නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්

Published September 4, 2023

කෘත්‍රිම බුද්ධිය වැඩ අරඹයි

පිළිකාවක් කල් තබා හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය කොතරම් හොඳක් දැයි ඔබ සිතනු ඇති. නමුත් තවමත් වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයන්ටවත් ඒ හැකියාව ලැබී නැහැ. වෛද්‍ය පර්යේෂණවල හාස්කම් නිසාම අනාගතයේදී යම් පුද්ගලයෙකුට පිළිකා රෝග තත්ත්වයක් ඇත්නම් එය කල් තබා හඳුනා ගැනීම් හැකියාව ලැබෙන බවට වූ සුබ ආරංචියක් තිබෙනවා. මෙම පර්යේෂණය ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අතර ඒ සඳහා “ඉන්සිලිකෝ මෙඩිසින්” නැමැති වෛද්‍යාතනය ඒ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. මෙම කෘත්‍රිම බුද්ධිය Pharma යනුවෙන් නම් කර තිබෙනවා. මෙම කෘතිම බුද්ධිය මගින් ඒක සප්ත සෛලික පිළිකාවන්ට Hepatocellular Carcinoma – (HCC) පිළියම් යෙදීමේ හැකියාවක් ලැබෙනවා.

අක්මා පිළිකා

ප්‍රාථමික අක්මා පිළිකාව වඩාත් සුලභ වර්ගයයි. හෙපටයිටිස් බී හෝ හෙපටයිටිස් සී ආසාදනය නිසා ඇතිවන සිරෝසිස් වැනි නිදන්ගත අක්මා රෝග ඇති පුද්ගලයින් තුළ බොහෝ විට හෙපටොසෙලියුලර් පිළිකා ඇතිවේ. හෙපටයිටිස් ඊ ආසාදනය නිසා ඇතිවන නිදන්ගත අක්මා රෝගීන් රෝග තත්ත්වයට ගොදුරු වීමට වැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසාම කෘත්‍රිම බුද්ධිය මෙහෙයවා හෝ පිළිකාවක් කල් තබා හඳුනා ගැනීමේ අවශ්‍යතාවය ගැන වෛද්‍ය තාක්ෂණ සහ පර්යේෂකයන්ගේ අවධානය යොමු වුණා. කෘත්‍රිම බුද්ධිය විසින් ප්‍රෝටීන් ව්‍යුහ දත්ත සමුදායක් බල ගැන්වූ අතර එය අක්මාවේ හට ගන්නා පිළිකාව හඳුනා ගැනීමට පහසුවක් වුණා.

දින 30 කින් පුළුවන්

කෘත්‍රිම බුද්ධියට මේ සඳහා ගත වෙන්නේ දින 30 ක කාලයක් පමණයි. නමුත් මුලින්ම මේ හඳුනා ගැනීම කෘත්‍රිම බුද්ධියට බාර දුන්නේ නැහැ. මුලින්ම රසායනික සංයෝග හතක් සංශ්ලේෂණය කරමින් ප්‍රතිකාර හඳුනා ගත්තා. එයින් පසුව කෘත්‍රිම බුද්ධිය යොදවා ගෙන පිළිකා සමග සටන් කළ හැකි අනුවක් හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකියාවක් ලැබුණා.

Pharma නමින් ලියාපදිංචි කරන ලද මෙම රොබෝ තාක්ෂණය මගින් පිළිකා පැවැතෙන අනුපාතය ගණනය කර පිළිකාව පවතින වර්ගය වැනි තොරතුරු පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. මේ ගැන තව දුරටත් අදහස් දක්වන බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂක ජෝන් පෝස් හුනේස් සඳහන් කරන්නේ අපේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන් මෙම කෘත්‍රිම බුද්ධියටත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන්.

ඒ වාර්තා මගින් රෝගියාගේ වයස, පිළිකා වර්ගය, රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය, යොදා ගත් ප්‍රතිකාර ක්‍රම සහ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය වැනි දත්ත කෘතිම බුද්ධියට ලබා දෙනවා. ඒ තොරතුරුද ආධාර කරගෙන රෝගියා ගැන පූර්ණ විස්තරයක් ලබා දීමට මෙම Pharma රොබෝට හැකියාවක් තිබෙනවා.

