නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිරිසක් විකුණන් කන බහිරව පූජාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිරිසක් විකුණන් කන බහිරව පූජාව

Published August 28, 2023

ලොව පවතින සෑම බිම් අඟලක්ම පරම්පරාවෙන් පරම්පරාවට කෙනෙකුගෙන් කෙනෙකුට හිමි වෙමින් පවතින ඒවා වේ. ඒ අතර සමහර දෙනා මරණින් මතු ද තම තමන්ගේ ඉඩකඩම්වලට ආශාවෙන් මළ ප්‍රේත ආත්ම භාවයන් තුළ ඉපදෙමින් ඉඩකඩම්වල සැරිසරමින් පොළව මහී කාන්තාව ගේ පිරිවර ගණයට වැටේ. යම් භූමියක නිවසක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පෙර බහිරව පූජා මෙන්ම පෙරේත තටු පුදා ඔවුන් සතුටට පත්කර අදාළ භුමියෙන් ඉවත්කිරීම අද බොහෝ දුරට සිදුවේ. මේ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් පවතින නිසා අප පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා මහතා සමග ඒ පිළිබඳ කතාබහ කළා…

බහිරව පූජාව යනු කුමක්ද?

බහිරව පූජාව යනු බහිරව දේවතාවුන්ට දෙන පූජාවයි. නැති නම් අඩුක්කුවයි – තමාට අයිති හෝ තමා සිටින භූමියට – නිවසට – ස්ථානයට බහිරවයින්ගේ දෝෂාන්ධකාර ඇත්නම් එම දෝෂ දුරුකර ගැනීම පිණිස බහිරව පූජාව දෙනු ලබයි. ඇතැම් අය බහිරව අටදෙනාට අට දිශාවට අෂ්ට බහිරව පුද දෙනු ලබන අතර තවත් සමහරුන් අෂ්ට බහිරව හා ආතාල බහිරව පාතාල බහිරව ද එකතු කොට දස බහිරවයින් වහන්සේලාට පුද දෙනු ලබයි. මෙම පූජා ඊශ්වර දෙවියන් මූලික කරගෙන කළ යුතුවේ

නිවසක් තැනීමට පෙර එම පුද පූජා පැවත්වීම අත්‍යවශ්‍යද ?

බහිරව දෝෂයක් බලපා ඇත්නම් පූජාව පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. නැති නම් එහි පාඩුව අලාභය දෝෂය මෙතෙකැයි කියා නිම කළ නොහැක. නමුත් බහිරව දෝෂයක් නැති තැනකට බහිරව පූජා පැවැත්වීම අනිවාර්ය නොවේ. ඕනෑම තැනකට බහිරව පූජාව තැබීම මගින් යහපත් ප්‍රතිඵල ලැබේ. එහිදී කට්ටඩි මහතාට හැකියාව ඇත්තේ උපදෙස් දීමට පමණක් වන අතර ආතුරයන් එම පූජාව තබනවාද නැද්ද යන්න තීරණය කළ යුතුවේ.

වඩා නිවැරදි නිවස ඉදිකිරීමට පෙර එය පැවැත්වීමද නිවස ඉදිකිරීමෙන් පසු පැවැත්වීමද?

නිවැරදිම ක්‍රමය නම් නිවසක් තැනීමේදී අත්තිවාරම කැපීමටත් පෙර බහිරව පූජාව පැවැත්වීමයි. එමගින් එම නිවස සෑදීමේදී පැමිණෙන බොහෝ බාධා දුරුවේ. නිසියාකාරව බහිරව පුද නොදී වැඩ ආරම්භ කිරීම හේතුවෙන් නිවස ඉදිකරන මේසන් බාස්වරුන්ට ඔවුන්ගේ ගෝලයින්ට රෝගාබාධ, හදිසි අනතුරු හා අයිතිකරුවන්ට රෝග හා අනතුරු ධන හානි සිදුවිය හැක. නිවසේ වර්ගඵලය වෙනස් වීම් නිතරම වැරදි නිසා කඩ කඩා හැදීම් ආදී බොහෝ හානි මෙන්ම පාඩු සිදුවිය හැක. සියල්ල එපා වී කාලයක් පාලුවට යෑමටද ඉඩ පවතී. තවත් සමහරු නිවස සාදා අවසන් වූ පසු බහිරව පූජාව දෙනු ලබන අතර තවත් සමහරු නිවසේ පදිංචියට පෙර පුදපූජා පවත්වනු ලබයි. මේ සියල්ල අතුරින් නිවැරදිම හා සාර්ථකම ක්‍රමවේදය නිවස ඉදිකිරීමට පෙර බහිරව පූජාව පැවැත්වීමයි.

