නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හෙදියක් කළ හදියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හෙදියක් කළ හදියක්

Published September 4, 2023

පුංචි පැටව් හතක් මරලා

එංගලන්තයේ රෝහලක නොමේරූ ළදරු ඒකකයක බිළිඳුන් හත්දෙනෙකු ඝාතනය කළ තවත් බිළිඳුන් හයදෙනෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් එහි සේවය කළ හෙදියක වන ලුසී ලෙට්බි එරට අධිකරණය හමුවේ වැරදිකාරිය වී තිබේ. 33 වියැති හෙදිය සිදුකළ ලොවක් කම්පා කරවූ මෙම ඝාතනය මෑත ඉතිහාසයෙ සිදුවූ කෲරතම ළමා ඝාතනය ලෙස හඳුන්වයි.

එංගලන්තයෙ දීර්ඝතම මිනීමැරුම් නඩුව…

ඇය විසින් හිතාමතාම ළදරුවන්ට වාතය එන්නත් කර, බලහත්කාරයෙන් අන් අයගේ කිරි ළදරුවන්ට පොවා සහ ළදරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර මෙම ඝාතන සිදුකර ඇති බවට අධිකරණය හමුවේ සනාථ වී ඇත්තෙ එරට දීර්ඝතම මිනීමැරුම් නඩු විභාගයේදීය.

ලෙට්බි නොමේරූ ළදරු ඒකකයේ හෙදියක් ලෙස සේවය කරමින් සිටියදී රෝහල්ගත කළ ළදරුවන් පිළිබඳ රහස් පරීක්ෂකයින් දිගටම සමාලෝචනය කරයි. 2015 සිට සිදුවූ සැකසහිත බිළිඳු මරණ පිළිබඳ නඩුවේදී අවධානය යොමු කර ඇත.

විමර්ශනය රහසිගතව…

ඇය සේවය කරන අතරතුර එම ඒකකයේ බිළිඳන් හිටිහැටියේම මියයාම ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳ අවධානය යොමු කළ වෛද්‍යවරුන් දිගු කාලයක අධීක්ෂණයකින් අනතුරුව පොලීසියට කළ කරුණු දැක්වීමකින් පසුව පොලිස් නිලධාරීන් රහසිගතව වසර 2 ක් පමණ දීර්ඝ විමර්ශනයක් කර ඇත.

එහෙත් හෙදියට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට රෝහල් ප්‍රධානීන් අසමත් වූ බවත් වෛද්‍යවරුන් නිහඬ කිරීමට ඇය උත්සාහ කළ බවත් ලෙට්බි සේවය කළ ඒකකයේ ප්‍රධාන උපදේශකවරයා විදෙස් මාධ්‍යයට පවසා තිබේ. ඇය සෑම තරාතිරමකම පුද්ගලයන් ඇසුරු කළ නිසාත් ඇය ඉතා දක්ෂ සහ සූක්ෂම ලෙස තම වැරදි සහ සාක්ෂි වසන් කළ නිසාත් මෙතෙක් කලක් ඇයට නිදැල්ලේ සිටීමට හැකිවී ඇති බවට ද විදෙස් මාධ්‍ය පවසයි. හෙදිය අත්අඩංගුවට ගෙන තිබුණේ සාධාරණ සාක්ෂි සනාථ වීමෙන් පසුවයි.

කාරුණික මුහුණ යටින් සිටි යක්ෂණිය…

ලුසී ලෙට්බි, ඇයගේ සමීපතමයන්, අසල්වැසියන්, පවුලේ අය පවසන පරිදි ඉතා කාරුණික, නිහඬ වගේ දරුවන්ට වඩාත් ළෙංගතු සිතැත්තියකි. සූක්ෂම බුද්ධියක් ඇති ඇය හෙදියක වීමටම සිහින මැවූ විෂයෙහි අතිදක්ෂයකි.

