නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හරි බදුනක සිටුවිය යුතු බොන්සායි ගස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හරි බදුනක සිටුවිය යුතු බොන්සායි ගස්

Published September 18, 2023

පලමුව බොන්සායි කලාව සඳහා පැලයක් තෝරාගත් පසු සාමාන්‍ය මල් සිටුවන බඳුනක එය සිටුවා ගන්න අපට පුළුවන්. එය සා‍මාන්‍ය පැලයක් සිටුවන ආකාරයට කල හැක. පැලය බොන්සායි සඳහා පුහුණු කරන (Training) කාලය තුලදී අගල් 6 සහ 8 ප්‍රමාණයෙන් යුතු බඳුනක් භාවිතා කිරීම වඩාත්ම සුදුසුයි.

මන්ද සිටුවාගන්නා ලද පැලයේ වර්ධනය පිලිබඳව අපට ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්න සිදු වනවා. බොන්සායි ගසක පස් මාධ්‍ය අවම වශයෙන් අවුරුද්දකට වතාවක් අලුත් කිරිම සිදු කරනවා. නමුත් අපි බොන්සායි සඳහා ශාකයේ මූල මණ්ඩලය තරමක් කුඩාවට තිබිය හැකියි. ඒ නිසාවෙන් අවුරුද්දක් ඇතුළත ඇතිවෙන (වැඩෙන) මුල් වැඩි කරගැනීම සඳහා මෙය වඩාත්ම සුදුසු වනවා.

මේ විදිහට අඟල් 6 සහ 8 ප්‍රමාණයන්ගෙන් යුතු බඳුනක (සාමාන්‍ය පස) තුළ ශාකය සිටුවා ගත් පසු යම් යම් අවස්ථාවන් වලදී එයට පොහොර යෙදීම සිදුකළ යුතුයි. මේ සඳහා සමබර (Balance) පොහොරක් යෙදීමට වඩාත්ම සුදුසුයි. ඒ ආකාරයෙන් සිටුවා ගත් ශාකය අවුරුදු 2ත් 3ත් අතර කාලයක් ගත වන තුරුම එම බඳුන තුළම වැඩීමට ඉඩ හැරිය යුතුයි.

ඒ කාල පරාසය තුළදී අතු සකසා ගැනීම, අතු වර්ධනය කරගැනීම යන මේ සියලු කරුණු ද සපුරා ගත යුතුවේ. මේ අවස්ථාව වන විටදී බොන්සායි කරන නිර්මාණයේ සියලු වැඩකටයුතු අවසන් කර තිබිය යුතු අතර යම් යම් ශාකයන් අනුව සහ නිර්මාණයේ විශාලත්වය අනුව මෙම කාලසීමාව වෙනස් විය හැකිය.

ඉන්පසුව තිබෙන්නේ ශාකයට සුදුසු පරිදි බඳුනක් තෝරා ගැනීමයි. එක් එක් ශාකයේ විශාලත්වය අනුව සහ වර්ගයන්ට උචිත පරිදි එයට අදාළ විශාලත්වයකින් සහ උසකින් යුතු බදුන් තෝරාගනු ලබයි. බඳුන සාමාන්‍ය වශයෙන් අඟල් 3,4,5 උසකින් යුක්ත විය යුතුය.

ඒ වාගේම එය සිමෙන්ති සහ පෝසිලේන් පමණක් වීම විශේෂම කරුණකි. සිමෙන්ති බඳුනක් නම් එය නිර්මාණය කරන අවස්ථාවේදී කම්බි දැලක් (Net) යොදා නිර්මාණය කර ඇත්නම් වඩාත් යෝග්‍ය වේ. එවිට බඳුන පලුදු වීමට ඇති ඉඩකඩ සහ මුල් වැඩීම නිසා වන පිපුරුම් වැනි හානි අවම කරගත හැකි වේ.

ඒ වාගේම ඔබ තෝරා ගන්නා බඳුනට ජලය හොඳින් උරා ගත හැකි වීම අමතර සුදුසුකමකි. ඒ මගින් ශාකයට ජලය අඩු වූ අවස්ථා වලදී ජලය ලබා ගැනීමට හැකියාව ලැබේ.

බොන්සායි බදුන් තුල හැඩයන් කිහිපයක් පවතී. රවුම් හැඩය (Round ) රවුම් දිගටි හැඩය (Oval) කොටු හැඩය (Box) ඒ අතරින් කිහිපයකි. පහතට වැඩුණු (Cased) නිර්මාණයන් සඳහා එයට අදාල තරමක් උසකින් යුතු බඳුනක් භාවිතා කරනු ලබයි.

මේ සෑම බඳුනක් තුළම ජලය හොඳින් බැස යාමට සිදුරක් හෝ දෙකක් තිබිය යුතුයි. ශාකය බඳුන තුළ හොඳින් රඳවා ගැනීම සඳහා කම්බි යොදන නිසාවෙන් ඒ සඳහා ද කුඩා ප්‍රමාණයේ සිදුරු 4ක් තිබීම අනිවාර්ය වේ.

ඉහත කී පරිදි සියලු සුදුසුකම් සපුරාලන අංගසම්පූර්ණ බඳුනක් බොන්සායි බඳුනක් ලෙස නම් කිරීමට හැකියාව ඇත. එලෙස සුදුසු බඳුනක් තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ බොන්සායි කළ ශාකය මනා ලෙස බදුන් ගත කිරීමට හැකියාව ලැබෙයි.

