නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආච්චිල සීයලගෙ ගීත සුරකින්න මුණුබුරු මිණිබිරියෝ පෙරට ඇවිත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආච්චිල සීයලගෙ ගීත සුරකින්න මුණුබුරු මිණිබිරියෝ පෙරට ඇවිත්

Published August 14, 2023

3rd Generation වැඩක්

දිනය පසුගිය 05 වැනිදා. තැන කොළඹ විහාර මහාදේවි උද්‍යාන රංග පීඨය. සවස 7.00 ට විතර අපේ රටේ සිටී ප්‍රවීණ දක්ෂ ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේ හඬ වල් මුළු කොළොම්පුරය සිසාරා රැව්පිළි රැව් දෙන්න පටන් ගත්තා. මීට වසර ගණනාවකට පෙර ඇසුන එදා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ තිබුණ බොහොම අර්ථවත් ලයාන්විත ගී පදවැල් තමයි අපිට ඒ විදිහට ඇහුණෙ.

එදාට වැඩිය අද කොච්චර මිහිරි ගීත තියෙනවද? අලුත් තාක්ෂණය හරහා නවතම සංගීතය මුසු වුණ එහෙම හිතන වගේම හිතෙන අයත් අපි අතර ඕන තරම් ඉන්න පුළුවන්. මොකද මානසික මට්ටම වගේම රසඥතාවය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්. ඒත් ඉතින්  “Old is Gold ” යන කියමන කවදාවත් අසත්‍යක් නම් කරන්න බෑ. ඒක අසත්‍යයක් වෙන්නෙත් නෑ. ඒ විදියට අපි කාටත් අහන්න ලැබුණ ඒ ගීත වගේම හඬවල් අපේ හදවත් වලට බොහොම හුරු පුරුදු කමක් දැනුනා. අහගෙන ඉන්න ආසයි. එහෙම ආසාවෙන් අහගෙන ඉන්නකොට හිතට එන්නෙ අපූරු මිහිරක්. ඒ මිහිර තනිවම විඳිනවා හැරෙන්නට තව කෙනෙකුට වචනයෙන් විස්තර කරල මොනවගේද කියන්න බෑ. ඒ තරමටම සුන්දරයි. හරියට ගොලුවෙකුට රෑ පෙනුන හීනයක් වගේ.

ඇත්තටම මොකක්ද ඒ ගීත වගේම හඬවල් එක්ක අපිට තියෙන බැඳිම. කල්පනාවට එන්න ගත වුණේ පුංචි කාලයක් වුණාට ඒ මිහිරි ගීත ගායන කරපු ආදරණීය ගායක ගායිකාවන් ගෙන් වැඩි දෙනෙක් අද වෙනකොට මෙලොවින් සමුඅරගෙන ගිහින් බොහෝ කාලයක් ගත වෙලා. එහෙනම් කවුද ඒ හඬවල් වලින්ම ඒ ගීත ඒ විදිහට ලයාන්විතව ගායනා කළේ. ටිකක් කල්පනා කරල බලද්දී මතකෙට ආවත් දිවඅග නතර වෙලා එළියට එන්නෙ නැහැ. ඒ ගැන සැක ඇරල දැනගන්න දෙතුන් දෙනෙක් ගෙන්ම අහලා බැලුවා ඒතන මොකක්ද වෙන්නෙ කියලා…

ප්‍රසංගයක්… කාගෙද… මුණුබුරු මිණිබිරියන්ගෙ… ඒ කිව්වේ… 3rd Generation එකේ… ඒත් එන්නෙ 1st Generation එකේ අයගෙ voice නෙ… ඔව් ඉතින් හරි… ඒකනෙ කිව්වෙ ඔය ගායනා කරන්නෙ එයාලගෙ මුණුබුරු මිණිබිරියො කියල. ඒත් තේරුනේ නැති නිසා මේ ගැන හරියටම අහල දැනගන්න කෙනෙක් හොයද්දි තමයි අපිට හරිම කෙනා හමුවුණේ… ඒ තමයි එස්. එම්. එස් ප්‍රනාන්දු. අපේ රටේ හිටපු ජනප්‍රිය බයිලා ගායකයෙකු වූ එම්.එස්.ප්‍රනාන්දු මහත්මයගෙ ආදරණීය මුණුබුරා… ඔහු හරියටම ඒ ගැන පැහැදිලි කළා..

ඇත්තටම කියනව නම් මේ ප්‍රසංගයේ ආරම්භය හිතාගන්න බැරි තරම් පුදුමයක්. මෙවැනි ප්‍රසංගයක් කවද හරි දවසක පවත්වන්න ඕනන කියන බලාපොරොත්තුව හිතේ තිබුණට මේ තරම් ඉක්මනින් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න අවස්ථාව උදාවෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. මම බොහෝ කාලයක ඉඳල ගායකයෙක් වගේම වාදකයෙක් ලෙසත් සංගීත ක්‍ෂේත්‍රය තුළ ගැවසෙන කෙනෙක්.

