නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාට අරක මේක මතක නැද්ද – එහෙනම් ඔයා බුද්ධිමත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයාට අරක මේක මතක නැද්ද – එහෙනම් ඔයා බුද්ධිමත්

Published August 21, 2023

අමතකවීම අප කාටත් නිරන්තරව සිදුවන සුලබ සිදුවීමක්. මේ අත්දැකීමට අපි කවුරුත් මුහුණ දී තිබෙනවා. සමහර විට මේ තත්ත්වය නිසා ඔබ ගැනත් ඔබ කලකිරෙනවා ඇති. මට කිසිම දෙයක් මතක නැහැනේ අමතක වීම මෝඩකමේ ලකුණක් යැයි ඔබ සිතනවාද? මේ වගේ සිත් කනස්සල්ලක් ඇති වෙන්නත් පුළුවන්.

අමතක වෙන්නේ බුද්ධියේ ඌණතාවයක් නිසාද?

අමතක වීම සිදු වෙන්නේ බුද්ධියේ ඌණතාවයක් නිසා යැයි වූ අදහස කාලාන්තරයක් පුරාම අපේ සමාජයේ මුල් බැස ගත් සංකල්පයක් වී තිබෙනවා. අමතක වීම නිසා අපේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලටත් යම් බාධාවක් ඇති වුණත් මේ ගැන විද්‍යාඥයන් දක්වන අදහස අප සිතනවාට වඩා වෙනස්.

ඔබට ජීවිතයේ බොහෝ සිදුවීම් ගැන මතකයක් ඇත්නම් ඒ ගැන ඔබ අධිතක්සේරුවක් ගොඩනගා ගන්නවා. ඔබ ගැන සමාජයේ බොහෝ දෙනා ඒ අන්දමින් කතා බහ කිරීමට පවා පෙළඹෙනවා. නමුත් ඔබ වගේම ඔබ මුල් කරගෙන සෙසු අය සිතන අන්දමත් නිවැරදි නැහැ. මතකය හොඳින් තිබුණ පමණින් ඔබ බුද්ධිමතෙකු යැයි තහවුරු කිරීමට නොහැකි බැව් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී තිබෙනවා.

අමතක වීම අවතක්සේරු කරන්න එපා

මෙම අධ්‍යයනයේ කර්තෘ බ්ලේක් රිචර්ඩ් සඳහන් කරන අන්දමට ඔබට නිතරම අමතක වීම් සිදු වෙනවා නම් සැබැවින්ම ඒ ගැන අවතක්සේරුවකින් සැලකීම සුදුසු නැහැ. ඔවුන්ගේ අදහස අනුව අමතකවීම යනු බුද්ධියේ ප්‍රතිලාභයකි.

මොළයට ලැබෙන ව්‍යායාම

මොළයට ලැබෙන ව්‍යායාම මගින් හයිපොතැලමසයේ නියුරෝන ශක්තිමත් කරනවා. ඉගෙනුම් කටයුතු සහ මතකය පවත්වා ගැනීම වෙනුවෙන් හයිපොතැලමසය විශාල කාර්ය භාරයක් ඉටු කළත් නව නියුරෝන වර්ධනය නිසා අමතක වීම ප්‍රවර්ධනය වීමට ඉඩ තිබෙන බැව් සහකාර මහාචාර්ය සහ ස්නායු පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ පෝල් ෆ්‍රෑන්ක්පන්ඩ් සඳහන් කරනවා.

ඒ වගේම අපේ මොළය විසින් අදාළ නොවන තොරතුරු බැහැර කරමින් ජීවිතයේදී තීරණ ගැනීමට අවශ්‍ය හැකියාව වර්ධනය කරනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් අපි කාමරයකට නව භාණ්ඩයක් තබා ගැනීමට අවශ්‍ය ඉඩ සලසා ගැනීම සඳහා එම කාමරයේ තිබෙන පැරණි භාණ්ඩයක් හෝ කීපයක් ඉවත් කර ඉඩ ලබා ගැනීම සිදු වෙනවා. අපේ මතකය සම්බන්ධයෙන් මොළයේ කාර්යභාරයත් මේ කාර්තව්‍යයට සමාන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.

පැරණි මතකයන් ඉවත් කිරීම

පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට අපි අතීත මතක බොහෝ විට මතකයේ තබා ගැනීමට උත්සාහ කරනවා. නමුත් අතීතය එක් චිත්‍රයක් නම් එහි ඇති සුළු සුළු අවස්ථාවන් මතක තබා ගැනීමට වඩා සමස්ත චිත්‍රය පිළිබඳව වූ සංකල්පය පමණක් මතකයේ තබා ගැනීමෙන් පැරණි මතක වඩාත් සාර්ථක ලෙසින් මතකයේ තබා ගැනීමේ අවස්ථාව ඇති වෙනවා. ඒ වගේම එය පහසු කටයුත්කත් විය හැකියි. මේ ගැන වැඩි දුරටත් අදහස් දක්වන මහාචාර්ය රිචර්ඩ් සහ පෝල් ෆ්‍රෑන්ක්ලන් සඳහන් කරන්නේ වැදගත් තොරතුරු පමණක් රඳවා ගැනීමවඩාත් ප්‍රශස්ත තීන්දු තීරණ ගැනීමට අවස්ථාවක් සැලසෙන බවයි.

