නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නියම උපකරණ නොතිබුණොත් හරි බොන්සායි ගහක් හදනවා බොරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නියම උපකරණ නොතිබුණොත් හරි බොන්සායි ගහක් හදනවා බොරු

Published October 9, 2023

බොන්සායි නිර්මාණ අවසානය කරා ගෙන යෑමට උපකාරී වන බොන්සායි මෙවලම් පිළිබඳව ප්‍රධාන වශයෙන් සැලකිල්ලක් දැක්විය යුතුයි. මෙම කලාව ආරම්භක අවස්ථාවේදීම නිර්මාණකරුවෙකු විසින් අවශ්‍ය මෙවලම් සලසා ගනු ලබන අතර ප්‍රධාන වශයෙන් තෝරා ගනු ලබන්නේ ආයුධ කිහිපයක් පමණි.කැරකෙන මේසය සකසා ගැනීම බොහෝ විට මුල් අදියර යෙදීම සිදු කරයි.

ඒ මගින් ශාකයේ අතු කම්බි යොදා හැඩ කිරීම, නැවත බඳුන්ගත කිරීම, අතු පන්ති සකසා ශාකය සමබර කිරීම වැනි දේ ඉතා පහසුවෙන් කරගැනීමට පුළුවන්. ඒවාගේම ශාකය අවශ්‍ය දිශාවට හරවා ගැනීමටද ඉතාමත් පහසුයි.

සාමාන්‍ය වශයෙන් ලංකාව තුළ සිදු කෙරෙන නිර්මාණ සඳහා ප්‍රධාන වශයෙන් බොන්සායි මෙවලම් 9 ක් පමණ භාවිත කරනවා. ජලය යෙදීමේ බඳුන්, මල් පෝච්චි මේ අතරට අයත් නොවේ. ජපානය, චීනය වැනි රටවල ඉතා සුලබ ලෙස මේ ආයුධ මිලදී ගැනීමට තිබුණද ලංකාව තුළ සිටින නිර්මාණකරුවන්ට මෙවැනි ආයුධ සපයා ගැනීම තරමක් අපහසු කාර්යයක්.

බොහෝ විට මෙය කම්හලක් ආධාරයෙන් සාදාගැනීමට අපට සිදුවේ. නැතහොත් Online ආයතන හරහා විදේශීය ආයුධ ගෙන්වා ගැනීමට සිදු වේ. එසේ කළහොත් ඒ සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවන අතර එය අප විසින්ම සකසා ගනු ලැබුවහොත් අඩුවියදමකින් අවශ්‍ය කාර්ය සිදුකර ගැනීමට අපට හැකිය. ආයුධ සියල්ල බොන්සායි නිර්මාණ සඳහාම විශේෂිතව නිර්මාණය කර ඇත.

එයට යොදාගෙන ඇත්තේ මළ නොබැදෙන සහ කැපුම් දාර මෝට නොවන ලෝහ විශේෂයකි. බොන්සායි ශාකයක මුල් කප්පාදුව, අතු කප්පාදුව, කොළ කප්පාදුව, බද්ධ කිරීම, පස් ඉවත් කිරීම, අතු නවා ගැනීම, පොහොර යෙදීම, නැවත බඳුන් ගත කිරීමේදී පසු තද කිරීම, අත්තක හෝ කf​ඳහි අවතල කැපුමක් යෙදීම යන මේ සියල්ලටම වෙන් වෙන් වශයෙන් ආයුධ තිබිය යුතු අතර ඒ සියල්ල පියවරෙන් පියවර නිර්මාණය කරන අවස්ථාවේදී භාවිත කරනු ලබයි.

කතුර – මේ මගින් බොන්සායි ශාකය තිබෙන කොළ කප්පාදුව සිදු කරනු ලබයි. අනවශ්‍ය කොළ ඉවත් කිරීමට සහ ශාකයක් නැවත බඳුන්ගත කිරීමකදී අනවශ්‍ය තන්තු මුල් ඉවත් කර ගැනීමට මෙම උපකරණය භාවිත කරය.

වයර් – ශාකයක කf​ඳහි හැඩය සහ එහි අතුවල ඇති හැඩය සකසා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබයි. බොහෝවිට යොදාගනු ලබන්නේ තඹ හෝ ඇලුමිනියම් වේ. ඔබට හැඩගැස්වීමට ඇති අතු ශාකාව අනුව එහි ඝණකම තෝරාගත හැක.

Knob Cutter – මෙම ආයුධය සපයා ගනු ලබන්නේ ගෝලාකාර කැපුමකට පමණි. මෙහි අවතල කැපුමක් පෙන්නුම් කරන නිසාවෙන් බොන්සායි නිර්මාණයක ඇති අතු හෝ තරමක් විශාල මුල් අවතල ලෙස කපා ඉවත් කර ගැනීමට මෙමගින් ඉතා පහසු වේ.

Hand saw (අත් කියත) – මෙය ඉතා කුඩා කියත් විශේෂයකි. එය මගින් ශාකයක ඇති විශාල සහ කුඩා අතු සියුම්ව කපා ගැනීමට හැකිවේ. ඒවාගේම මෙම ආයුධය අතු අතර සහ මුල් අතර ඉතා පහසුවෙන් හැසිරවීමට හැකිය. ශාකයේ පොත්ත පළුදු නොවන ලෙස කැපුම් යොදා ගැනීම සඳහා ඉතා තියුණු කැපුමක් සහිතව මෙය නිර්මාණය කර ඇත.