පසුගිය අප්‍රේල් මාසෙ සංහිඳ Events ආයතනය හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායමත් එක්ක මා ඇතුළු තවත් ආර්ටිස්ල කීපදෙනෙක් එකතු කරගෙන ඩුබායිවල ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුණා. ඒ ගමනෙදි ප්‍රසංග සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරපු සම්පත් කුමාරසිංහ අයියව හඳුනාගන්න ලැබුණා. ඔහු අපේ රටේ වගේම විදේශයන්හි විවිධ අන්දමේ සංගීත ප්‍රසංග සංවිධානය කරපු කෙනෙක්. ඒ හඳුනා ගැනීමත් සමග මම ඒ අයියට මගේ හිතෙ තිබුණු මුණුබුරු මිණිබිරියෝ කියන කන්සෙප්ට් එක යටතේ තුන්වෙනි පරම්පරාව ලෙස අපි ආච්චිල සීයලගෙ ගීත ගායනා කරන ප්‍රසංගයක් පවත්වන්න යෝජනා කළා. එදා මම ඉදිරිපත් කළ ඒ යෝජනාව ඔවුන් පිළිගත්තේ ලොකු අගය කිරීමකුත් එක්ක.

ලංකාවට ආවට පස්සේ අපි වරින් වර මේ ගැන සාකච්ඡා කළා. එතනදි මම කිව්ව 3rd Generation එකේ මුණුබුරු මිණිබිරියන්ව මම සම්බන්ධ කරගන්නම් කියලා. ඒ අනුව තමයි මම මර්වින් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, චන්ද්‍රිකා සිරිවර්ධන, වොලී බැස්ටියන්, සී ටී ප්‍රනාන්දු කියන අපේ ආච්චිල සීයලගෙ මුණුබුරු මිණිබිරියන් වන නදීමාල්, පවන්, තිසර, දිල්මින්, දුල්ශාරා, චේතනා ඇතුළු තවත් කීප දෙනෙක් එක්ක මේ ගැන කතා කළේ. ඒ හැමෝම එකහෙලාම මගේ අදහසට එකඟ වුණා. මොකද එයාල හැමෝටමත් මට වගේම අපේ උරුමය වූ සීයලා ආච්චිලාගේ ගීත රැක ගැනීමේ උවමනාව තිබුණා.

ඒ විදිහට අප්‍රේල් මාසෙ අන්තිමේ මම යෝජනා කරපු ඒ සංගීත කටයුත්ත එයින් හරියටම මාස 3 කට පස්සෙ ජූලි 29 වැනි දා රත්නපුර Library Auditorium වල පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරගෙන ගියත් අවසන් මොහොතේ ඇතිවූ නොවැළක්විය හේතුවක් නිසා කල් දාලා මේ මාසේ පස්වැනිදා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ රංග පීඨයේදී පවත්වන්නට මට අපට සිදු වුණා. එදා ඈන්ට්ස් සංගීත කණ්ඩායමේ සංගීතයට අනුව අපි එක්කෙනෙක් ගීත 5 බැගින් ගායනා කළා. කතනයෙන් ප්‍රසංගය හැඩ කළේ කැලුම් ශ්‍රීමාල් අයියා. කියන්න සතුටුයි ඉතාමත් සාර්ථක ප්‍රසංගයක් තමයි එදා අපි ඒ විදියට නිම කළේ. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ වගේ ප්‍රසංගයක් සංවිධානය වුණේ. එහි විශේෂත්වය තමයි අපි කිසිම කෙනෙක් අපේ ආච්චිල සීයලගෙ ගීත ඇරෙන්න වෙනත් කිසිම ගීතයක් ගායනා නොකිරීම.

තුන්වැනි පරම්පරාව විදිහට අපේ දක්ෂකම් දැකලා දෙවැනි පරම්පරාව වූ අපි හැමෝගෙම අම්මලා තාත්තල එදා අපිව විශේෂ ඇගයීමකට ලක් කළා. ඒ දිරිය ශක්තිය හිතට අරගෙන තව තවත් ශක්තිමත් වෙලා මේ ප්‍රසංගය ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රසංගය පවත්වල තවම සතියක් ගතවුණේ නෑ. ඒත් මේ Concept එක මීගමුවට කුරුණෑගලට පොලොන්නරුවට ඇඹිලිපිටියට වගේම නවසීලන්තය, ඩුබායි, බහරේන් වගේ රටවල් වලටත් මමයි උදේශ් ඉන්දුලයි Perfrom කරගෙන යන සාරෝ බෑන්ඩ් එකත් එක්කම අරගෙන එන්න කියල විශාල ඉල්ලුමක් තියෙනවා. සාරෝ බෑන්ඩ් එක දැනට වසර 10 ක විතර ඉඳලා තමයි අපි පවත්වාගෙන යන්නෙ. මම තමයි එහි ඩ්‍රම්ස් වාදකයා. නුවන් ශම්මි ලීඩ් ගිටාර් හේ සංක පණ්ඩිතගේ බේස් ගිටර් සමීර හර්ෂණ තාල වාදනයෙන් සහ ගයාන් තිලකරත්න keyboard වාදනයෙන් එකතු වෙන අතරෙ මහේන් රාජපක්ෂ සහ උදේශ් ඉන්දුල ගායනයෙන් සාරෝ සංගීත කණ්ඩායම හැඩ කරනවා.

