නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මල්ටි විටමින් ගැන පුදුම හිතෙන ඇත්ත
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මල්ටි විටමින් ගැන පුදුම හිතෙන ඇත්ත

Published August 14, 2023

අද කාලයේ බොහෝ දෙනා හිතුමතයේ අහාරයට අතිරේකව මල්ටි විටමින් පානය කිරීමට පුරුදුව සිටිනවා. එහෙත් වෛද්‍ය නිර්දේශ රහිතව මේවා පානය කිරීම නුසුදුසු බවයි ඒ පිළිබඳ විද්වතුන් පෙන්වා දෙන්නේ.

මල්ටි විටමින් ගන්නම ඕනෑද?

ඔබේ සෞඛ්‍ය පවත්වාගෙන යෑම සඳහා විටමින 13 ක් සහ ඛනිජ ලවණ 15ක් පමණ අවශ්‍යය වේ. මින් බොහොමයක් මගින් ස්නායු සහ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නිසි අයුරින් පවත්වාගෙන යෑම සඳහා එන්සයිම සහ හෝමෝන නිෂ්පාදනය කරන අතර සිරුරේ වැඩීම, සිරුරේ ක්‍රියාකාරීත්වය නියාමනය සහ ප්‍රතිනිෂ්පාදන කටයුතු සිදුකරයි. විටමින සහ ඛනිජ ලවණ සපයන මල්ටි විටමින තුළ ඇමිනෝ අම්ල සහ මේද අම්ලද අඩංගු විය හැකියි.

මල්ටි විටමින් සහ හෘදයාබාධ…

පිරිමින්ගේ හෘදරෝගවලට වැදගත් නොවූවත්, වසර 3 කට අධික කාලයක් මල්ටි විටමින් ලබාගත් කාන්තාවන්ගේ පමණක් හෘද රෝග නිසා වන මරණ අවදානම අඩු කරන බව අධ්‍යයන පෙන්වයි.

මල්ටි විටමින් සහ පිළිකා…

පුද්ගලයින් 47000 ක් යොදා කෙරුණු අහඹු පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ පිරිමින් සඳහා පමණක් මල්ටි විටමින ගැනීම මගින් පිළිකා අවදානම 31% කින් අඩුවන බවයි. කාන්තාවන් පමණක් සහ කාන්තා පිරිමි දෙකොටසම අයත් අධ්‍යයන දෙකක් මගින් අවසානයේදී නිගමනය කර ඇත්තේ පිළිකා ඉතිහාසයක් ඇති සහ නැති පිරිමින්ගේ පිළිකා අවදානම මල්ටි විටමින මගින් අඩුවන බවයි.

වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාභ…

මල්ටි විටමින් වැඩිහිටියන්ගේ මතක වර්ධනයටද යහපත් මනෝභාවය, කාංසාව සහ මානසික අවපීඩනය නැතිකිරීම, ඇසේ සුද අක්ෂි සෞඛ්‍ය, සහ වැඩිහිටියන්ගේ මතක වර්ධනය කෙරෙහිද බලපායි.

හානිකරද විය හැකිය…

විටමිනයක ජලයේ දියවීමේ හැකියාව වැඩි නම් අතිරික්තය මුත්‍රා සමග පිටවෙයි. මේදයේ දියවන විටමින අක්මාවේ තැන්පත් වේ. ගර්භණී කාන්තාවන් විටමින් ඒ ගැන ප්‍රවේසම් විය යුත්තේ එමගින් ආබාධිත දරු උපත් ඇතිවිය හැකි බැවිනි. විටමින් ඩී විෂවීමද මල්ටි විටමින භාවිතය නිසා කලාතුරකින් වර්ධනය විය හැකි තත්ත්වයකි. බීටා කැරොටින් හෝ විටමින ඒ වැඩිපුර ගැනීම නිසා දුම්පානය කරන්නන්ගේ පෙනහලු පිළිකා අවදානම වැඩි වේ. යකඩ වැනි ඛනිජ ලවණ වැඩිපුර ගැනීම තුළින් මලබද්ධය, වමනය, සහ ක්ලාන්තය ඇතිවිය හැකි අතර යකඩ වැඩිවීම සින්ක් අවශෝෂණයට බාධා පමුණුවයි. ගැහැනුන්ට වඩා පිරිමින්ගේ යකඩ අධි යකඩ ගබඩා කිරීමේ හැකියාව වැඩි නිසා Hemochromatosis ජානමය ආබාධය ඇති අය කල්පනාකාරී විය යුතුයි. මේ නිසා ඛනිජ ලවණ විෂ වී අක්මා සිරෝසිස්, අක්මා පිළිකා සහ හෘදයාබාධ ඇතිවිය හැකියි. මෙම තත්ත්වය ඇති අයට විටමින සී අතිරේක ගැනීමද හානිකරය.

හැමෝටම අවශ්‍යද?

විටමින බී 12 අවශෝෂණය වියපත් වීමේදී දුර්වල වේ. එසේම වියපත් අයට විටමින් ඩී සහ කැල්සියම්ද වැඩිපුර අවශ්‍යයයි. විටමින බී 12 ප්‍රධාන වශයෙන් සත්ව ආහාරවල අඩංගු නිසා ශාක ආහාර ගන්නන්ට එහි ඌණතාවක් ඇති වේ. එසේම ශාක ආහාර ගන්නන්ට කැල්සියම්, සින්ක්, යකඩ, විටමින් ඩී සහ ඔමෙගා -3 මේද අම්ල ඌණතාවද ඇති වේ.

https://www.healthline.com/  ඇසුරෙන්

සුනිල් අල්ගම
 

TAGGED: Mineral, vitamin, මල්ටි විටමින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?