මෙය අලුත් ක්‍රමයක්

මෙහිදී නව අණුවක් මගින් පිළිකා සෛල එල්ල කර පහර දීමට හැකියාව තිබෙනවා. ඒ නිසා පිළිකා රෝගියෙකට ජීවත් වීමට ඇති හැකියාව 80% ක් තරම් නිවැරදිව සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මෙ වනවිටත් බ්‍රිතාන්‍ය කොලම්බියාවේ පිළිකා රෝගීන් 47,625 දෙනෙකුගේ පමණ දත්ත ලබාගෙන තිබෙනවා.

ඒ අනුව කෘත්‍රිම බුද්ධිය මාරක රෝගවලට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කිරීමට හැකියාව තිබෙනවා. මෙම තාක්ෂණය මගින් දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට පුළුවන්. ඒ වගේම මෙම තාක්ෂණය මගින් පිළිකා ප්‍රතිකාර කිරීමේදී ඇතිවන ප්‍රතිචාර ගැනත් පියවරෙන් පියවර හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ දෙනෙක් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්නේ භාෂාත්මක හා කලා නිර්මාණ වෙනුවෙන්.

බිල් ගේට්ස් පදනමෙන් අනුග්‍රහයක්

බිල් හා මිලින්ඩා ගේට්ස් පදනම මගින් රෝග වැළැක්වීම වෙනුවෙන් වූ ප්‍රතිශක්තිකරණ එන්නත් පර්යේෂණ වෙනුවෙනුත් සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කර ගතහොත් වඩාත් සාර්ථක වේවි

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ කටයුතු වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමෙන් අදාළ ක්ෂෙත්‍රයේ රෝග හඳුනා ගැනීම, තොරතුරු සහ පර්යේෂණ කටයුතු පිළිබඳව විශාල සංවර්ධනයක් කිරීමට හැකියාව ඇති බැව් බිල් ගේට්ස් සඳහන් කරනවා. ඔහු බ්ලොග් පිටුවක මෙසේ සඳහන් කර තිබේ. අපේ පදනම මගින් ඉදිරියේදී කෘතිම බුද්ධි මෙවලම් සඳහා වැඩි මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මගින් අපට ලොව පුරා දිළිඳු ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන සෞඛ්‍ය ගැටලුවලට පහසුවෙන් විසඳුම් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.

මේ වනවිටත් බිල් ග්ට්ස් පදනම පවා සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ කටයුතු වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන තිබෙනවා. ඒඩ්ස්, මැලේරියා, ක්ෂය රෝගය වැනි රෝග තත්ත්වයන් වෙනුවෙන් දැනටමත් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ප්‍රතිකාර කටයුතු සිදු වෙනවා.

මේ එන්නත පිළිබඳව වූ තොරතුරු සෙවීමටත් කෘත්‍රිම බුද්ධිය යොදා ඇති අතර එහිදී බිල් ගේට්ස් කියා සිටියේ මිනිසාට වඩා ඉක්මනින් කෘත්‍රිම බුද්ධිය විසින් අදාළ ගැටලුවට හේතුව සොයා ගන්නා අතරම නැවතත් එවැන්නක් නොවන ලෙසට වගබලා ගැනීමටත් ඔවුන්ට සුවිශේෂී හැකියාවක් ඇති බවයි. විද්‍යාඥයින්ටත් වඩා වේගවත් ලෙසින් තොරතුරු වගේම රෝග පිළිබඳව දත්ත සහ තොරතුරු රැස්කිරීමේදී කෘතිම බුද්ධිය ඉදිරියෙන් සිටිනවා. ඇතැම් රෝග තත්ත්වයන්හිදී සෞඛ්‍ය සහ පර්යේෂකයන්ට සමීප වීමට අපහසු තැන් කෘත්‍රිම බුද්ධිය මගින් කර ගැනීමටත් හැකියාවක් තිබෙනවා.

(  https://nypost.com ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Cancer patients, University of Toronto, ටොරොන්ටෝ විශ්වවිද්‍යාල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?