නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හැඩයක් ඇති බොන්සායි Bonsai Style
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හැඩයක් ඇති බොන්සායි Bonsai Style

Published August 28, 2023

බොන්සායි කලාව තුළ ප්‍රධාන වශයෙන් රූපකායන් (හැඩතල) 26 ක් තිබෙන අතර ඔබ තෝරා ගන්නා ශාකයට සුදුසු පරිදි මෙම රූපකායන් (Style) තෝරා ගත යුතුවේ. මෙය බොන්සායි කලාව තුළ වැදගත්ම අංගයක් වන අතර ගසක හැඩතල මවා ගනිමින් නිර්මාණය අලංකාරව නිමකරලීමට මෙමගින් හැකිවේ. මෑත කාලයේ බිහි වෙමින් පවතින නිර්මාණ ශිල්පීන් අතර රූපකායන්ට අනුකූල නොවූ හැඩතලයන් යටතේ නිර්මාණ බිහි කරන අයවලුන්ද දක්නට ඇත. බොන්සායි කලාව තුළ මෙය හඳුන්වනු ලබන්නේ (Free Style) යනුවෙනි.

මෙලෙස නිදහස් රූපකායන් යටතේ නිර්මාණයන් සිදු කරලීම තමන්ගේ කැමැත්ත මත සිදු වේ. නමුත් බොන්සායි කලාව තුළ පිළිනොගන්නා සහ නිවැරදි ලෙස නිර්මාණය නොකිරීම යන කරුණු මෙයට අදාළ වේ. තවද මේ සඳහා කලාත්මක ඇසක් තිබිය යුතුය. බොහෝ රටවල නිර්මාණකරුවන් අතර මේ රූපකායන් (Style) සඳහා වැඩි අවධානයක් යොමුවේ. ලංකාව තුළද රූපකායන් යටතේ නිර්මාණ සිදු කරලීමට කැප වන සහ විශාල උත්සාහයක් දරන අයවලුන් බොහෝ දැකගත හැකිය. ඔවුන්ගේ නිර්මාණ විශාල වටිනාකමක් ද හිමිකර ගනී.

ගසක රූපකායන් නිර්මාණය කිරීමේදී ගස දෙස විනාඩි 10ක් 15ක් පමණ නිරීක්ෂණය කොට ගසට මැවෙන සහ ගැලපෙන රූපකායක් ආධාරයෙන් එය නිර්මාණය කර ගත යුතුය. මෙය සම්මත නීතීන් පද්ධතියක් තුළ සිදු වුවද එය සිදු කරලීම තරමක් දුෂ්කරය.

සමූහ හැඩයන් තුළ ඇති ක්‍රමයන්,

1 ඉදිරිපස පෙනුමෙහි සෑම කඳක්ම දිස්විය යුතුය

2 ශාඛා ගණන සෑම විටම ඔත්තේ ගණනක් විය යුතුය

3 ස්වාභාවික පෙනුමක් ලැබෙන පරිදි බඳුනෙහි විශාල කොටසක් විවෘතව තැබිය යුතුය

4 ශාකවල උස ඒවායේ විෂ්කම්භයන්ට සමානුපාතික විය යුතුය

බොන්සායි ශාකයක කදෙහි තිබිය යුතු හැඩයන්

1 කඳ ගස මුල සිට අග්‍රය දක්වා ක්‍රමයෙන් සිහින් වී තිබිය යුතුය. (මේ සිහින් වීම ඒකාකාර වේ නම් වඩාත් සුදුසුය)

2 කද යම් තැනක විශාලත්වයක් ඊට පහලින් ඇති තැනක විශාලත්වයට වඩා වැඩි නොවිය යුතුය (කදෙහි මුල් මට්ටමට වඩා ඉහළ කිසිම තැනක විශාල නොවිය යුතුය)

3 ගසෙහි ව්‍යුහය පෙනෙන පරිදි කf​ඳහි පහත අඩක් හෝ තුනෙන් දෙකක ප්‍රමාණයක් ඉදිරිපස පෙනුමෙහි දිස්විය යුතුය.

4 කඳක් යම් දිශාවකට ඇලව පවතින්නේ නම් පස මට්ටමද කඳ ලෙසින්ම ඇලව පැවතිය යුතුය

5 වඩාත් කිට්ටු වී බැලුවහොත් මිස බද්ධ කළ කඳක බද්ධ කළ බව නොපෙනිය යුතුය

6 හැඩතල වලද කඳ නැවෙන ප්‍රමාණය සහ නැමි අතර දුර ගස මුල සිට අග දක්වා ක්‍රමයෙන් අඩු විය යුතුය

7 කඳ දියසෙවෙල හෝ පාසිවලින් තොර විය යුතුය

බොන්සායි ගසක අතු තිබිය යුතු ආකාරය

1 සාමාන්‍ය වශයෙන් ගසෙහි කඳන් තුනෙන් එකක උසකින් අතු බෙදීම ඇරඹිය යුතුය.

2 පහතින්ම ඇති අත්ත විශාලම විශ්කම්භය සහිත විය යුතු අතර ඊට ඉහළින් ඇති අතු පිළිවෙලින් විශාල බවින් අඩු විය යුතුය.

3 ඉදිරිපස පෙනුම එහි මුල් අත්ත දකුණට හෝ වමට විහිදිය යුතුය.

4 එක් අතක් තවත් අත්තක් හරහා නොවිහිදිය යුතුය.

5 සෑම අත්තක්ම මුල සිට අග දක්වා ක්‍රමයෙන් සිහින් විය යුතුය.

6 අතු හැඩ ගැස්වීමේදී එකම රටාවක් අනුගමනය කළ යුතුය.

