නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජනප්‍රිය මිනි බොන්සායි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජනප්‍රිය මිනි බොන්සායි

Published October 16, 2023

11 කොටස

මිනිබොන්සායි කලාව යනු බොන්සායි කලාව තුළ තවත් එක් විශේෂිත වූ අංගයක් වනවා. මෙම මිනි බොන්සායි කලාව විවිධ රටවල් තුළ Mame (මාමේ) නමින් ද හඳුන්වන අතර ඔවුන් වැඩි වශයෙන් එම කලාව ප්‍රගුණ කිරීමට විශේෂිත වූ කැමැත්තක් දක්වනු ලබයි. ජපානය, චීනය වැනි රටවල නිර්මාණකරුවන් මේ සඳහා වැඩි කැමැත්තක් වාගේම වැඩි අවධානයක් යොමු කරනු ලබයි. බොක්ස්වූඩ්, පයින්, එලම්, ප්‍රෙම්නා වැනි පත්‍ර විශාල නොවන පත්‍ර කුඩා ශාකයන් මේ සඳහා බහුලවම යොදා ගනී.

ලංකාව තුළ මිනි බොන්සායි කලාව සඳහා ශාකයන් සොයා ගැනීමට ඉතාමත් පහසුයි. ගඟවැරැල්ල, ඇක්ටේරියා, දිවුල්හීන්තඹ මේ අතරින් කිහිපයකි. වර්තමානය වන විටදී විදේශීය සියලු ශාකයන් ලංකාව තුළ ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි වන අතර ඒ මඟින් නිර්මාණකරුවන් මිනි බොන්සායි කලාවට කෙමෙන් නැඹුරු වී සිටියි.

මිනි බොන්සායි කලාව තුළද සම්මත උස ප්‍රමාණයන් තිබෙන අතර එය අඟල් 5 ට නොවැඩි විය යුතුයි. මිනි බොන්සායි කලාව තුළ සිට සිදුකරනු ලබන නිර්මාණයන් හට වැඩි ඉල්ලුමක් පවතී. මෙය ඉතා හුරුබුහුටි කුඩා නිර්මාණයක් වන නිසාවෙන් ගැනුම්කරුවන් විශාල රුචිකත්වයක් දක්වයි.

මෙම මිනි බොන්සායි කුඩා නිර්මාණය ඉතා කුඩා බඳුනක සිටුවන නිසාවෙන් එයට යොදන පස් මාධ්‍ය ඉතාමත් සීමිත වේ. එම නිසා එයට අඩු උපස්තරයක් ඇති බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. එයට නිරන්තරයෙන් ජලය යෙදීම අවශ්‍ය වේ.

මිනි බොන්සායි කලාව තුළ දී පාසි ඇල්ලීම බහුල වශයෙන් කරනු ලබනවා. ශාකය සිට වූ පස් මාධ්‍ය පවතින්නේ වියළි දේශගුණයක නම් මෙය කිරීම අනිවාර්යය වේ. ඒ මගින් පසෙහි තෙතමනය ආරක්ෂා කර එහි වර්ධනයේ ඇති සාර්ථකත්වය එලෙසින්ම පවත්වාගෙන යනු ලබනවා.

වියළි දේශගුණයක් පවතින සෑම රටකම පාහේ මිනි බොන්සායි සඳහා පාසි තට්ටුවක් ඒ මත තැබීම බෙහෙවින් නිර්දේශ කරනු ලබයි. හිම බහුල ලෙස පවතින රටක නම් පාසි ඇල්ලීම සිදු නොකරයි. ඒ හිම නිසා පාසි තට්ටුව ඉතා ඉක්මනින් මැරී යාමට ඇති ප්‍රවණතාවය වැඩි නිසාය.

පාසි අල්ලනවා නම් පමණක් එයට ජලය ඉසීම සිදු වන නිසා අපට ඒ සඳහා ෆාමසි හෝ පොහොර කඩවල තිබෙන ජල ඉසිනයක් භාවිත කළ හැක. සාමාන්‍ය ආකාරයට භාවිත කරන පොහොර වර්ගයන්ම අපට මේ සඳහා ශාකයේ ප්‍රමාණය අනුව භාවිත කළ හැක. අතු සහ කොළ කප්පාදුව සාමාන්‍ය අනෙකුත් බොන්සායි නිර්මාණයන් මෙන්ම සිදු කිරීමට හැකි අතර ඉතාමත් කුඩා නිර්මාණයක් නම් ඒ සඳහා අත් කාචයක් ද භාවිත කිරීමට සිදුවේ. මිනි බොන්සායි නිර්මාණයක් නිම කරලීමට ඉතා විශාල කාලයක් ගත වනවා වගේම ඒ සඳහා ද අපරිමිත කැපවීමක් සහ නොපසුබට උත්සාහයක් තිබිය යුතුමයි.

සාමාන්‍ය විදිහට සිදු කරන බොන්සායි නිර්මාණයකට වඩා වැඩි අවධානයක් මේ සඳහා යොමු කළ යුතු වේ. නැතහොත් ඉතා කුඩා ප්‍රමාණයේ නිර්මාණයක් නිසාවෙන් විනාශ වී යාමට ඇති ඉඩ බොහෝය. ජපානයේ දී මිනි බොන්සායි නිර්මාණයන් දීර්ඝකාලීනව නඩත්තු කිරීම සඳහා එයට ගැළපෙනම ලෙස ආරක්ෂිත රාක්ක නිර්මාණය කර තිබේ.