සිය පවුලේ පළමුව සරසවි වරම් ලබාගත් තැනැත්තියද ඇය විය. ඇයගේ මනසෙහි නිතර තිබුණේ සිය වෘත්තිය හරියටම කරගෙන යාම පමණක් බව ද පවුලේ අය පවසා තිබුණි.

ලුසී ලෙට්බි කුඩා කාලයේදී…

ඇයගේ චරිතය තුළ බොහෝ පැති තිබුණත් ඇය බ්‍රිතාන්‍යයේ කෲරතම දාම ඝාතකයෙකු තබා හෝ සූක්ෂම මිනීමරුවෙකු වේ යැයි ඇයව හමු වූ කිසිවකුට අනුමාන කළ නොහැකි විය. ඇය එතරම්ම කාරුණික තැනැත්තියක විය. උපන්දා සිටම ඇය දකින ඇසුරු කරන අසල්වැසියන්ට තවමත් ඇයට එල්ල වන චෝදනා චෝදනාම පමණි. එහෙත් ඇයගේ සාමකාමී චරිතය තුළ සැඟවුණු පැතිකඩ බොහෝ අඳුරුය.

කෙටි සටහන්වලින් සොයාගත් අභිරහස…

විමර්ශනය සිදුකළ රහස් පරීක්ෂකයන්ට පෙනී ගිය එක් සුවිශේෂී රටාවක් ඇයගේ හැසිරීමෙන් පෙනෙන්නට විය. එනම්, බිළිඳු මරණයක් සිදුවූ විට ඇගේ කාරුණික බව අභිබවා තරමක දුෂ්ඨ ස්වභාවයක් මතුවන්නට වීමයි.

ඇය තමා හසුනොවීමට මඟ අවුරන ආකාරය ඉතාම සාර්ථක අයුරින් කළ බව ද විමර්ශකයන්ට පෙනීගිය තවත් කරුණකි. ඇයගේ නිවස සෝදිසි කිරීමේදී පරීක්ෂක කණ්ඩායම විස්මිත සොයාගැනීම් මාලාවක් සිදු කරන ලදී. එනම් මරණ සඳහා ඇය වරදකාරිය යන බව පෙන්නුම් කරන කෙටි සටහන්කිහිපයක් සොයාගැනිමයි.

ඇය ලියූ සටහන්…

“ මමයි ඒක කළේ… මම යක්ෂණියක්”

යනාදි සටහන් ඒ අතර විය.තවත් සටහනකින් පෙනී ගියේ කිසිදා ආදරය නොලැබේ යැයි ඇය තුළ දැඩිව බියක් පෙන්නුම් කරන සටහන්ය.

“ මාව හොඳ මදි… මට කවදාවත් විවාහ වෙන්නේවත් දරුවන් හදන්නේවත් බැරිවේවි…” ඇය ලියා තිබුණි.

සමාජයේ කැපී පෙනෙන චරිතයක්…

ඇයගේ විවේක කාලය තුළ ඇය නව නොමේරූ ළදරු ඒකකයක් ගොඩනැගීම සඳහා රෝහලේ පුණ්‍ය කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට උදව් කළාය. එම අරමුදල පවුම් මිලියන 2 කට වඩා වැඩි මුදලක් රැස් කර ගත් අතර 2013 මාර්තු මාසයේදී ඇය ගැන ලිපියක් ප්‍රාදේශීය පුවත්පතකද පළවිය.

තවත් පුවත් ලිපියක ඇය සිනහසෙමින් ළදරු ඇඳුමක් ඔසවාගෙන සිටින ආකාරයද ඡායාරූපගත කර ඇති අතර ඇය එහිදී මෙසේ පවසා තිබුණාය. “මගේ කාර්යභාරය වන්නේ විවිධ මට්ටම්වල සහය අවශ්‍ය ළදරුවන් රැකබලා ගැනීමයි. ඔවුන් දියුණු වෙනවා දැකීමත් ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම තමයි මගේ සතුටු කියා”