දමිළ ක්‍රිස්තියානි මුස්ලිම් ජනතාවට බල නොපාන මෙවැනි පූජා සිංහල අපට පමණක් බලපාන්නේ කෙසේද ?

දමිළ මුස්ලිම් ක්‍රිස්තියානි කියා වෙනසක් නොමැත සියල්ලන්ටම පොදුවේ මෙම දෝෂය බලපානු ඇත.නමුත් තම තමන්ගේ ජාතීන් හා ආගම් විශ්වාස මත පූජා පැවැත්වීම, සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබාගැනීම වෙනස්වේ. තවද තමාගේ ඇදහීම හා විශ්වාසය මත මෙහි ගුණ අගුණ වෙනස්වේ. ඉහත කී සෑම ජාතිකයෙක්ම සෑම ආගමකම කෙනෙක්ම තමාගේ විශ්වාසය අනුව යම් ආකාරයක පූජාවක් හෝ ආශිර්වාදයක් ලබාගනී. සිංහල – දෙමළ – මුස්ලිම් ජාතිකයන් ද බහිරව පූජා ඕනෑ තරම් පවත්වා ඇත. එහි වරදක් ද නැත. ඒ ඒ ජාතියට අදාළව හා ආගමට අදාළව කුමන වර්ගයේ පුද පූජා පැවැත්තුවද ලංකාව තුළ ඇති ඇදහිලි විශ්වාස හා ශක්තීන් ගත්කල බහිරව පූජාව සුදුසුම පූජාව හැටියට නිර්දේශ කළ හැක.

සාදා නිමකළ මහල් නිවාස මිලදී ගැනීම අද වැඩිවශයෙන් සිදුවෙනවා. එවැනි ස්ථානවලට මෙකී දෝෂ බල නොපාන්නේද?

සාදා නිම කළ නිවසක් මිලදී ගත්ත ද එයට නිසියාකාරව බහිරව පූජාවක් දී නැතිනම්, ආරක්‍ෂාවක් කර නැතිනම් එහි පදිංචියට පෙර බහිරව පූජාව තබා ආරක්‍ෂා කරගැනීම තුළ බොහෝ කරදරවලින් මිදී සහනයෙන් ජීවත් විය හැකිය.

සාදා නිම කරන ලද නිවසක් මිලදී ගත් පසු ඒ සඳහා බහිරව පූජාව තබන්නේ කෙසේද ?

බහිරව පූජා පැවැත්වීම ප්‍රාදේශීය වශයෙන් හා කුල පරම්පරා වශයෙන් සුළු සුළු වෙනස්කම් සහිතව පවතී. බුදුන් වැඳ දෙවියන්ට පුද පූජා පවත්වා ඊශ්වර දෙවියන් මූලික කරගෙන බහිරව පූජාව සිදුකරනු ලබයි. අවසානයේදී ආරක්‍ෂාවක් යොදනු ලබයි. ඒ හා සමගාමීව කඩවර ගොටු දීම ප්‍රේත තටු පිදීම යකුන්ට පුද දීම බහිරව තීන්දු කැපීම ආදී කටයුතු ද සිදුකරනු ලබයි. ඇදුරාගේ දක්‍ෂතාවය මත එය ඒ තැනට ගැලපෙන පරිදි තීරණය කරනු ලබයි.

ඉපැරණි චාරිත්‍රවලට අනුවම අද දවසේ බහිරව පූජා සිදු කෙරෙනවා ද ?

ඉපැරණි සිරිත් විරිත්වලටම අනුව පූජා පැවැත්වීම නොකළ ද බොහෝ චාරිත්‍ර ඒ අනුවම කරනු ලබයි. කෙසේ පූජාවන් සිදුකළත් අනිවාර්ය පුද සිරිත් නිවැරදිව අනුගමනය කිරීම තුළ එකී කටයුතු සාර්ථකත්වයට පත්වනු ඇත.

සත්‍ය වශයෙන්ම මේ හරහා කෙනෙකුට සෙතක් අත් වෙනවාද ?

අනිවාර්යෙන්ම නිවැරදිව භක්තිමත්ව තමතමන්ගේ නිවාසවල කටයුතු මුල් කරගනිමින් පවත්වනු ලබන බහිරව පූජා කටයුතු මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල උදාවන බවට ඒ පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති අයෙක් ලෙස ප්‍රකාශ කළ හැකි අතර බහිරව පූජාවක් තබා ඉදිකිරීමට මුල පිරූ මෙන්ම එසේ නොකර ඉදිකරන්නට මුලපිරූ නිවසක් ගෙන සංසන්දනය කර බලන ලෙස ඉල්ලා සිටිමි.

පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ
රොෂාන් චානක තිසේරා

ධම්මික හේවාවසම්



 

TAGGED: pooja, ගුප්ත ශාස්ත්‍, බහිරව පූජාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?