7 ගසේ මුදුනෙහි උසින් තුනෙන් එකකට අයිති අතු පමණක් කෙලින්ම ඉදිරිපසට විහිදිය හැක.

8 කඳහි එකම තැනකින් සහ එකම උසකින් අතු දෙකක් නොවිහිදිය යුතුය.

9 ඉදිරිපස පෙනුමෙහි කිසිම අත්තක් කඳ හරහා නොවිහිදිය යුතුය.

බොන්සායි නිර්මාණයකදී හැඩතලයන්ට අවශ්‍ය ආකාරයට කf​ඳහි හෝ අතු තුළ දිරාගිය කඳන් (මැරුණු කඳන්) නිර්මාණය කළ හැකිය. මේ කාර්යය සඳහාම යොදාගන්නා උපකරණ ද බොන්සායි කලාව තුළ ඇත. අවශ්‍ය ආකාරයට ශාකය සකසා ගත් පසු නිර්මාණයට අදාළව මෙවැනි තවත් බොහෝ අලංකාරයන් නිර්මාණයට එකතු කළ හැක. මේ සඳහා බොහෝ අවස්ථාවන්වලද කඳ කොටස අඩක් ඇතුලට හෑරීම සිදු කරනු ලබයි.

බොන්සායි කලාව තුළ ඇති රූපකායන් අතුරින්, වනාන්තර (Forest), කොටයක් සහිත (Stump), පැලී ගිය කඳ (Split Trunk), බහු කඳන් (Multiple Trunk), බූවල්ලෙකු ආකාරයට (Octopus), ඇඹරුණු කඳ (Twisted Trunk), දඟර ගැසුණු කඳ (Coild Trunk), විධිමත් සෘජු (Formal Upright), අවිධිමත් සෘජු (Informal Upright), පහතට වැඩුණු (Cascade), අර්ධව පහතට වැඩුණු (Semi Cascade), ඇලවූ (Slant), සුලං අතට විහිදුණු (Windswept), කොසු හැඩය (Broom) යන රූපකායන් ප්‍රධාන තැනක් ගනී.

මෙම රූපකායන්ට අමතරව Root Over Rock  (මූල පද්ධතිය පහතට විහිදුණු) රූපකාය වෙනස්ම මුහුණුවරක් තුළ නිර්මාණය වෙයි. බොහෝ දුරට මේ සඳහා සිරස්ව පවතින කබොක් ගල් යොදා ගනී. තෝරාගත් මූල පද්ධතිය ගල වටා ස්ථාපනය කොට රෙදි කැබැල්ලක් හෝ සියුම් කම්බියක් ආධාරයෙන් වෙලා ගත යුතු අතර එය මද කලක් ගතවනතුරු පසට යට කර තැබිය යුතුය. ඉන්පසු ගලත් සමඟ ගොඩ ගන්නා විට ගල මතුපිට ඉතා තදින් මූල පද්ධතියට බද්ධ වීමක් සිදුවෙයි. ඒ ආකාරයට Root Over Rock බොන්සායි නිර්මාණයක් පහසුවෙන් සාදාගත හැකිය.

වනාන්තර (Forest) රූපකායට හැඩ ගැන්වීමේදී ශාක සමූහයක් යොදාගත යුතු අතර උසින් එකිනෙකට සමාන නොවිය යුතුය. එයද නිර්මාණය අවසානයේදී සමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතු අතර දෙපැත්තෙන් ඇති ශාක මැද ඇති ශාකයන්ට වඩා උසින් අඩු විය යුතුය.

කොටයක් සහිත (Stump) රූපකායට හැඩගැන්වීමේදී දිරාගිය හෝ මැරුණු කඳක ඇති වූ අකුණු කුරයක් වැඩි ඇති ආකාරයෙන් නිර්මාණය සිදු කරනු ලබයි.

සුළං අතට විහිදුනු (windswept) යන රූපකාය වනාන්තරයක, ජලජ පරිසරයක හෝ තැනිතලා බිමක සුළඟට හසු වූ ශාකයක හැඩ නැවෙන ආකාරයට තනි දිශාවකට අතු හැඩ කිරීම සිදුකරනු ලබයි

පහත වැඩුණු (Cascade) රූපකාය කන්දක හෝ උස්බිමක සිට පහතට වැඩුණු ශාකය මුහුණුවරක් ගනී.

ඇලවූ (Slant) රූපකාය ශාකයේ මුල් පද්ධතිය තරමක් ඉදිරි ඇලවූවා මෙන් සහ තද සුළඟට හසුවී කඳ ඇලවී එලෙසින්ම නැවත ස්ථාවරව වැඩී ඇති බවක් නිරූපණය කරයි.

අනෙකුත් රූපකායන්ටද අදාළ හැඩයන් සහිත රූපරාමු මෙහි දක්වා ඇත. එය හොඳින් නිරීක්ෂණය කර ඒ පිළිබඳ දළ අදහසක් ඔබට අවබෝධ කර ගැනීමට පුළුවන්. මෙම රූපකායන් (Style) සියල්ලම ස්වභාදහමේ ඇති ශාකයන් තුළ පිහිටීම් තුළින් ගත් රූපකායන් වන අතර එම හැඩතලයන්ට ශාකය නිර්මාණය කිරීමේදී ස්වභාවික ශාකයක ඇති ගති ලක්ෂණ කුඩා බඳුනක් තුළට ගෙන ඒමේ හැකියාව ලැබෙයි.

(බොන්සායි කලාවට ආවේණික නීති රීතීන් පිළිබඳව ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා





 

TAGGED: Bonsai Style, බොන්සායි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?