නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බොන්සායිවලින් සල්ලි හොයමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බොන්සායිවලින් සල්ලි හොයමු

Published October 2, 2023

09 කොටස

බොන්සායි වගාවක් ආරම්භ කිරීම තුළින් සහ එය සමග නිතර ගැවසීමෙන් මානසික ආතතිය, අධිරුධිර පීඩනය වැනි රෝග සුව කළ හැකි බව අප කවුරුත් දන්න කාරණයක්. ඒ වගේම ප්‍රධාන වශයෙන් ඉවසීම පුරුදු කරලීම ද එය මගින් සිදුවනවා. තමන්ගේ කලා හැකියාවන් වර්ධනය කර ගැනීමටත් කදිම උපක්‍රමයක්. බොහෝ දෙනා මෙම බොන්සායි කලාව විනෝදාංශයක් ලෙසද කරගෙන යනු ලබනවා.

විවිධ රටවල බොන්සායි ශාකයන් විවිධ උත්සව සඳහා ත්‍යාග කිරීමට යොදාගනු ලබනවා. ලංකාව තුළදී ද බොහෝ අවස්ථාවන් වලදී එම ක්‍රමවේදය අනුගමනය කරනු ලබනවා. මේ සඳහා ඔවුන් ඉතා සාර්ථක ලෙස සැකසූ සහ ඉතා ගුණදායි නිර්මාණයක් යොදාගනු ලබයි. බොන්සායි ශාකයන් සරල බව, සමබරතාවය, සමගිය, වයස වැනි විවිධ පැතිකඩයන් පිළිබිඹු කරයි.

ජපානය සහ චීනය වැනි රටවල පාසල් දරුවන් කුඩා කළ සිටම මෙම කලාවට යොමු කරන්නේ ද ඔවුන්ගේ අධ්‍යාපනය තුළ විෂයක් ලෙස කරනු ලබන්නේ ද ඉහත සඳහන් පැතිකඩයන් නිසාමය. එමගින් ඔවුන් කුඩා කළ සිටම මිනිසා සහ ගහකොළ සමග ඇති සබඳතාවය ඉගෙන ගනියි. ඒ වගේම සරල බව, සමගිය, ආදරය, කරුණාව, සමබරතාවය පිළිබඳව ඇති අවබෝධය වඩවඩාත් වර්ධනය කරගනී. බොන්සායි ශාකයක කඳ සහ අතු ඇතුළු සෑම කොටසක්ම සංකේතාත්මක අර්ථයන් දක්වයි.

සමතුලිතතාවය

බොන්සායි ගසක් නිර්මාණය කිරීමේදී සමතුලිතතාවය සහ ස්ථාවරත්වය හැඟෙන පරිදි එහි අතු කප්පාදුව සිදු කර තිබේ. සමතුලිතතාවය සහ ශක්තිය පිළිබිඹු කිරීම සඳහා එය සමද්වීපාද ත්‍රිකෝණයක් ආකාරයට වර්ධනය කරගනු ලබයි. ඒවාගේම ජපන් සහ චීන ජාතිකයින් ඔවුන්ගේ ගතිකත්වය, නිදහස, වර්ධනය, චලනය සහ අඛණ්ඩතාවය හේතුවෙන් නොගැළපෙන හැඩතලයන් නිර්මාණය කිරීමට වැඩි වශයෙන් පෙලඹී සිටී.

සංහිඳියාව

විවිධ බොන්සායි නිර්මාණයන් තුළ පොත්ත, අතු සහ කොළ නිර්මාණය කර ඇත්තේ සමගිය අර්ථගැන්වීමටයි. බොහෝ ශාකයන් තුළ තියුණු සහ සිනිදු දාර, තරුණ සහ පැරණි යන පැති කිහිපයම පිලිබිඹු වන පරිදි නිර්මාණය සිදු කර තිබේ. ස්වභාවධර්මයේ සංහිඳියාව අර්ථගැන්වෙන පරිදි කලාකරුවා විසින් සෑම විටෙකම බොන්සායි නිර්මාණ හැඩගන්වනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ බොන්සායි කලාව තුළ විවිධ අංගයන් කිහිපයක් ඇතත් සමගිය පවත්වා ගැනීම සහ සමගිය තහවුරු කර ගැනීම ප්‍රධාන කොට සැලකීමයි.

වයස

සාමාන්‍ය වශයෙන් කලාකරුවා විසින් බොන්සායි නිර්මාණයක් කරනු ලබන්නේ මිනිස් ජීවිතයේ විවිධ වයස් සහ අවධීන් සංකේතවත් කෙරෙන අයුරිනි. මහලු සහ තරුණ දෙපිරිසම එකට ජීවත් වන අයුරින්ද සිදුකර ඇති නිර්මාණ අපට දකින්න පුළුවන්. ගසේ නිර්මාණය කරනු ලබන සෑම අංගයක් තුළදීම මිනිස් ජීවිතයේ නිශ්චිත කාල පරාසයක් තිබෙන බව තහවුරු වන අයුරින් එය නිර්මාණය කරනු ලබයි.

