නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජෙෆ්රි බාවාගේ යෝධ සෙවනැල්ලට වැසුණු ශ්‍රීලංකාවේ ප්‍රථම ගෘහ නිර්මාණ ශිල්පිණිය – මිනෙට් ද සිල්වා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජෙෆ්රි බාවාගේ යෝධ සෙවනැල්ලට වැසුණු ශ්‍රීලංකාවේ ප්‍රථම ගෘහ නිර්මාණ ශිල්පිණිය – මිනෙට් ද සිල්වා

Published August 28, 2023

ඉඳන්ම කිව්වට මුළු ගෑනු සංහතියම එකම කුලයක් අස්සට හිර කරන ඒ සමහර මහත්තුරුන්ට වඩා මොළෙන් ගේම ගහලා නමක් තියපු ගෑනු අපේ රටේ ඉන්නවා. මේවා පිරිමින්ගෙ වැඩ, මේවා ගෑනුන්ගෙ වැඩ කියල දෙකට බෙදාගෙන ඒ පිරිමින්ට වෙන් කරපු වැඩ ගෑනියෙක් කරද්දි ඒ ගෑනිව මානසිකව වට්ටන්න පුළුවන් අන්තිම අඩියට වට්ටලත් ඔළුව උස්සලා තමන්ගෙ ගමන නවත්තන් නැතිව යන ගෑනු අපේ රටේ ඉන්නවා. අද මේ අකුරු කෙරෙන ලිපියත් පිරිමින්ට වෙන් කරපු වැඩක් කරන්න ගිහින් සමාජයෙන් ගැරහුමට ලක්වුණ අපේ රටේ උත්තරීතර කාන්තාවක් ගැනයි.

ඇය මුළු දකුණු ආසියාවම හොල්ලපු මිනෙට් ද සිල්වා. ශ්‍රී ලංකාවෙ වගේම දකුණු ආසියාවේ ප්‍රථම වාස්තු ගෘහ නිර්මාණ ශිල්පිණිය ඇයයි. 1918 දී නුවරදි උපත ලද මිනෙට් ඒ කාලෙ කාන්තාවන්ට නුසුදුසු වෘත්තියක් විදිහට සැලකූ වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පයම තමන්ගෙ වෘත්තිය විදිහට තෝරගත්තෙ පුංචි කාලෙ ඉඳන් නුවර කලා සංස්කෘතිය හා බැඳුණු වටපිටාව සහ කලා හා අත්කම් ව්‍යාපාරයට සම්බන්ධ වූ ඇයගේ මවගේ ආභාෂයත් නිසයි.

වාස්තු ගෘහ නිර්මාණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ඉන්දියාවෙන් සහ එංගලන්තයෙන් හදෑරූ ඇය පසුව ලෝක ප්‍රකට වාස්තු විද්‍යාඥයෙක් වූ එංගලන්තයේ ලා කබුසියර් සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. ඉන් වසර ගණනාවකින් පසුව මිනෙට් 1949 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙ නිදහස් වූ රටට ඇයගේ දායකත්වය ලබා දෙන ලෙසට සිය පියා  ඇගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ලංකාවේදී ආරම්භ කළ සිය වෘත්තීය ජීවිතයේ පළමු ව්‍යපෘතිය විදිහට මිනෙට් නිර්මාණය කරන්නෙ සිය පියාගේ යහළුවෙකු වූ නීතීඥ ලෙටී කරුණාරත්නගේ නිවසයි. මහනුවර ප්‍රදේශයේ ප්‍රථම වතාවට කන්දක් මත පිහිටි ඉඩමකට බෙදුණු නිවසක් සඳහා ඇය සැලසුම් සකස් කරන්නෙ ඒ අනුවයි.

එය ශ්‍රී ලංකාවේ කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද පළමු ගොඩනැගිල්ල වූ අතර එය බොහෝ අවධානයට හා ආන්දෝළනයටත් ලක් වුණා. කරුණාරත්න නිවස නිම කිරීමෙන් පසු 1950 ගණන්වල ඉදිරි කාලය මිනෙට්ගේ වෘත්තීය ජීවිතයේ කාර්යබහුලම දශකය වුණා.

නමුත් ශ්‍රී ලංකාවේ එවකට ප්‍රථම සහ එකම කාන්තා ගෘහ නිර්මාණ ශිල්පිනිය වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇයට බොහෝ ගැටලුවලට මුල් අවදියේදීම මුහුණ පාන්නටත් සිදු වුණා. ඇය පිරිමි හවුල්කරුවෙකු හෝ ස්ථාපිත ආයතනයක් නොමැතිව ස්වාධීනව සේවය කිරීම බොහෝ කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන්, රජයේ ආයතන කෙරෙහි අවිශ්වාසයක් ඇති කළා.

“කාන්තාවක් වීම නිසාම මම ප්‍රතික්ෂේප වී තිබෙනවා. කවදාවත් මගේ නිර්මාණ බැරෑරුම් විදිහට සැලකුවේ නෑ” පිරිමින්ට පමණක් වෙන් වුණ ගෘහ නිර්මාණකරණයේ නියැලුණු නිසා ඇය ලැබූ ගැරහිලි පිළිබඳව ඇය තම සමීපතමයන්ට පවසා තිබුණේ එලෙසිනුයි.