ඇත්තටම මුණුබුරු මිණිබිරියෝ ප්‍රසංගය හරහා අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ අපේ ආච්චිලගෙ සීයලගෙ ගීත පිට අය අරගෙන විනාශ කරනවට වඩා අපි අතින්ම සංරක්ෂණය වෙලා ඒ හඬවල් යටපත් වෙන්න නොදී සංගීත ලෝලී අනාගත පරපුර වෙත තිළිණ කරන්නයි.

මුණුබුරු මිණිබිරියෝ ප්‍රසංගය ගීතවත් කරන තරුණ පරපුරේ ගායක ගායිකාවන්ගේ ආච්චිල සීයල අතරින් අද සුජීවත්ව සිටින්නේ දුල්ශාරා අල්විස්ගේ මිත්තනිය වන ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය පමණයි. ඇයට දීර්ඝායුෂ පතමින් අපි දුල්ශාරා එක්ක මුණුබුරු මිණිබිරියෝ ගැන කතා කළා….

මේ ප්‍රසංගය ගැන මුලින්ම ශානක කිව්ව වෙලාවෙ මොනවද හිතුණෙ…

ඇත්තටම හිතට දැනුනෙ ලොකු සතුටක්. මොකද මම අනන්තවත් මෙහෙම දෙයක් කළොත් හොඳයි කියල හිතල තියෙනවා. ඊළඟට තුන් වෙනි පරම්පරාව විදියට අපි හමුවුණ වෙලාවල් වලදිත් මේ ගැන කතා කරල තියෙනවා ඇයි අපිට මෙහෙම දෙයක් කරන්න බැරි කියලා.

මේ ගැන ආච්චිට කිව්වම ඇය මොකද කිව්වේ…

ආච්චි සතුටු වුණා. ඒ වගේම සුබ පැතුවා. ප්‍රසංගයකදී නෙමෙයි ගෙදරදි මම ගීතයක පද පේළියක් ගායනා කළත් ඇය මට ආශිර්වාද කරනවා හදවතින්ම.

ඔබ ඇගේ ගීත වල මතු හිමිකාරිය…

මම එහෙමම කියන්නෙ නෑ. චන්ද්‍රිකා සිරිවර්ධන කියන ප්‍රවීණ ගායිකාව මගේ මිත්තණිය. ඇගේ ගීත ඇයට හානියක් නොවන විදියට ගායනා කරන්න ආච්චිගෙ අවසරය මට ලැබිල තියෙනවා. ඔය අතරෙ දැනට මම මගේම ගීත කීපයකුත් හදාගෙන මගේ අනන්‍යතාවය ගොඩ නගාගනිමින් සිටිනවා.

ප්‍රසංගය බලන්න ඇය ආව ද?

නැහැ. ඒ සඳහා ඇය ආසාවෙන් හිටියත් මේ දිනවල ඇයට තියෙන කාර්ය බහුලත්වය නිසා පැමිණෙන්නට හැකියාවක් තිබුණෙ නෑ. ඒත් චරිතා ප්‍රියදර්ශනී ආන්ටි වීඩියෝ කරල ආච්චිට යවල තිබුණා.

ආච්චිගෙ හිතේ ඇතිවුණු සතුට දුල්ශාරට ප්‍රකාශ කළේ මොන විදිහටද…

ඇය මට හොද කමෙන්ට් එකක් එවල තිබුණා.

මේ ප්‍රසංගය ඔබ දකින්නෙ මොන විදියටද…

ඇත්තටම ශානක අයියගෙ හිතේ ඉපදුනු බොහෝ වටිනා යහපත් අදහසකට අනුව තමයි අපටත් මේ ප්‍රසංගයට අපටත් එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව ලබාදීම ගැන ශානක අයියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ ආච්චිට දක්වන ගෞරවයක් විදිහට දිගටම මේ ප්‍රසංගය තුළ රැඳෙමින් ඇගේ ගීත වල රසය ආදරණීය රසිකයන්ට ලබාදෙන්න මම කැප වෙනවා.

ධම්මික හේවාවසම්

TAGGED: 3rd Generation, Library Auditorium, sri lanka singers, voice
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?