අමුතු හැසිරීම්…

මෙම බිළිඳු මරණ වාර්තා වූ හෝ මරණයට තැත්කිරීම් වාර්තා වී ඇති සෑම දිනයකටම පසුව ඇයගේ හැසිරීම් රටාව විශේෂ වූ බව විමර්ශකයෝ පෙන්වා දෙති. ඇය එවැනි ක්‍රියාවකින් පසුව දුෂ්ඨ ගතිපැවැත් පමණක් නොව වඩා වැඩියෙන් සතුටු වන ආකාරයක් පෙනීගොස් ඇති බවට සමාජ ජාල හරහා හමුවූ සාක්ෂි අතරින් තහවුරු වී තිබේ.

එවැනි සිද්ධියක් අවසානයේදී ඇගේ සතුට ප්‍රකාශ කිරීම යම් ආකාරයක රටාවකට අනුව සිදු කළ බවත් එය තරමක් අසාමාන්‍ය බවත් ඔවුන්ගේ අදහසයි.

එය කෲරත්වයෙන් පසුව සතුටුවන මානසිකත්වයකට සමාන යැයි ද විමර්ශකයන් පවසා ඇත. බිළිඳු මරණයක් සිදුකිරීමට පෙරද තමා ඉතා සාමකාමීව පාඩුවේ විසූ බවට පෙන්විය හැකි ආකාරයට ඇය සාක්ෂි සහිත වන ලෙස ක්‍රියා කොට ඇත. ඇය සමාජ ජාලයේ සේයාරූ වීඩියෝ තමා පළ නොකළත් යාලුවන් ලවා හෝ පළකිරීමට ඇය සූක්ෂ්ම වී ඇත.

සමාජජාලයේ රහස් ඔත්තුකාරී…

බිළිඳු මරණ වූ පසුව ලෙට්බි එම බිළිඳන්ගේ පවුල්වල අයව සමාජ ජාලය තුළ සොයාගොස් ඔවුන්ගේ හැඟීම්, හැසිරීම් රටා ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත. ඇය බොහෝ වාරයක් එම පවුල්වල සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ සොයාගිය ගිය බවට විමර්ශකයන්ට තොරතුරු ලැබී ඇත.

තම බිළිඳුන්ගේ මරණවල ඛේදවාචකය පිළිගත නොහැකිව දුක්විඳින දෙමාපියන් ඉදිරියේ ඇයගේ හැසිරීමද තරමක වෙනස්ය. එය කිසිසේත්ම අවස්ථාවට නොගැළපෙන එකකි.

එනම් සති 11 ක් වයසැති බිළිඳා මළ පසු දෙමාපියන් තවමත් අඬන විට දරුවා පළමු වරට තමා විසින් සෝදා නෑවූ ආකාරය පිළිබඳ සතුටු මතකයන් ආවර්ජනය කරමින් සිනාසීමටද ඇය ක්‍රියා කොට තිබේ.

කුඩා කල සිට තමන් දන්නා කිසිවකුත්, අවට කිසිවකුත්, ජූරියක් ද නොමඟ යැවීමට තරම් ඇයගේ චරිතය කපටි විය. අවසානයේ නව යෞවනියක තබාගන්නා ආකාරයේ සැරසූ ඇයගේ කාමරයේ ඇයම ලියා තැබූ සටහන්වලින් සියල්ල සනාථ කරගැනීමට හැකිවිය.

ඒවා සොයාගැනීම විමර්ශකයන්ට පහසු වී නොතිබුණි. කෙසේ නමුත් ළමා දාම ඝාතකයකු වූ ඇයගේ දඬුවම ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. ඇය එංගලන්ත ඉතිහාසයට එක්වන්නෙ එවැනි දඬුවමක් ලබා ජිවතුන් අතර සිටින කාන්තාවන් තුන්දෙනාගේ එක් අයෙකු ලෙසයි.

(අන්තර්ජාලය ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

TAGGED: merder, the nurse, එංගලන්තයෙ දීර්ඝතම මිනීමැරුම් නඩුව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?