බොන්සායි ශාකය බදුන්ගත කිරීමේදී මීට පෙර ලිපියේ සඳහන් කල පරිදි සාදාගත් පස් මාධ්‍ය, තෝරාගත් බඳුන සහ බොන්සායි කල ශාකය රැගෙන බඳුන්ගත කිරීම ආරම්භ කල හැක. හැකිනම් මේ සඳහා කරකැවිය හැකි මේසයක් (සක පෝරුවක්) සාදාගන්න. එය ඔබ කරන්නට යන කාර්යය තවතවත් පහසු කරයි.

සූදානම් කරගත් පැලය පස් සමඟ පෙර සිටුවා ඇති බඳුනෙන් ඉවතට ගෙන සීරුවෙන් තරමක් පස් ඉවත් කර තෝරාගත් බොන්සායි බඳුනෙහි තබා බඳුන්ගත කිරීමට අපහසුතා ඇති කරන මුල් තිබේදැයි බැලිය යුතුය.

එසේ තිබෙන වැඩි මුල් සීරුවෙන් කපා ඉවත් කල යුතු වේ. පස් ඉවත් කරන කාර්යය සඳහා එයට අදාල ආයුධයක් කලාව තුල ඇතත් එය ඔබට සොයා ගැනීමට අපහසුනම් ඒ සඳහා ගෑරුප්පුවක් එහි උඩ කොටස තරමක් පහලට නවා උචිත ලෙස සකසා ගත හැකියි.

පළමුවෙන්ම බොන්සායි බඳුනෙහි අඩියට (ජලවහන සිදුරට) පුංචි දැල් කැබැල්ලක් තැබිය යුතුය. (ජලය පිටවන පරිදි) තබා ගන්නා දැල් කැබැල්ල සෙලවෙනවා නම් පමණක් කම්බි කෑල්ලක් ආධාරයෙන් රඳවා ගැනීමට පුළුවනි.

පසුව බඳුනෙහි අඩියට 1/4 දැලෙන් හැලී ඉතිරි වූ පස් මිශ්‍රණ තට්ටුවක් ඇතිරිය යුතුය. ඒ මත මුල් කප්පාදු කර ගත් පැලය තබා අනෙක් පස් ප්‍රමාණයන් පිළිවෙලින් තට්ටු වශයෙන් යෙදිය හැකි වේ. එහි අවසාන පස් මිශ්‍රණ තට්ටුව විය යුත්තේ 1/32 හලාගත් කුඩාම පසයි. එය බඳුනෙහි උඩින්ම තිබිය යුතුයි.

මේ සියළු පියවර අවසානයේ දී කුඩා මොට වූ ලී කැබැල්ලක ආධාරයෙන් පැළයේ මුල් තුළ ඉතිරි වූ පස් ඇත්නම් ඒවා හා බොන්සායි පස් මාධ්‍යයට මිශ්‍ර වන අයුරින් පසට අනිමින් තද කළ යුතුය.

මෙය ඉතා ඉවසීමෙන් සෙමින් කිරීම වඩාත් වැදගත් වේ. පැලය සෙලවෙනවා නම් පමණක් කම්බියක් ආධාරයෙන් බඳුනෙහි ඇති කුඩා සිදුරු උපයෝගී කර තදින් රඳවාගත හැකිය. එයටද මල නොබැදෙන කම්බියක් යොදා ගැනීම වඩාත් සුදුසු වේ.

මේ සියලු වැඩ කටයුතු නිම කරමින් බොන්සායි ශාකයක් බඳුනක් තුළ සිටුවා ගත් පසු එයට අලංකාරත්වයක් ගෙන දීම සඳහා පාසි, පිඩලි ඇල්ලීම සිදු කළ හැකිය. ඊට අමතරව තවත් විවිධ දේ එක් කරමින් එහි නිර්මාණශීලීභාවය තව තවත් වැඩි කරලීමට අවස්ථාව ඇත.

පසුව ඉතා පරිස්සමින් ජලය ඉසින උපකරණයක් ආධාරයෙන් හොඳින් පස තෙමීම සිදුකළ යුතුය. ක්‍රමයෙන් සති 3ක පමණ කාලයක් පැලයට සෙවණ සලසා දී පසුව අව්වට හුරුකරගන්න.

ශාකයක් බඳුන්ගත කළ පමණින් එය බොන්සායි කලාව නොවන වග මතක තබාගන්න. බොන්සායි පස් මාධ්‍යයක සිට වූ ශාකය එහි වැඩී කොළවල විශාලත්වය ක්‍රමයෙන් අඩු වී ගසට බොන්සායි ගසක ඇති ගති ලක්ෂණ පහළ වීමට තවද යම් කාලයක් ගත වේ. ඒ නිසාවෙන් ඉතා ඉවසිල්ලෙන් රැකවරණයක් තුළ ගස් ආරක්ෂා කළ යුතු වේ.

(බොන්සායි ශාකයක් නඩත්තු කිරීම සහ පොහොර යෙදීම පිළිබඳව ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා

TAGGED: nadum piyumal, බොන්සායි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?