නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අම්ම වගේම ආදරේ දෙන නර්ස් නෝනා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අම්ම වගේම ආදරේ දෙන නර්ස් නෝනා

Published August 21, 2023

දරුවෙක් ලැබීම ජීවිතය හා මරණය අතර සටනක් කතිජා බිබී වෘත්තියෙන් හෙද නිළධාරිනියක්. ඇය සාර්ථක දරු උපත් 10,000 කටත් අධික සංඛ්‍යාවකට දායකත්වයක් ලබා දී තිබෙනවා. හෙද නිළධාරිනියක් වුණොත් මේ තත්ත්වය බොහොම සාමාන්‍යයි. ඒ වගේම ඇගේ වෘත්තීය ජීවිතය තුළ කිසිම විශේෂත්වයක් නැතැයි යන තර්කයත් ඔබට ගොඩනගන්න පුළුවන්.

විශේෂත්වය මෙයයි

ඇගේ වෘත්තීය ජීවිතය තුළ බිහි කරන ලද එකදු දරුවෙක් හෝ මිය ගියේ නැහැ. මවගේ වගේම දරුවාගේ ජීවිතයත් බේරා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඉන්දියාව කියන්නේ මාතෘ මරණ අනුපාතය ඉහළින් ඇති රටක්. 1990 වසර වනවිට ඉන්දියාවේ මාතෘ මරණ අනුපාතය සජීවි දරු උපත් 100,000 කට 556 ක් වූ අතර ළදරු මරණ අනුපාතය සජීවි දරු උපත් 1000 කට ළදරු මරණ 88 ක් ලෙස වාර්තා වුණා.

හෙදි නිළධාරිනියක් ලෙසින් පත්වීමක් ලබා ගත්තා

මගේ අම්මා සුලෙයිකා ඇය ග්‍රාමීය හෙදියක්. මම පුංචි කාලයේ පටන් සෙල්ලම් කළේ බෝනික්කන් සමග නොවේ. නිතරම සිරින්ජර් මගේ සෙල්ලම් බඩු බවට පත් වුණා. මම 1990 දී හෙදි නිළධාරිනියක් ලෙසින් පත්වීමක් ලැබුවා. ඒ වනවිටත් මම මාස හතක ගර්භණී කාන්තාවක් මම ලබා ගත්තේ මාස දෙකක කෙටි නිවාඩුවක් විතරයි. ආයෙමත් සේවයට වාර්තා කළා. මගේ දරුවා නිසි පරිදි රැක බලා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

නමුත් මට සේවා කාලයේදී වටිනා අත්දැකීම් ලබා ගන්න මේ කාලය වඩාත් ප්‍රයෝජනයක් වුණා. දරුවෙකු ප්‍රසුත කරන්න සූතිකාගාරයට යන මවකගේ මානසික තත්ත්වය මම දන්නවා. බිය, චකිතය, දරුවාගේ සහ තමන්ගේ ජීවිත අවදානම මේ සියල්ල තුළ ඔවුන් තමන්ගේ ජීවිතය ගැන විශාල අවදානමකින් පසු වෙනවා.

ඒ නිසා මම මුලින්ම මේ අම්මලාට මානසිකව සහනයක් සහ දරු ප්‍රසුතිය ආරක්ෂිතව සිදු කර ගත හැකිය යන ධනාත්මක විශ්වාසය ගොඩනගනවා. මගේ සේවා කාලයේ මුල් අවධියේදී සේවා ස්ථානයේ සිටියේ එක් වෛද්‍යවරයෙකු පමණයි. ඊට අමතරව හෙදියන් දෙදෙනෙක් සහ සහායිකාවන් හත් දෙනකු සිටියා.

ඒ ජාත්‍යන්තර කාන්තා දිනය අමතක කරන්න බැහැ

ඇගේ සේවා කාලය තුළ අමතක කළ නොහැකි ඒ දිනය ගැන ඇය සිහිපත් කරනවා. හරියටම එදා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණා. සාමාන්‍යයෙන් දවසකට දරු උපත් දෙකක් හෝ තුනක් සිද්ධ වුණත් එදා ගර්භණි මව්වරු අට දෙදෙනෙක් හිටියා. එයින් දෙදෙනෙක් මම සේවයට යන විටත් ලේබර් රූම් එකේ හිටියා. අනිත් හය දෙනාත් දරුවන් ලැබෙන්න සූතිකාගාරයට එන්න සූදානමින් සිටියා. කෙහොම හරි එදා මේ දරු උපත් අටම මම සිදු කළා. එදා දවසේම මට ඇහුණේ දරුවන් අඬන ශබ්දය පමණයි. නව ජන්ම දරුවෙකුගේ මුල්ම ඇඬීම හරිම සුන්දරයි. මගේ සේවා කාලයේදී නිවුන් දරුවන් 50 ක්, තුන් නිවුන් දරු උපතක් ඇතුළුව උපත් 10,000 කට අධික සංඛ්‍යාවක් සිදු වී තිබෙනවා. එකදු ආපදාවක්වත් වාර්තා නොවීම විශේෂත්වයක්.