කුඩා නිර්මාණයක් ලෙස නඩත්තුව කරගෙන යන නිසාවෙන් එයට ගැළපෙන ලෙස එයට ගැළපෙන ප්‍රමාණයන්ගෙන් යුතු තියුණු ආයුධ භාවිත කිරීමට සිදු වේ. ජපානය තුළ පසුගිය වසර වලදී උප්පැන්න ලියාපදිංචි නිකුත් කර ඇති දරුවන් හට කුඩා ප්‍රමාණයේ මිනි බොන්සායි ප්‍රධානය කිරීමේ ව්‍යාපෘතියක් සයිටමා සිටි ආයතනය විසින් ආරම්භ කර ඇත.

එවැනි ව්‍යාපෘති රැසකට ඔවුන් මෙම මිනි බොන්සායි නිර්මාණයන් යොදාගනු ලබයි. එමෙන්ම ඔවුන්ගේ සෑම සුභ කටයුත්තක්ම සංකේතවත් කිරීම සඳහාද මෙම මිනි බොන්සායි බහුල වශයෙන් යොදාගනු ලබයි. ඔවුන් බොන්සායි නිර්මාණයන් සඳහා පූජනීය ස්ථානයක් ලෙස ඔමියා බොන්සායි ගම්මානය හඳුන්වන අතර එහි සිටින සෑම නිර්මාණකරුවෙකු සන්තකයේම වැඩිපුර ඇත්තේ මිනි බොන්සායි නිර්මාණ බව කරුණු සොයා බැලීමේදී අපට දැනගන්න පුළුවන්. මේ සියලු කාරණා සලකා බැලිමේදී ජපානය මිනි බොන්සායි කලාවේ ජ්‍යෙෂ්ඨයින් ලෙස සලකනු ලබයි.

මිනි බොන්සායි ශාකයක් පුහුණු කිරීමේදී මදක් විශාල බඳුනක් ඒ සඳහා භාවිතා කළ යුතුය. ඒ වගේම කුඩා බඳුනක සිටුවා එය බඳුන යට ඇති සිඳුරෙන් මුල් පිටතට ඒමට අවැසි ලෙස සකසා විශාල බඳුනක් තුළ තැබීම සිදු කළ හැක. ඒ මඟින් කුඩා බඳුනෙහි මුල් වැඩීමෙන් අනතුරුව විශාල බඳුනට මුල් ගමන් කිරීම සිදු වේ.

නිර්මාණය අවසන් වූවාට පසුව විශාල බඳුනෙන් නිර්මාණය වැඩෙමින් පවතින කුඩා බඳුන වෙන් කරගත හැකි වේ. එලෙසද මිනි බොන්සායි ශාකයක් පුහුණු කිරීමට අපට පුළුවන්. විශේෂයෙන්ම මිනි බොන්සායි සඳහා ශාකයන් යොදා ගැනීමේදී එහි ඇති ප්‍රමාණයට අනුව (නිර්මාණය කරන ප්‍රමාණයට අනුව) ශාකයෙහි කඳ සහ එහි තිබෙන කාෂඨීය බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. කප්පාදුව ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු වේ. හිරු එළියට නිතර නිරාවරණය වී තිබිය යුතුය.

බොන්සායි කලාව තුළ මිනි බොන්සායි සඳහාම මිනි බොන්සායි බඳුන් ඇති අතර ඒවා ද විශාල බොන්සායි බඳුන් වාගේම සිමෙන්ති, සෙරමික් යන දෙවර්ගයෙන්ම සමන්විත වේ. ඒවා ජලය රඳා පවතින සහ මුල් වලට ගැළපෙන ලෙස සකසා ඇති අතර මිනි බොන්සායි ශාකයක නිමාව ඒ මගින් සලසයි. මිනි බොන්සායි ගසක් කාර්යාලයක් තුළ හෝ නිවසක් ඇතුළත ඕනෑම තැනක අලංකාරත්වය සඳහා තැබීමට හැකි බව විශේෂයෙන්ම කිව යුතුය.

මේ සඳහා අත් කියත, අතු ශාකා නවන උපකරණය ඉතා අල්ප වශයෙන් භාවිත වේ. උපකරණවල ඇති තියුණු බව වාගේම ඒ පිළිබඳව බලන කලාත්මක ඇසෙහිද තියුණු බව ඉතා ඉහළ විය යුතු වේ. සෑම මිනි නිර්මාණයකම සමබරතාවය හරියාකාරව පවත්වාගත යුතු බැවින් ඒ පිළිබඳව නිර්මාණ ආරම්භයේ දී සිටම විමසිල්ලෙන් සිටීම ඉතාම වැදගත් වේ. මිනි බොන්සායි කලාව මනාව පුරුදු පුහුණු වී ඉවසීම කැපවීම මත ප්‍රගුණ කළ යුතු වේ.

(ඉදිරි ලිපිය තුළින් චීන බොන්සායි කලාවේ ඉතිහාසය සහ ඔවුන්ගේ බොන්සායි ක්‍රමයන් පිළිබඳව දැනුවත් කරනු ලබයි)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා
 

TAGGED: Mame, Mini bonsai
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?