නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැයට කිලෝමීටර් 85-90කින් දුවන ෆෝමියුලා රථයේ සිහිනය හඹා ගිය කාර් පිස්සෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පැයට කිලෝමීටර් 85-90කින් දුවන ෆෝමියුලා රථයේ සිහිනය හඹා ගිය කාර් පිස්සෙක්

Published October 30, 2023

පිරිමි දරුවන් පුංචි කාලයේ පටන්ම වාහනවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඉතාම සරලව කිව්වොත් බොහෝ පිරිමි දරුවන් පොදු ප්‍රවාහන රථයකට ගොඩ වුනත් රියදුරු අසුන ළඟින්මයි වාඩි වෙන්නේ. වාහනවලට තිබුණ කැමැත්ත නිසාම තමාගේ පුද්ගලික වියදමෙන් ෆෝමියුලා රථයක් නිෂ්පාදනය කළ ඇඹිලිපිටිය ලියනෑගම පදිංචි ජී. ඉසුරු චතුරංග ගැන ඔබ දැනගන්න කැමැති ඇති.

ඔබට වාහනයක් නිර්මාණය කරනවා කියන ඉලක්කයක් හිතේ තිබුණාද?

පුංචි කාලයේ පටන්ම වාහනවලට කැමැත්තක් දැක්වූවා. රූපවාහිනියේ ෆෝමියුලා කාර් ධාවන තරඟ නරඹලා තිබෙනවා. මට ඒ කාලයේ ඉඳලාම ෆෝමියුලා කාර් ගැන කැමැත්තක් තිබුණා.ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කළ මම 10 වසර සඳහා උඩගම මහා විද්‍යාලයට ඇතුළත් වුණා. එතැනින් පසුව උසස් පෙළ සඳහා මොරකැටිය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඔබ අනාගතය ගැන ගත් තීරණය

උසස් පෙළ කියන්නේ ජීවිතය නෙවෙයිනේ. ඒ ගැනම තැවෙන්න අවශ්‍ය නැහැ. අපි විකල්ප වෙනුවෙන් යොමු වෙන්න ඕන. නැතිවුණ දේ ගැන ලතැවෙනවා වෙනුවට එතැනින් ඉදිරියට යන මාර්ගය තෝරා ගත්තා.

ඒ කියන්නේ ඔබ නිවැරදි මාර්ගය තෝරා ගත්තාද?

ඔව්, මම උසස් පෙළ අසමත් කියමින් පසුතැවුණේ නැහැ. 2017 වසරේ NVQ 4 පූර්ණ කාලීන පාඨමාලාව සඳහා මාතර කාර්මික විද්‍යාලයට ඇතුලත් වුණා. මගේ තාත්තා ගුරුවරයෙක්. එය වසර දෙකක පාඨමාලාවක්. මම 2019 වනවිට මේ පාඨමාලාව ඉතා සාර්ථකව අවසාන කළා. මේ අතර 2018 වසරේ කාර්මික විද්‍යාලයේ “ විවෘත දියතය ” කියලා ප්‍රදර්ශනයක් තිබුණා. මම මේ වෙනුවෙන් මෝටර් රථයක් නිර්මාණය කළා.

මුල්ම නිර්මාණය එළි දකින විට ඔබ මුහුණ දුන් අත්දැකීම්

මට මේ වාහනය නිර්මානය කරන්න නම් ගත වුණේ සති දෙකක වගේ කෙටි කාලයක්. ඒ වුණත් ප්‍රදර්ශනය ආරම්භ කරන දවස වනවිට මම නිර්මාණය කළ වාහනයට එන්ජිමක් තිබුණේ නැහැ.ඊට පස්සේ මම අපේ ගෙදර තිබුණ මෝටර් බයිසිකලයේ එන්ජිම වාහනයට ගෙනත් තිබ්බා. මගේ මුල්ම නිර්මාණය නම් බොහොම සාමාන්‍ය වාහනයක්.