ඇගේ සේවා කාලයේදී විශේෂිත ප්‍රගතියක් ඇති වුණා

ඇගේ සේවා කාලය තුළ එකදු ළදරු මරණයක් නොවී දරු ප්‍රසුති සියල්ලම සාර්ථක ලෙසින් බිහිකිරීමට ලබා දුන් දායකත්වය නිසා කතීජාට රාජ්‍ය සම්මානයක් පවා ප්‍රධානය කර තිබෙන බව තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය සුබ්‍රමනියම් සඳහන් කරනවා. ග්‍රාමීය සෞඛ්‍ය සේවාව සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබීම සහ කාන්තා සාක්ෂරතාවය ඉහළ යෑම මෙම සතුටුදායක ප්‍රගතිය සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙන බැව් ඇය සඳහන් කරනවා.

2023 ජූනි මාසයේදි විශ්‍රාම ලබා ගත්තා

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ඇය පසුගිය ජූනි මාසයේදී විශ්‍රාම ලබා ගත්තා. මේ වනවිට ඇය සේවය කළේ චෙන්නායි නගරයේ සිට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටි විල්ලුපුරම් මාතෘ සායනයේ මේ සායනයේ සිසේරියන් සැත්කම් වෙනුවෙන් පහසුකම් නැහැ. දරු උපතක් සිදු වනවිට යම් සංකුලතාවයක් ඇති වුණොත් සිසේරියන් සැත්කමක් මගින් දරුවා සහ මවගේ ජීවිතය බේරා ගන්න පුළුවන්. ඒ නිසා මම සංකුලතාවයන් ඇති මව්වරුන් ඉක්මනින්ම දිස්ත්‍රික් රෝහල වෙත පිටත් කරනවා. ධනවත් පවුල්වල මව්වරු සිය කැමැත්තෙන්ම සිසේරියන් සැත්කම් වෙනුවෙන් පෞද්ගලික රෝහල් වෙත යනවා.

මගේ සේවා කාලය ආරම්භයේදී මවුවරුන් සිසේරියන් සැත්කම් ගැන බියක් තිබුණා. නමුත් අද වනවිට ඒ තත්ත්වය නැති වෙලා. නමුත් දැන් බොහෝ දෙනෙක් ස්වභාවික දරු ප්‍රසුතියට වඩා සිසේරියන් සැත්කමට යොමු වෙන ප්‍රවණතාවයක් ඇති වෙලා තිබෙනවා.

තාත්තාටත් එන්න අවසර තිබෙනවා

දරුවෙකු ලබන්න සායනයට පැමිණෙන මවුවරුන්ට තමන්ගේ සැමියා සමග පැමිණීමට මම අවසර දෙනවා. නමුත් එතැනත් යම් ගැටලුවක් තිබෙනවා. සමහර තාත්තලා දියණියක් බව දැන ගත්තාම බලන්නවත් එන්නේ නැහැ. ඒ වගේම දෙවැනියට සහ තුන්වැනියටත් දුවක ලැබුණොත් තත්ත්වය තවත් බරපතළයි. සමහර අඹු සැමියන් මේ වගේ අවස්ථාවලදී කළල ගබ්සාවට යොමු වුණා. ඒ නිසා 1990 වසරේදි ගබ්සා කිරීම සහ ළදරු ඝාතන වැඩිවෙන්න පටන් ගත්තා.

ඒ නිසාම ඉන්දියාවේ නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන් විසින් දරුවා උපත ලබන්න පෙරාතුව ලිංග භේදය මව්පියන්ට පැවසීම තහනම් කළා. ඒ වගේම ගැහැනු දරුවා පවුලට අනවශ්‍ය නම් ඔවුන් රැක බලා ගැනීම සඳහා “ළදරු තොටිල්ල”  (Cradle Baby Scheme ) යෝජනා ක්‍රමය ආරම්භ කළා. නමුත් දැන් තත්ත්වය වෙනස්. බොහෝ විවාහකයින් දරුවන් දෙදෙනෙකුට සීමා කරනවා. ඔවුන්ට ලිංග භේදය ගැටලුවක් නොවෙයි.

ඉන්දියාවේ මාතෘ මරණ අඩු වීමට හේතු

කතීජා දකින අන්දමට මේ වනවිට ඉන්දියාවේ ගැහැනු දරුවන්ගේ ඉපදීම ස්වභාවයෙන්ම අඩු තත්ත්වයක තිබෙනවා. ඒ වගේම පවුල්වල දරුවන් ගැන සීමා පවත්වා ගැනීම නිසා මාතෘ මරණ අඩු වී තිබෙනවා.ඒ වගේම දැන් පවුල් ආදායම ඉහළයි. ගර්භණී දියවැඩියාව පාලනය ගැන වගේම ගැබිණි කාලයේ අවශ්‍ය පෝෂණය ගැන මව්වරුන් දැනුවත්.

ඔබේ සේවා කාලයෙ මෙතරම් සාර්ථක වුණේ

මගේ වෘත්තීය ජීවිතය සාර්ථක වුණා නම් ඒ වෙනුවෙන් පිටුබල වුණ ප්‍රභල හේතුවක් තිබෙනවා. තවත් කාන්තාවක් අම්මා කෙනෙකු බවට පත් කිරීමේදී මමත් මවක වීම විශාල ජයග්‍රහණයක් වුණා.

(බී. බී. සී පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: Cradle Baby Scheme, india, nursing
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?