නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චීනයේ උපන් බොන්සායි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

චීනයේ උපන් බොන්සායි

Published October 23, 2023

12 කොටස

ජපන් සංස්කෘතියේ විවිධ දේවල් වගේම බොන්සායි කලාවේ උපත චීනයයි. මෙම කලාව මුලින්ම චීනයෙන් දායාද වූවක් බව ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කිරීමේදී අපට දැනගන්නට පුළුවන්. චීනය තුළ මෙම කලාව උපන් මුල් කාලයේදී ඔවුන්ගේ රට තුළ ඇති ශාක සංරක්ෂණය සඳහා යෙදු උපක්‍රමයක් ලෙසට ද මෙය හඳුන්වන්න පුළුවන්. තවද මේ බොන්සායි කලාව ඔවුන්ගේ භාවනා ක්‍රමයක් ලෙසට ද තිබූ බවට ඉතිහාසය තුළ පැහැදිලි වේ.

විශේෂයෙන්ම බොන්සායි කලාව පැවිදි වූවන් විසින් මූලික වී ඉදිරියට ගෙන ආ බවද ඉතිහාසයේ සඳහන් වේ. තවද චීන ඉතිහාසය තුළ එවකට සිටි වෛද්‍යවරුන් විසින් ඉතා දුර තිබෙන පිටිසර ගම්මාන වෙත ඔවුන්ගේ ඖෂධ සඳහා භාවිත කළ ඉතා දුර්ලභ ශාකයන් විශේෂ සජීවී තත්ත්වයෙන්ම දුර පළාත්වලට රැගෙන යාම සඳහා මෙම ක්‍රමවේදය භාවිත කළ බවද බොන්සායි ඉතිහාසය තුළ අසන්නට ලැබේ.

චීනයේ රජ මැඳුර තුළ ඖෂධ ශාක මෙන්ම සපුෂ්ප ශාක වැනි වෙනත් විසිතුරු ශාකද මෙවැනි ලෙස බඳුන්ගත කර රෝපණය කොට ප්‍රදර්ශනයට තබා තිබූ බවද බොන්සායි කලාවේ ඉතිහාසය තුළ සඳහන් වේ.

මෙවැනි විවිධ මතයන් චීන බොන්සායි කලාව තුළ පවතී. එවකට චීනය තුළ මෙම කලාව ඔවුන් හැඳින්වූයේ “පෙන්සායි” යනුවෙනි. ඒ “පෙන්” යනුවෙන් බදුන ද “සායි” යනුවෙන් ගස ද අර්ථවත් වන අයුරිනි. මෙවැනි ලෙස බොන්සායි කලාව ඔවුන් අතර ඉතා ප්‍රචලිත වනවාත් සමගම ජපානය සහ චීනය අතර ඇති වූ වෙළෙඳ ගිවිසුමක් මත ජපානය බොන්සායි කලාව ඉතා තදින් වැළඳ ගනී.

ඉන්පසුව ඔවුන් මෙම කලාව “බොන්සායි” යනුවෙන් හඳුන්වනු ලැබීය. චීන ජාතිකයන් ඉතා සුමට දේශගුණයක් හෙබි ඔවුන්ගේ රට තුළ බහුල ලෙස වැඩෙන මේපල්,සයිප්‍රස්, පයිනස්, එල්ම්, ඔලිව්, ඇස්පර් වැනි ශාක වර්ග මෙන්ම ඇසේලියා, නක්ටරීන් වැනි සපුෂ්ප ශාක ද මෙම කලාව සදහා බහුලව යොදා ගන්නා ලදී.පසුකාලීනව ජපානය වැළඳගත් පසු ඔවුන් මෙය කලාවක් බවට ම සනාථ කර රූපකායන් 26 කට පමණ අනුකූලව නිර්මාණයන් සිදුකරලීමට සමත් විය.

පරිසරයේ හැදී වැඩෙන විශාල ශාකයන් හොඳින් අධ්‍යනයකොට එහි ඇති හැඩයන් හොඳින් නිරීක්ෂණය කොට මෙම ක්‍රියාවලිය සිදුකරලීමට මොවුන් මහත් වෙහෙසක් දරා ඇතිබැව් අපට පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබේ. ක්‍රිස්තු වර්ෂ 700 දී පමණ චීන ජාතිකයන් ආරම්භ කළ මෙම කලාව මීට වසර 1200 කට පමණ පෙර ජපානයට ගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වේ. පසුව ජපන් ජාතිකයන් විසින් චීන ජාතිකයන්ගේ

ශිල්පීය ක්‍රම පිරිපහදු කළ අතර බොන්සායි ගස් විශාල ප්‍රමාණයක් අත්හදා බලන්නට විය පසුව ජපන් සෙන් බුදුදහම තුළද මෙම චීන කලාව විශේෂ ගෞරවයට පාත්‍ර වී ඇත. හුදෙක් බටහිර සමාජය තුළ බොන්සායි ගස සහ බොන්සායි කලාව පිළිබඳ වාර්තා සහ නිරීක්ෂණ ආරම්භ වූයේ එක්දහස් හයසිය ගණන්වල මුල් භාගයේදීය. නමුත් මෙම කලාවට ප්‍රමුඛත්වය ලැබුණේ දහනව වන සියවසේ සිට පමණි.