සාමාන්‍ය වාහනයෙන් පටන් ගත් ගමන ගැන කතා කළොත්

සාමාන්‍ය වාහනය නිර්මාණයෙන් පසුව මට තවත් නිර්මාණයක් වෙනුවෙන් යොමු වීමේ ආශාව ඇති වුණා. මුලින් හදපු වාහනයට වෙනස් formula වාහයකට යන්න හිතුණා. නමුත් මුදල් සහ තවත් වාහනයක් නිෂ්පාදනය කරන්න භාණ්ඩ අවශ්‍ය වෙනවානේ. මම ටික ටික ඒවා සූදානම් කළා. 2019 වසරේ මම වැඩේ පටන් ගත්තා. මගේ අලුත් වාහනය මුලින් මම සඳහන් කළ නිර්මාණය කළ වාහනයට වඩා වෙනස්. මේ වෙනුවෙන් වෙනස් තාක්ෂණයක් භාවිත කළා. ඒ නිසා තත්ත්වයෙනුත් හුඟක් ඉහළයි. ඒ වගේම මේ වාහනය මම අදියර දෙකකින් නිෂ්පාදනය කළා.

පළමුවෙනි අදියර මාස තුනකට වැඩියි. මෙහිදී වාහනය ධාවන තත්ත්වයට පත් කරන්න මම යොමු වුණා. එතැනදී මට මගේම නිෂ්පාදනයේ අඩු පාඩු දැක්කා. ඒ සියල්ල හඳුනා ගෙන ඒවා දෙවැනි අදියරේදී නිවැරදි කරන්න මට හැකියාව ලැබුණා. කොහොම වුණත් මේ වෙනුවෙන් මාස හතකට ආසන්න කාලයක් ගත වුණා. මේ අතරවාරයේ කොවිඩ් වසංගතය ආවා. විවේකය තිබුණත් රටේ ප්‍රශ්න නිසා වාහනයට අවශ්‍ය බඩු ගන්න සහ පරීක්ෂණ කරන්න අවස්ථාවක් නැති වුණා. ඒ නිසාම වාහනයේ අවසාන නිෂ්පාදනය දකින්න තිබුණ කාලය ගෙවුණා. කොවිඩ් වසංගතය ආවේ නැත්නම් මාස හය, හතක පරක්කුව ඇති වෙන්නේ නැහැ.

ඔබේ වාහනයේ තිබෙන විශේෂත්වය

මේ වාහනයේ චැසිය, වීල, හබ්, රෝද, ආම්, ස්ටියරින් වීල් මේ සියල්ල මගේ නිෂ්පාදන. අනිත් ඒවා අතරිනුත් බොහෝ කොටස් මම නිෂ්පාදනය කළා. මේ වාහනයට සිලින්ඩර් දෙකක 125CC පෙට්‍රල් මෝටර් බයිසිකලයක එන්ජින් එකක් සවි තරල තිබෙනවා. ගියර් 4 යි. රිවස් එකක් නැහැ. ත්‍රී විල් රෝද හතරක් සවි කරල තියෙනවා. රෝද හතරටම හයිඩ්‍රොලික් ඩීසල් බ්රේක් පද්ධතියක් තියෙනවා.

ධාවනය වෙන්නේ පිටුපස රෝද දෙකෙන් ඒ සඳහා ඩිපරන්සල් සිස්ටම් එකක් තියෙනවා. වාහනයේ ඉදිරිපස රෝද දෙක සාමාන්‍ය රැක් එකක් පාවිච්චි කරල හැරවීම සිද්ධ වෙන විදිහට හදලා තියෙන්නෙ.(ස්වයංක්‍රිය විදිහට මුල් පිහිටීමට එන අන්දමට) මේ වාහනේ චැසිය GI බට යොදා ගෙන හැදුවා. දැනට පැයට 85 – 90 km වේගයෙන් ධාවනය කරන්න පුළුවන්.

ඔබ දැන් මොකද කරන්නෙ?

මම දැනට Electric motor rewinding සහ Electronic උපකරණ අලුත්වැඩියා කිරීමේ කාර්මිකයෙකු ලෙස රැකියාවේ යෙදෙනවා.

ඔබේ මේ දැවැන්ත නිර්මාණශීලත්වය තව දුරටත් ඉදිරියට ගෙන යන අදහසක් නැතිද?

මීට වඩා දියුණු තාක්ෂණයක් යොදා ගෙන තත්ත්වයෙන් උසස් නිර්මාණයක් කරන්න මගේ අදහසක් තියෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා









 

TAGGED: Electric motor rewinding, Formula car, isuru chathuranga, vivrutha diyathaya
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?