ඇගේ නිර්මාණ කුටි (Cottages) සිට විලා සහ මහල් නිවාස දක්වාම විහිදුණා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය කලාත්මක බව හා බැඳුනු නූතනවාදී මෝස්තරයන් ඇය ඇගේ ගෘහ නිර්මාණයන්ට යොදාගත්තා. මිනෙට් කවදාවත් උසස් සමාජයට සීමා වුණේ නෑ. 1950 දී ඇය මහනුවර රාජ්‍ය සේවකයන් සඳහා වූ නිවාස සංවර්ධන යෝජනා ක්‍රමයේ සේවය කළා.

සාම්ප්‍රදායික නිර්මාණ ශිල්පීන් සඳහා සෑම විටම වටිනා වැඩ ලබා දුන්නා. නමුත් කණගාටුවට කරුණ මිනෙට්ගේ බොහෝ නිවාස මේ වනවිට නටබුන් වීමයි. යුරෝපයේ නවීන ගෘහ නිර්මාණ ශිල්පයන් ආභාෂයට අරගෙන ලංකාවේදී කළ වෙනස්කම් නිසා ඇයගේ කාර්යයන් බොහෝ දුරට අවතක්සේරුවට ලක්වුණා.

මහනුවර වටපුළුව නිවාස යෝජනා ක්‍රමය, ගම්පොල ජිනරාජ විද්‍යාලය, මහනුවර රතු කුරුස ශාලාව, කොළඹ පීරිස් නිවස, මහනුවර දස්වානි නිවස, කොළඹ කලා මණ්ඩලයේ විවෘත රංග ශාලාව, කොළඹ සේනානායක මහල් නිවාස සංකීර්ණය, කොල්ලුපිටිය අශෝක අමරසිංහ නිවස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි එළිමහන් රංග පීඨය, නුවර කලායතනය මිනෙට් අතින් නිර්මාණය වූ ගොඩනැගිලි කිහිපයක්.

1962 දී මිනෙට්ගේ මව මිය යාම ඇගේ වෘත්තීය ජීවිතයේ විශාල කඩාවැටීමකට හේතු වුණා. මවගෙ වියෝවෙන් ඇය දැඩි ලෙස මානසික අවපීඩනයෙන් පෙළුණා. ඉන්පසු ඇය වසර ගණනාවක් ශ්‍රී ලංකාවෙන් බැහැරව බොහෝ කාලයක් විදෙස් රටවල කාලය කරන්නට පුරුදු වුණේ මවගේ පාළුව නැතිකරගැනීමේ අදහසිනුයි.

මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා විදිහට වර්තමානයේ හැඳින්වෙන ජෙෆ්රි බාවා ලංකාවට පැමිණ සිය ගෘහ නිර්මාණකරණයේ නියැලීමත් සමග මිනෙට්ගේ මතකය ඉතිහාසයෙන් ටිකෙන් ටික වියැකෙන්නට පටන්ගන්නවා. වසර ගණනාවක් සිදුකළ පිටරට සංචාරයන්ගෙන් පසුව මිනෙට් යළිත් ලංකාවට පැමිණ ඇයගේ වෘත්තිය ආරම්භ කරන්නට කොපමණ උත්සාහ කළත් ඒ වෙනකොට ජෙෆ්රි ඔහුගෙ නම මුළු ලංකාවෙම පතුරවා අවසන්.

ඒත් සමගම ඇයට සිය ජීවිතය ගෙවන්නට වෙන්නෙ අතේ සතයක්වත් නොමැති අසරණ හුදෙකලා කාන්තාවක ලෙසයි. අවසානයේ පිරිමින් ඉදිරියේ ප්‍රතික්ෂේප වූ සිය හුදෙකලා ජීවිතයට තිත තියමින් මිනෙට් ද සිල්වා 1998 දී මියයන්නෙ සිය නිවසේ නාන කාමරයේ ඇද වැටීමකින්. මියයන විට ඇයගේ වයස අවුරුදු 80ක්.

මේ ලිපිය මිනෙට් ද සිල්වා විසින් කියූ වචන කිහිපයකින් මම අවසන් කරන්නම්.“මම පුරුෂයෙකු නම් මේ සියලු ප්‍රශ්න, විවේචන සහ පසු විමසුම් නොතිබෙනු ඇත. ඔවුන් මා කියූ දේ එලෙසම පිළිගෙන මා හට ස්තූති කරනු ඇත. නමුත් ඒ වෙනුවට මා උමතු බවද, වගකීම් විරහිත බවද, උද්දච්ඡ බවද ඔවුහු මට පැවසුහ.”

ලිංග බේදය අනුව රස්සාවල් තීරණය වෙන ලෝකෙ එකම රට වෙච්චි රටක වැරදිලා ඉපදුණු මිනෙට් ද සිල්වා ඉතිහාසයෙන් අමතක කර දැමුවත් ඇය ශ්‍රී ලංකාවට සැබෑ අභිමානයක්.

 එරංදි කෞශල්‍යා

 

TAGGED: Sri Lanka's first woman architect, ජෙෆ්රි බාවා, මිනෙට් ද සිල්වා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?