඉක්මණින් ක්‍රියාත්මක වුණු ඉන්බාර් ආරක්ෂක ස්වේච්ඡා සේවකයන් 12 දෙනා සන්නද්ධ කර කිබුට්ස් ගම්මානයේ උපාය මාර්ගික ස්ථානවල ස්ථානගත කෙරුවේ සැඟව සිට හමාස් ත්‍රස්තවාදීන්ට පහර දෙන්නටය. මේ අතර ඇය සිය ගම්මානයේ ආයුධ ගබඩාවට දිව ගොස් ගමේ ශක්තිමත්ම පිරිසට ගිනි අවි බෙදුවේ එකඳු ගම්වැසියෙකුවත් ඝාතනය නොවීමට අධිෂ්ඨාන කරගනිමිනි.

ඒ වනවිට රොකට් ප්‍රහාරයන් නිසා අවට සියලුම ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබුණු අතර ඇය සිය ගම්වැසියන්ට නියෝග කළේ නැවතත් විදුලිය යථා තත්ත්වයට පත් නොකරන ලෙසටයි. ඒ විදුලිය විසන්ධි වී තිබෙන තාක් කිබුට්ස්හි දොරටු විවර කිරීමට කිසිවෙකුටත් නොහැකි වන නිසාය.

ඉන්බල්ගේ තීරණය වූයේ හමාස් ත්‍රස්තවාදීන් ගම්මානය ආසන්නයට පැමිණීමට පෙරම ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඒ අනුව සිය කණ්ඩායම සමග ඇය සැඟව සිට පහරදීම ආරම්භ කෙරුවාය. ඔවුන්ගෙන් පස්දෙනෙකුම ඝාතනය කිරීමට මෙම තරුණ වීරවරිය සමත් වූවාය. මේ මහා සටන පැය හතරක පමණ කාලයක් සිදුවිය. ඉන්බල් සැකසූ කණ්ඩායමේ අනෙක් පිරිස මේ පැය හතර ඇතුළත තවත් 20 දෙනෙකු වෙඩි තබා මරා දමන ලදි.

එදා මුළු කිබුට්ස් ගම්මානයම බේරුණේ ඇය විනාඩියක් හෝ නොපමාව හමාස් ත්‍රස්තයින් සටන ආරම්භ කිරීමට පෙර ඔවුන් නොහිතූ මොහොතක පළමු ප්‍රහාරය දියත් කළ නිසාය. ඉන්බල් ලිබමන් යනු කිබුට්ස් ගම්මානයේ පළමු කාන්තා හමුදා ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීවරියයි. ඊශ්‍රායල් ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණෙනවිට පැය තුනක පමණ කාලයක් ගතව තිබුණු අතර ඒ වනවිට ඉතා දරුණු වෙඩි හුවමාරුවකුත් එහි සිදුව තිබුණි.

කෙසේ වුවත් එදා මෙම තරුණ ආරක්ෂක නිලධාරීවරියගේ මානූෂීයත්වය නිසා මුළු කිබුට්ස් ගම්මානයම බේරුණා මෙන්ම නොපෙනෙන දෙවියෙකු හේතුවෙන් සියලුම හමාස් සටන්කාමීන් වෙඩි කා මියගියහ. අද සෑම තැනකම ඇයට ලැබෙන්නේ ආදරයම පමණි. ඇයගේ වීරත්වය අද ලොව සෑම මුවකින්ම ඇගයෙන අතර ඇයව හඳුන්වන්නේ ඊශ්‍රායලේ වීරවරියක් හැටියටයි.

ඇගේ වීරත්වයේ කතාව ඊශ්‍රායල පුරාවෘත්තයේ පරම්පරා ගණනාවකට දිවෙන කතාවකි. ඉන්බල්ගේ තීරණාත්මක ක්‍රියාවට ස්තූතිවන්ත වන්නට ඇගේ කිබුට්ස් ජනයාට හානියක් සිදු නොවීය. නමුත් අසල්වැසි ප්‍රජාවන් ඔවුන් තරම් එදා වාසනාවන්ත ද නොවීය.

එරංදි කෞශල්‍යා

 

TAGGED: borders, Hamas terrorists, inbal ibaman, Kibbutz Village, war
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?