බොන්සායි කලාව තුළ දී ඉහත කී පරිදි ලෙඩ රෝග සුව කර ගැනීම ආදී වාසි රැසක් අපට හිමි වනු ඇත. බොන්සායි කලාවේ නියැලෙන බොහෝ දෙනෙක් මේ වාසි හිමිකර ගැනීම අරමුණු කොට ගෙන එය නිසි ආකාරයෙන් පවත්වාගෙන යනු ලබයි. ඒවාගේම බොහෝදෙනෙක් විනෝදාංශයක් ලෙස ද මෙම කලාව ඉදිරියට ගෙන යනු ලබයි.

මෙම කලාව අනෙකුත් රටවල් තුළ වාගේම අප රට තුළ ද වර්තමානය වන විට විශාල වශයෙන් ඉහළ ආර්ථිකමය තත්ත්වයකට වර්ධනය වී ඇත. බොහෝ දෙනා මෙම කලාව මත යැපෙන්නන් වී ආර්ථිකය ශක්තිමත් කරගෙන ඇති අයුරු මනාව පැහැදිලි වේ. එසේ නම් ඔබට ද ආර්ථිකමය වශයෙන් ව්‍යාපාරයක් ලෙස මෙම බොන්සායි කලාව ආරම්භ කළ හැකියි. ජපානය, චීනය, තායිලන්තය වැනි බොන්සායි කලාව පවත්වාගෙන යන රටවල් තුළ එය ඉතා සීඝ්‍ර ලෙස ව්‍යාපාරයන් වශයෙන් පවත්වාගෙන යනු ලබයි.

ඒ වාගේම ඔවුන්ගේ නිර්මාණ ඉතා මිල අධික වේ. සාමාන්‍යයෙන් ලංකාව තුළ වැවෙන කුඹුක් ගසකින් කරන ලද නිර්මාණයක් ජපානය තුළ දී මිලට ගැනීමට නම් ලංකාවේ මුදලින් ලක්ෂ 35 ත් 60 ත් අතර මුදලක් වැය වේ. එවැනි නිර්මාණයක් ඉතා අලංකාරව නිම කරලීමට ඔවුන් වර්ෂ ගණනාවක් පුරාවට වෙහෙස දරයි.

ශ්‍රී ලංකාව තුළ ශාකයන් බහුල වශයෙන් පවතී. එයින් බොහොමයක් බොන්සායි නිර්මාණයක් ඉතා පහසුවෙන් සකසා ගත හැකි ශාකයන් වේ. කලාව පිළිබඳ හරි අවබෝධයක් තිබීම සහ එයින් ගුණාත්මක නිර්මාණයක් නිම කරලීමට ඔබටත් හැකි නම් නොපමාව ඔබටද බොන්සායි ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිවේ. විශේෂයෙන්ම මේ සඳහා තිබිය යුත්තේ කලාත්මක ඇසක් සහ අපරිමිත කැප වීමයි.මෑත කාලය තුළ ඉතා මිල අධික නිර්මාණ අලෙවි වෙනවා අපට දැකගැනීමට පුළුවන්.

ඒ වාගේම දිනෙන් දින බොන්සායි ව්‍යාපාර ආරම්භ කරනවාද අසන්නට දකින්නට ලැබේ. බොන්සායි ශාක 100 ක් ඔබ වගා කළ හොත් අවුරුදු 2 ත් 5 ත් අතර කාලයක් ගතවීමෙන් පසු එයට හොඳ වෙළෙඳපොළ වටිනාකමක් හිමි වන අතර ඊටත් වඩා කාලසීමාවක් ඔබ එය පුහුණු කළහොත් කාලයත් සහ නිර්මාණයේ ගුණාත්මක භාවයත් සමග වටිනාකම තව තවත් වැඩි වේ.

ඒ ආකාරයට ඔබ කරන නිර්මාණයේ වටිනාකම වැඩිකර ගැනීමට ඔබට පුළුවන්. සිදුකරන නිර්මාණය අවසන් කිරීමට ගතවන කාල සීමාව එක් එක් ශාක වර්ගයන් මත තීරණය වේ. ඔබ අවසන් කරගන්නා නිර්මාණ අලෙවි කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි. එතරම් බොන්සායි ශාක සඳහා ඉල්ලුමක් ලංකාව තුළ පවතී. එය දැනට බොන්සායි කලාව කරන සහ නොකරන බොහෝ දෙනා නොදැන සිටී.

ක්‍රමවත් ලෙස බොන්සායි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් මසකට ලක්ෂ ගණනින් මුදල් ඉපයිය හැකි අතර මානසික සුවයක්ද ඔබට ළඟා වනු ඇත. විශේෂයෙන්ම බොන්සායි කලාව ගෘහණියන් හට තරමක් පහසුවෙන් එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමත් සමගම ආරම්භ කළ හැකි දැනට ලංකාව තුළ පවතින මුදල් විශාල වශයෙන් ඉපයිය හැකි ඉතා ඉහළ මට්ටමක පවතින ව්‍යාපාරයකි.

(බොන්සායි කලාව තුළ භාවිත කෙරෙන බොන්සායි මෙවලම් (ආයුධ) පිළිබඳව ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි.)

තායිලන්ත
බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල්
තිලකරත්න

එරංදි කෞශල්‍යා

 

TAGGED: art, bonsai
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?