අමතක වුණාට කලබල වෙන්න එපා

ඔබට යම් අතීත සිදුවීමක තොරතුරක් අමතක වුණා යැයි සිතමු. තවත් අයෙකුට ඒ ගැන පියවරෙන් පියවර මතකයේ තිබුණොත් ඔබ ඔවුන් සමග සංසන්දනයක යෙදන්න එපා. අමතක වීම ගැන කනස්සල්ලක් ඇති කර ගැනීම අවශය නැහැ. මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ අමතක වීම යනු සෞඛ්‍ය සම්පන්න මතක පද්ධතියක ලක්ෂණයක් බවයි. ඒ අතර මහාචාර්ය රිචර්ඩ් සඳහන් කරන්නේ ඔබේ මතක තබා ගැනීමේ හැකියාව තොරතුරුවල ස්වභාවය, ධාරිතාවය සහ පරිසරය මත රැඳී බවයි.

උදාහරණයක් ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පුංචි කඩයක හිමිකරුවෙකුට දෛනිකව තමාගේ වෙළඳසැලට දවසේ ආගිය පුද්ගලයන් ගැන සහ අලෙවි වුණ භාණ්ඩ පිළිබඳව පැහැදිලි මතකයක් තිබුණත්, මහා පරිමාණයේ වෙළඳසැලක හිමිකරුවෙකුට ඒ අන්දමින් මතකයේ තබා ගැනීමේ හැකියාවක් නොමැත්තේ ඇයි යන්නට පිළිතුර ඔබත් දන්නවා ඇති. ඔහුගේ වෙළඳසැලට විවිධ පුද්ගලයින් පැමිණෙන අතර එම වෙළඳසැලේ විවිධ ස්ථාන වෙතින් භාණ්ඩ අලෙවි වෙන නිසා හිමිකරුට මේ සියල්ල මතකයේ තබා ගැනීම අපහසුය.

ඊට වඩාත් බලපා ඇත්තේ වෙළඳසැලේ පරිසරය, තොරතුරු විවිධත්වය සහ ධාරිතාවයේ විශාලත්වයයි. ගමේ පුංචි වෙළඳසැලේ හිමිකරුට ඒවා ආයාසයෙන් සිහිපත් කිරීමට අවශ්‍ය නැති වුණත් හදිසියේ හෝ අවශ්‍යතාවයක් ඇති වුණොත් මහා පරමාණ වෙළඳසැලේ හිමිකරුට එදා දවස පිළිබඳව නැවත ආවර්ජනය කිරීමට සිදු වෙනවා. මහාචාර්ය බ්ලේක් රිචර්ඩ් සඳහන් කරන අන්දමට මොළය විසින් තමන්ට අදාළ නොවන තොරතුරු ඉවත් කර සැබෑ ලෝකයේ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා.

මතකයේ තබා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති සහ මතකයේ තබා ගැනීමට අවශ්‍ය තොරතුරු ගැනත් තීරණ ගැනීම මොළයෙන් සිදු වෙනවා. ඒ අනුව ඔබට යමක් අමතක වූ විට අවශ්‍ය පරිදි සිහිපත් කිරීම සෞඛ්‍යසම්පනන් මතකයේ ස්වරූපයයි.

හැම දෙයක්ම මතක තබා ගැනීමට උත්සාහ කරන්න එපා

ඔබ සෑම දෙයක්ම මතකයේ තබා ගැනීමට අනවශ්‍ය අන්දමින් උත්සාහ කිරීම නිසා දිගුකාලීන මතක ගබඩා කර ගැනීමේදී යම් අපහසුවක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඔබේ මතකය අනවශ්‍ය තොරතුරුවලින් පිරී පවතින විට බොහෝ අවස්ථාවන්හිදී නිවැරදි තීරණයක් ගැනීම පවා ඔබට අපහසු විය හැකියි. ඒ අනුව මතකයේ පරමාර්ථය වන්නේ පවතින පරිසරයට අනුව තීරණ ගත හැකි බුද්ධිමත් පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයක් ගොඩනැගීමයි. ඒ නිසා එදිනෙදා ජීවිතයේ යම් යම් සිදුවීම් ගැන අමතක වුණත් ඒ තරම් කලබල වීම අවශ්‍ය නැහැ.

( https://www.capetownetc.com ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: brain, intelligent, memory, අමතක වීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?