චීනය තුළ බොන්සායි කලාව ආරම්භ වූ බවට ද පසුව එය ජපාන ජාතිකයන් විසින් වැලඳගෙන එය කලාවක් බවට පත් කළ බවට ද දැනට හමුවී ඇති පැරණි සාධක සහ සිතුවම් මගින් සනාථ වේ. ජපානය මෙය කලාවක් බවට පත්කළ පසු චීනය තුළද මෙය වන විට “බොන්සායි” කලාවක් බවට පත් වී ඇත. මේ වන විට ද චීනය තුළ ඉතා ඉහළ වෙළෙඳ වටිනාකමකින් යුතු බොන්සායි නිර්මාණයන් බිහි වෙමින් පවති. ඒ වාගෙම
කලාව සඳහා යොදාගන්නා ආයුධ සහ බඳුන් වැනි අනෙකුත් සියලු දේ ඔවුන් විසින්ම නවීන ලෙස නිපදවනු ලබයි. සියලු රටවල පාහේ බොන්සායි නිර්මාණකරුවන් ඔවුන්ගේ අමුද්‍රව්‍ය ලබාගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. තමන්ගේ රට තුළට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට ද මේ වන විට චීනය තුළ බොන්සායී කලාව උපයෝගී කරගන’. මේ කලාව ඔවුනට ඉතා සුවිශේෂී වූයේ ඒ ස්වභාවධර්මයත් සමග කෙරෙන ගනුදෙනුවක් නිසාය.

ඔවුන්ගේ පිරිපුන් නිර්මාණ නිම කිරීමෙන් පසු එය භික්ෂූන් වහන්සේලා හට පිරිනැමීමට යම් කාලයක් ඔවුන් පුරුදු වී සිටි බව ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ. චීනය තුළ ඇති පාසල්වල විෂයයක් ලෙස ද මෙම කලාව ඉගැන්වීම ආරම්භ කර ඇති අතර එමගින් කලාකරුවකු, නිර්මාණ ශිල්පියකු, ඉවසිලිවන්තයකු, කැපවීම හුරු කළ පුද්ගලයකු සහ පරිපූර්ණ මිනිසකු තම රටට දායාද කිරීම ඔවුන්ගේ අරමුණයි. මීට වසර ගණනාවකට පෙර සිටම ඔවුන් විසින් වසරක් පාසා බොන්සායි ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි. ඒ මගින් තම නිර්මාණ කරුවන්ගේ නිර්මාණ කුසලතා ත්‍රීව්‍ර කිරීම ඔවුන්ගේ අරමුණයි.

චීනය තුළ මූලාරම්භයේ සිටම තම නිර්මාණ ප්‍රමාණයන් අනුව වර්ගීකරණය කර නැතත් ජපානය ආක්‍රමණය කිරීමත් සමගම ඒ පැහැදිලි ලෙස ප්‍රමාණය අනුව වර්ගීකරණය කිරීමට ඔවුන් උනන්දු විය.

සිදුකරන නිර්මාණයේ ප්‍රමාණය අනුව

ෂිටෝ (සෙන්ටිමීටර් 5 ට අඩු මිනුම් වෙයි)
මාමේ ( සෙන්ටිමීටර් 5 ත් 15 ත් අතර )
ෂොහින් ( සෙන්ටිමීටර් 25 ට වඩා අඩුවේ )
කොමොනෝ ( සෙන්ටිමීටර් 15ත් 31ත් අතර )
චුමොනෝ ( සෙන්ටිමීටර් 30 ත් 60 ත් අතර)
ඔමොනෝ ( සෙන්ටිමීටර් 60 ත් 120ත් අතර)
හචි – උයි (සෙන්ටි මීටර් 130 ට වඩා වැඩි )

චීනයෙන් දුන් දායාදය නිසා බොන්සායි කලාව අදටත් ලෝකය පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එමෙන් ම විශිෂ්ට නිර්මාණකරුවන් ද බිහිවෙමින් පවතී. ලෝකය පුරා බොන්සායි කලාව මුල්කරගනිමින් ව්‍යාපාර ආරම්භ වෙමින් පවතී. එවකට චීනය තළ මෙය කලාවක් නොවුවත් මෙය ආර්ථිකමය වශයෙන් සවිමත් වී නොතිබූ වත් අද වනවිට චීනය තුළ ද කලාවක් ලෙස හා ව්‍යාපාර ලෙස නව මුහුණුවරක් ගෙන ඇත.

වෙනදාට වඩා ඔවුන් නිර්මාණයන් නිෂ්පාදනයට නැඹුරු වී සිටී. වර්තමානය වන විට මොවුන් බොන්සායි කලාව රට තුළ ඉගැන්වීමට හා දැනුවත් කිරීම් වලට නැඹුරු වෙමින් පවති. ඉතා බහුල ලෙස පවත්වාගෙන යමින් පවතින බොන්සායි උද්‍යානද අපට චීනය තුළින් දැකගත හැකිවේ. ක්‍රමානුකූල ලෙස නිර්මාණශීලී ලෙස ඔවුන් බොන්සායි නිර්මාණයන්ට නවමු පණක් ලබාදෙයි. ඒ වාගේම ඉහළ ගුණාත්මකභාවයෙන් විශාල වෙළෙඳ වටිනාකමකින් යුතු නිර්මාණයන් ඔවුන්ගේ එකතුව තුළ පවතී.

(ජපන් බොන්සායි කලාව සහ ඔවුන්ගේ අලුත් ශිල්පීය ක්‍රම පිළිබඳව ඉදිරි ලිපිය තුළින් දැනුවත් කෙරේ)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා







 

TAGGED: bonsai, china, japan, planting
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?