නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ෆෝන් එකක් ගත්තට මදි හරියට චාජ් කරන්න ඉගෙනගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ෆෝන් එකක් ගත්තට මදි හරියට චාජ් කරන්න ඉගෙනගන්න

Published September 18, 2023

අද වනවිට ජංගම දුරකථන භාවිතය අස්සක් මුල්ලක් නෑරම පැතිර ඇත. එහෙත් මෙහි බැටරි ආයුකාලය සීමිතයි. අප හරිහැටි ඒ ගැන අවබෝධ කරගතහොත් වැඩි කාලයක් දුරකථනය භාවිත කරන්න පුළුවන්. එවිට ඔබේ මුදලත් ඉතිරි වේවි.

චාජින් කාලය අඩුවෙන්නේ ඇයි?

ඔබ දුරකථනයේ රඳවා තබන අනවශ්‍ය තොරතුරු, ඔබට වැඩි වැඩියෙන් ලැබෙන දැනුම්දීම් මගින් බැටරිය වෙත අනවශ්‍ය පීඩනයක් ඇති කරයි. බැටරිවල ආයුකාලය ආරෝපණ වාර 500-1000 අතර හෝ අවුරුදු 3-5 ත් අතර කාලයක් වූවත් අපගේ වැරදි ක්‍රියා නිසා මේ කාලය අඩුවෙයි.

ස්වර්ණමය නීතිය

ඔබේ දුරකථනය 50% ට වඩා අඩු වූ විට චාජ් කරන්න. 100% එනතෙක් නොසිට 90% දී චාජරය විසන්ධි කරන්න.බැටරි බලය අඩු වූ බව දන්වන දැන්වීම ස්ථාපිත කරගන්න. සම්පූර්ණ ආරෝපණයට වඩා ඉඳහිට කෙරෙන කෙටි ආරෝපණ බැටරියේ ආයුෂ දිගුකරයි.

චාජරය පණගන්වා නිදාගන්න එපා

මෙමගින් බැටරිය අධි ආරෝපණ කාලයක් ගැනීමට අමතරව රත්වීම සිදුවීම අනතුරුදායකය. හොඳම ක්‍රමය දුරකථනය ක්‍රියාවිරහිත කර ඔබ පූර්ණ අවධානය ඇති නියමිත වේලාවකට චාජ් කිරීමයි.

ෆාස්ට් චාජිං හොඳද?

මෙම සැකසුම නවීන ස්මාර්ට් ෆෝන්වල ඇත. වේගයෙන් ආරෝපණය වීම සඳහා තනන ලද බැටරියකට ඉන් අනතුරක් නැත. නමුත් ඔබේ වාහනයෙන් වේගවත් ආරෝපණයට සම්බන්ධ කර ඇති දුරකථනය ඉන් පිටවන වහාම පිටතට ගැනීමට මතක තබාගන්න. ඔබේ දුරකථන බැටරිය ආරෝපණය වීමේදී අධික උෂ්ණත්වයට කැමති නැති ආකාරයටම අධික ශීතලටද කැමති නැත. එම නිසා උණුසුම් මෝටර් රථ, මුහුදු වෙරළ, උදුන් අසල චාජ් කිරීමෙන් වළකින්න.

චාජ් කිරීම වේගවත් කිරීමට නම්

Airplane Mode යටතේ සකසා චාජ් කිරීම වේගවත්ය. එවිට ජංගම දත්ත ස්වයංක්‍රීයව නැවතී බැටරිය ආරක්ෂා වෙයි. Low Power Mode යටතේ චාජ් කිරීම අනෙක් ක්‍රමයයි. මතක තබාගත යුතු කරුණ වන්නේ ඔබ ඉක්මන් චාර්ජ් වීමක් අපේක්ෂා කරන්නේ නම් ඒ අතර දුරකථනය භවිතයෙන් වැළකී සිටීමය. එසේ කරන විට දුරකථන මොනිටරය ඇතුළු සෙසු කොටස් මගින් තාපය පිටකරයි.

(https://www.techadvisor.com/  ඇසුරෙන්)

සුනිල් අල්ගම


 

TAGGED: battery, charge, phone
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?