Pad (බඳුනෙහි සිදුරු වසන දැල්) – මේවා විශේෂයෙන් බඳුනෙහි ඇති ජලාපවහන සිදුරු ආවරණය සඳහා යොදා ගනු ලබන අතර ඒ මගින් උපස්තර අහිමි වීම වළක්වයි. ජලය බැස යාමද නිවැරදි ලෙස සිදුවේ. මෙය බහුලවම සාදනු ලබන්නේ ප්ලාස්ටික් වලින් පමණක් නිසා ඔබට එය අපේක්ෂිත පරිදි හැඩගස්වා ගෙන නිර්මාණය සඳහා යොදා ගැනීමට හැකිවේ.

Branch Bender  (අතු ශාඛා නවන උපකරණය) – මේ මඟින් ඔබේ බොන්සායි ශාකය සඳහා ඔබට අවශ්‍ය ශෛලිය ලබාදෙන අතර ඕනෑම දිශාවකට අතු නවා ගැනීම සිදු කළ හැක. බොහෝ විට මෙය යොදා ගනු ලබන්නේ පහතට හෝ ඉහළට නවා ගැනීමට තරමක් අපහසු ශක්තියෙන් වැඩි අතු සඳහාය. එවන් අතු විවිධ හැඩයන්ට පහසුවෙන් හැසිරවීමට හැකි පරිදි මෙය නිර්මාණය කර ඇත.

Tweezer  (කරකැවිල්ල) – මෙම උපකරණය මල නොබැදෙන වානේ වලින් නිපදවා ඇත. නිර්මාණය තුළ ඇති ඉවත් කිරීමට අපහසු පස්කැට කොළ වැනි දෑ මේ මගින් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකිවේ. ඒවාගේම Root Over Rock වැනි නිර්මාණවලදී ඉතා කුඩා මුල් අල්ලා පසට යට කිරීම ආරක්ෂිතව කළ හැකිවේ.

තවද බොන්සායි කලාව තුළ සම්මත වශයෙන් භාවිත වන ආයුධ මෙවලම් විශාල ප්‍රමාණයක් ඇත. සමහරක් නිර්මාණ ශිල්පීන් ඔවුන් විසින් ඔවුන්ටම ආවේණික වූ ආයුධ නිර්මාණය කරගනු ලබයි. තවද මේ ආයුධ කාර්යයට ගැළපෙන පරිදි ඉතා තියුණු ලෙස නිර්මාණය කර ඇති නිසා තමන් ඒවා පරිහරණය කරන විටදී ඉතා ආරක්ෂාකාරී විය යුතුයි.

බොන්සායි කලාව ආරම්භ කාලයේ දී වැඩි වශයෙන් ආයුධ මෙවලම් නොපැවතුනද මෑත කාලය වනවිට දී විශාල ආයුධ ප්‍රමාණයක් නිර්මාණය වී අවසන්යත එහෙයින් වර්තමානය තුළ නිර්මාණයන් සිදු කරන අයවලුන් හට මේ කාර්යය සිදු කරලීම වඩාත් පහසු වී ඇත.

බොන්සායි කලාව තුළ යොදා ගන්නා මෙවලම් පිළිබඳව හරි අවබෝධයක් නොමැති නිසා ආධුනික නිර්මාණ ශිල්පීන් අතින් නිර්මාණය කෙරෙන ඉතා අගනා නිර්මාණ විනාශ වී යයි.

එය එසේ නොවීමට නම් මෙවලම් පිළිබඳව හරි දැනුමක් ලබා එක් එක් අවස්ථාවන්ට ගැළපෙන පරිදි සියලු උපකරණ පරිහරණය කළ යුතුයි. ඒ වගේම බොන්සායි ශාකයක් නිර්මාණය ආරම්භ කිරීමේදී නිර්මාණකරුවාගේ

හිතේ එහි අනාගත පෙනුම ගැන දැක්මක් තිබිය යුතුමය. එය මොන විදිහේ නිර්මාණයක් ද විශාලත්වය කොතරම් විය යුතුද පෙනුම සහ හැඩය කෙසේ විය යුතුද යන්න නිර්මාණය ආරම්භයේදී ම තීරණය කිරීමට සිදුවෙනවා.

තීරණය කිරීමෙන් පසු ශාකය වර්ධනය කර ගැනීමත් සමගම නිවැරදිව ඉදිරියට යාමට නම් බොන්සායි ආයුධ පරිහරණය පුහුණුවත් සමඟම කිරිම අනිවාර්ය වෙනවා. ඒවගේම බොන්සායි ආයුධ හඳුනා ගැනීමද ඉතාමත් වැදගත් වන කරුණක්. ආයුධ හඳුනාගෙන නිවැරදි පුහුණුවක් තුළ නිර්මාණය පවත්වා ගන්නේ නම් ඔබට ද පරිපූර්ණ ලෙස නිර්මාණය අවසන් කිරීමට හැකියාව ලැබේ.

(මිනි බොන්සායි කලාව සහ මිනි බොන්සායි සෑදීමට පහසුම ශාක පිළිබඳව ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි.)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල්
තිලකරත්න

එරංදි කෞශල්‍යා

 

TAGGED: bonsai, correct tools
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?