නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොනව කළත් තාමත් හිත යන්නෙ නටන්න – නලින්ද කුමාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොනව කළත් තාමත් හිත යන්නෙ නටන්න – නලින්ද කුමාර

Published September 25, 2023

නර්ථනය පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන එළියට බැස්සත් අවසානයේ ඔහුට යන්න වෙන්නෙ වෙනස්ම ගමනක්. 2008 දි දක්ෂ නර්ථන ශිල්පියෙක් වුණ ඔහු මේ වෙද්දි වෙනස් විදිහේ මංගල උත්සව සැලසුම්කරුවෙක්. ඔහු නමින් නලින්ද කුමාර. නලින්ද මේ වනවිටත් NK වෙඩින් ප්ලෑනින් නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

මම ඉපදුණු දවසෙ ඉඳන් හිටියෙ කොටහේනෙ. ඉස්කෝලෙ ගියෙ මෝදර ඩි ලා සාල් විද්‍යාලයට. A/Lවලින් පස්සෙ මම ජොබ් එකකට ඇප්ලයි කළා. මගේ පළවෙන් ජොබ් එක ඒ කාලෙ තිබුණ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ රුකියාවක්.

ෆීල්ඩ් එකට ආවෙ ප්‍රශාදි මිස් එක්ක

මම මේ ෆීල්ඩ් එකට මුලින්ම ආවෙ ප්‍රශාදි රණසිංහ මිස් එක්ක. 2008 මම ඇගේ නර්ථන කණ්ඩායම එක්ක සම්බන්ධ වෙලා වැඩ කළා. එතනින් පස්සෙ තමයි මේ ගමන එන්න අඩිය තිබ්බෙ. මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙන බව අඳුරගෙන ප්‍රශාදි මිස් කිව්වා මට ඉවෙන්ට් ප්ලෑනින් පටන්ගන්න කියල.

අදහස ආවේ නර්ථනයෙන් සම්බන්ධ වුණ ඉවෙන්ට්ස් දැකලා

අපි ෂෝස්වලට ගියෙ 5 Star hotelවලටමනෙ. ඉතින් අපි සම්බන්ධ වුණ ඉවෙන්ට්ස් දැක්කම මටත් හිතුණා මම මේ වගේ දෙයක් පටන්ගත්තොත් හොඳයි කියලා. මුලින්ම මම කළේ මගේ නර්තන ගුරුතුමියගේ විවාහ උත්සවය. පස්සෙ අපේ ඩාන්සින් ගෘප් එකේ කීපදෙනෙක්ගෙ වෙඩින්ස් කළා. ඊටපස්සෙ මම එහෙම කරපු ඉවෙන්ට්ස්වල ෆොටෝස් සෝෂල් මීඩියා දැම්මම තවත් වැඩ ලැබුණා.

මාව මිනිස්සු දැනගත්තෙ ඇමන්ඩාගෙ වෙඩින් එකෙන්

මෑතකදි ලොකුවටම කරපු වෙඩින් එක තමයි ඇමන්ඩාගෙ වෙඩින් එක. ඒකෙන් තමයි මගේ NK Wedding Planning කියන නම මිනිස්සු අතරට ගියේ.

දැන්නම් ඩාන්සින් මගහැරිලා

ඩාන්සින් තමයි මම ඉවෙන්ට් ප්ලෑනින්වලට කලින් කළේ. නමුත් ඉවෙන්ට් ප්ලෑනින් පටන්ගත්තට පස්සෙ ඇතිවුණ කාර්යබහුලත්වය එක්ක ඩාන්සින් නවත්තන්න වුණා. නමුත් ලොකු ෂෝස් ආවොත් කරනවා.

ෆීල්ඩ් එකේ තරගයක් තිබුණත් ඒක මට දැනෙන්නෙ නෑ

මම මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ චේන් එකක් වගේ. මගෙ හොඳම යාළුවා රූපලාවන්‍ය ශිල්පී හර්ෂණ කසුන්. ඒ වගේම සුරංග ආකාශ්, සුභාෂ් අබේවික්‍රම, සමිත ඩයස්, යෝෂිත ලියනගේ. මේ අය එක්ක තමයි මම වැඩිපුරම ඉන්නෙ. ඉතින් එයාලට එන වැඩ මට එයාලා සම්බන්ධ කරනවා. මට එන වැඩ මං එයාලට සම්බන්ධ කරනවා. ඉතින් එහෙම බලනකොට මට සෑහෙන්න වැඩ හම්බෙනවා. නමුත් තරගයක් නැත්තෙ නෑ.

වැඩි කැමැත්ත නර්ථනයට

මං වැඩියෙන්ම කැමති ඩාන්සින්වලට. මොකද පොඩි කාලෙ ඉඳන් මට ඩාන්සින්වලට ලොකු කැමැත්තක් තිබුණා. නමුත් ජොබ් එකකුත් එපැයි. ඒ නිසා ජොබ් එකක් විදිහට සහ වෙනසකටත් එක්ක මේ වැඩේ පටන්ගත්තා.

මගේ වැඩ වෙනස් වෙන්නෙ මෙහෙමයි

මම දවසින් දවස අප්ඩේට් වෙනවා. ඒ වගේම මගේ වෙඩින්ස්වල මම මොකක්හරි වෙනසක් කරනවා. මනමාලියෙක් කොච්චර ආස වුණත් එයාට කලින් කවුරුහරි ඇඳපු මෝස්තරේ කැන්ඩියන් එකක් මම එයාට අඳින්න දෙන්නෙ නෑ. බියුටීෂියන් එක්කල ෆ්ලෝරල් කරන අය එක්ක පවා මම කතා කරනවා.

සමහර වෙලාවට හොටෙල් එකේ Menu එක පවා වෙනස් කරනවා. මොකද Morning Function එකකට ගැළපෙන කෑම තියෙනවා. Night Function එකකට ගැළපෙන කෑම තියෙනවා. ඒ ගැන මම චෙෆ්ලා එක්කම ගිහින් කතා කරනවා. ඒ වගේම කපල් එකත් මාත් එක්ක Flexible වෙනවා. මේ වෙනකල් කාගෙන්වත් පැමිණිල්ලක්නම් ලැබිලා නෑ. මට ඕනෙ කොලිටියට මගේ ව්‍යාපාරය කරගෙන යනගමන් කොලිටි වෙඩින් එකක් හැමෝටම කරලා දෙන්න.

එරංදි කෞශල්‍යා

TAGGED: NK, නලින්ද කුමාර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?