නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Unicef වලින් හින්සනයට ලක්වන දරුවන් ගැන බලයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Unicef වලින් හින්සනයට ලක්වන දරුවන් ගැන බලයි

Published October 16, 2023

අද සමාජයේ විවිධ හිංසනයන් බහුලයි. සමහරුන් මෙය විනෝදාංශයක් ලෙස භාවිත කරන අතර තවත් සමහරු තම මානසික ආතතිය එමගින් පිටකර ගනි. එහෙත් වර්ධනය වෙමින් සිටින දරුවන් වෙතට එල්ලවන හිංසනය ඔවුන්ට දරාගත නොහැකියි. පසුකාලීන මානසික ආතතිවලට එය හේතුවිය හැකියි. වැඩිහිටියන් වශයෙන් ඒ ගැන අවධානය යොමුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල හෙවත් යුනිසෙෆ් අවධාරණය කරයි.

හිංසනය කවරාකාරද?

ළමයින් වෙත එල්ල කෙරෙන හිංසනය තෙවැදෑරුම්ය. ඒ අභිප්‍රාය, පුනරාවර්තනය සහ බලය (Intent, Repetition, and Power) යනුවෙනි. එසේම පිරිමි දරුවන් ශාරීරික හිංසනවලට විවෘත වීමට වැඩි ඉඩක් ඇති අතර ගැහැනු ළමුන් වැඩි වශයෙන් මානසික හිංසනයන්ට ගොදුරු වේ.

හිංසනය හැසිරීම් රටාවකි

මෙය හුදෙකලා සිදුවීමකට වඩා වෙනස් හැසිරීම් රටාවකි. තමුන්ට වඩා ලොකු, ශක්තිමත් හෝ ජනප්‍රිය යැයි පෙනෙන ඉහළ සමාජ තත්ත්වයක් හෝ බලයක් ඇති දරුවන් අතින් බොහෝ විට මෙම හිංසනයන් එල්ල වේ. කොන් කරන ලද සමාජවලට අයත් දුප්පත්, ස්ත්‍රී-පුරුෂ මිශ්‍ර ලිංගික ස්වභාව ඇති, ආබාධිත, සංක්‍රමණික හෝ සරණාගත දරුවන දරුවන් මෙම හිංසනයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිය.

විවෘතව සහ නිතරම කතාකරන්න

කෙටිකාලීන හා දිගුකාලීන මානසික හා සෞඛ්‍ය ගැටලුවලට හේතුවන හිංසනය පන්තියේ කාර්යසාධනය අඩුවීම හා මත්ද්‍රවලට පෙළඹවීමටද හේතුවේ. හිංසනය ගැන දරුවා සමග නිතරම විවෘතව කතාකරන්න. එවිට දරුවා තමාට වෙනත් අයකුගෙන් සිදුවන හිංසනයක් ගැන පැවසීමට ලැජ්ජා නොවනු ඇත. දරුවාගේ වැඩ සහ පන්ති ක්‍රියාකාරකම් දිනපතා පරීක්ෂා කරන අතරම මාර්ගගතවද දරුවාගෙන් ඒවා ගැන විමසන්න.

ධනාත්මක ආදර්ශ මොඩලයක්

දරුවන් හිංසනය ගැන ධනාත්මක ආදර්ශ මොඩලයක් ලෙස කටයුතු කිරීමේදී ඔවුන් අනෙකාට ගෞරවාන්විතව සැලකීමට පෙළඹෙන අතර, තමුන්ට සිදුවන හිංසනය හඳුනාගැනීමට හැකිය. හිංසනය කරන කෙනෙකුටද තමුන් කරන්නේ හිංසනයක් බව වැටහෙන අතර, බලා සිටින දරුවන්ටද හිංසනය අවබෝධ කරගෙන වින්දිතයා වෙනුවෙන් පෙනීසිටිය හැකිය.

දරුවාගේ ආත්ම විශ්වාසය

හිංසනයෙන් වැළකීම සඳහා දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න. සමාජය හා එකමුතු ක්‍රියාකාරකම් සඳහා දරුවා දිරිමත් කිරීම මගින් විවිධ රුචිකත්ව ඇති මිතුරන් සමූහයක් හා කටයුතු කිරීමට දරුවාට හැකිවනු ඇත.

ඔබද ආදර්ශ මොඩලයක් වෙන්න

අවට සිටින පුද්ගලයින්ට හා වැඩිහිටියන්ටද, වෙනත් දරුවන්ටද ඔබ කරුණාවෙන් සහ ගෞරවයෙන් සලකන්න. අන්තර්ජාලයේ හැසිරිය යුතු ආකාරයද ක්‍රියාවෙන් පෙන්වන්න.

ඔවුන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම්වල ඔබද කොටසක් වෙන්න

අන්තර්ජාල කටයුතුවලදී දරුවන් හා සම්බන්ධ වෙමින් මුහුණදිය හැකි විවිධ අවදානම් පැහැදිලි කරන්න.

විමසිලිමත් වෙන්න

දරුවන් වාචිකව යමක් ප්‍රකාශනොකරන අවස්ථාවල දරුවාගේ චිත්තවේගී ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් ඔබට ඉක්මනින් ක්‍රියාකාරී විය හැකිය.

( https://www.unicef.org/  ඇසුරෙන්)

සුනිල් අල්ගම

 

TAGGED: Abused children, Unicef
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?