නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බොන්සායිවලට හරියන ගහ තෝරගැනීමේ කලාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බොන්සායිවලට හරියන ගහ තෝරගැනීමේ කලාව

Published August 14, 2023

2 කොටස

මුලදි මේ සඳහා කුඩා පැළයක් තෝරා ගැනීමයි වඩාත්ම සුදුසු. මදක් විශාල කඳන් සහිත ශාකයන් ද මෑත කාලය වනවිට නිර්මාණකරුවන් විසින් බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබනවා. එවැනි ශාකයන් බොන්සායි කලාව තුළ යමදෝරි යනුවෙන් හඳුන්වනු ලබයි. මේ ක්‍රමයන් කිහිපයකට සොයාගන්නා ශාකය උදුරා ගත් පසු ප්‍රථමයෙන්ම එහි පස් ඉවත් කර ගැනීම සිදුකළ යුතුයි. මේ සඳහා ගෑරුප්පුවක් භාවිත කළොත් ඔබට එය තවත් පහසු වේවි. මුල්වලට කිසිම ආකාරයකින් හානි නොවන ආකාරයට ඉතා ප්‍රවේශමෙන් මේ වැඩේ කළ යුතුයි. කවුරුත් මුලින්ම බොන්සායි ශාකයක් නිර්මාණයේදී වද වෙන කාරණය තමයි එහි මුදුන් මුල ඉවත් කිරීම. කොහෙත්ම මේ සඳහා වද විය යුතු නැහැ. හදිසි විය යුතුත් නැහැ.

තෝරාගන්නා ශාකය අනුව එහි පස සෝදා මුල් පාදාගත් පසු ශාකය සතුව ශක්තිමත් තන්තු මූල මණ්ඩලයක් තිබේනම් පමණක් මුලින්ම නොකපා තරමක් පහළින් මුදුන් මුල ඉවත් කිරීම සිදුකළ යුතුයි. මුදුන් මුලට අමතරව හොඳින් වැඩුණු තන්තු මූල මණ්ඩලයක් පිහිටා නැතිනම් මුදුන් මුල ඉවත් කිරීම හෝ මුදුන් මුලට හානි කිරීම සිදු නොකළ යුතුයි. තෝරාගන්නා ශාකය මැරීමට වුවද මූල පද්ධතිය හොඳින් නිරීක්ෂණය නොකිරීම බලපාන්න පුළුවන්.

මූල පද්ධතිය පිහිටා තිබෙන ආකාරය අනුව මුල් කප්පාදුව සිදු කර ශාකය බඳුන්ගත කිරීම අපට කරගන්න පුළුවන්. එලෙස බඳුන්ගත කළ ශාකයේ මුල් වැඩීම සිදු වී නැවත අලුත් අංකුර දමන තුරු පොහොර යෙදීම සිදු නොකළ යුතුයි. අලුත් දළු දැමීමෙන් පසු එහි තරමක් දුරට මූල පද්ධතිය වර්ධනය වී ඇති බව අපට සනාථ කර ගත හැකියි. ඉන්පසු ග්‍රෑම් 3ක් පමණ රසායනික පොහොරක් ශාකයට අඟල් දෙකක් පමණ දුරකින් යෙදිය හැකි අතර පසුව ශාකය වර්ධනය ආරම්භ වී ශාකය සාර්ථකව වැඩීම සිදු වේ. මේ සඳහා මල් පිපෙන ශාකයක් ඔබ තෝරා ගන්නේ නම් පොස්පරස් අඩංගු පොහොරක් යෙදීම ඉතාමත්ම සුදුසුයි. ඔබ තෝරාගන්නේ කොළ පමණක් වැවෙන ශාක වර්ගයක් නම් ඒ සඳහා යූරියා වැනි නයිට්‍රජන් අඩංගු පොහොරක් යෙදීම ඉතාමත්ම යෝග්‍ය වේ.

මේ කාරණා සියල්ල සිදු කළ පසු සාර්ථකව වැඩෙන ශාකයේ මුල (පාදමේ) වටප්‍රමාණය මෙන් තුන් ගුණයක් උසින් දමන සියලු අංකුර වැඩීමට ඉඩ හරින්න. ඊට පහළින් සහ කඳ මුලින්ම මතුවන සියලු අංකුර ඉවත් කළ යුතුයි. මන්ද මේ සඳහා අප යොදා ගනු ලබන්නේ ශාකයේ වටප්‍රමාණය මෙන් 3 ගුණයක් උසින් වැඩෙන අතු පමණක් බැවිනි. එය බොන්සායි කලාවේ නීතියක්.

බොන්සායි පාඩම

බොන්සායි සඳහා යොදා ගත හැකි ශාක වර්ග අතර කුඹුක්, දිවුල්, සියඹලා, මහ නුග, බෝ, අට්ටික්කා, පලු, බෙන්ජමිනා, කළුවර, හැලඹ, බුරුත, මයිල, මී, වෙරළු, දෙමට, වීර, මිදෙල්ල, කාමරංකා,බෝගන්විලා, ඇහැටු, ගඟවැරැල්ල, කළු හබරලිය, අන්දර, නිතුල්ල, හීන්තඹල වැනි තවත් විශාල ශාක ප්‍රමාණයක් තිබෙනවා. නුග කුලයේ ශාක (Ficus) මේ අතුරින් ප්‍රධාන තැනක් ගනියි.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් නිසාවෙන් බොන්සායි නිර්මාණයන් සඳහා විශාල ශාක ප්‍රමාණයක් අප අවට පරිසරයෙන් පහසුවෙන්ම සපයාගත හැකයි. මේ සඳහා කොස්, දෙල්, තේක්ක, හල්මිල්ල වැනි විශාල පත්‍ර හට නොගන්නා බහුවාර්ෂික ශාක යොදා ගැනීම ඉතාමත් සුදුසුයි. කුඩා බීජ මගින් ලබා ගන්නා ශාක, වායව අතු බැඳීම (Air Layering) අතු කැබලි සිටුවීම වැනි ප්‍රචාර ක්‍රම මගින් ශාක සපයා ගැනීමට පුළුවන්.

ඒ වාගේම බොන්සායි සඳහා ශාකයක් තෝරා ගැනීමේදී අරටුවක් සහිත වැඩි ආයුෂ තිබෙන සහ ඉක්මනින් ඇට්ටර වන ශාකයන් තෝරා ගැනීම වඩා සුදුසුයි.

අත්තක් මව් ශාකයේ තිබියදීම මුල් අද්දවා ගැනීම

මෙමගින් සුදුසු ශාක ලබා ගැනීම (Air Layering) සඳහා තෝරා ගන්නා මව් ශාකයේ අත්තක් තෝරාගෙන එහි අවශ්‍ය තැනින් අඟල් භාගයක පමණ ප්‍රමාණයක් පොත්ත ඉවත් කර පොත්ත ඉවත් කළ තැන මුල් අද්දවා ගැනීමේ හෝමෝනයක් ආලේප කර තෙත කොහුබත් බැඳීම සිදු කළ යුතුයි. දින 21 පමණ ගතවීමෙන් පසු මූල පද්ධතිය වැඩී තිබෙන නිසා ඊට ඉහළින් කපා බොන්සායි නිර්මාණයක් සඳහා යොදා ගැනීමට පුළුවන්. මේ ක්‍රමය මගින් මුදුන් මුලක් හට නොගන්නා නිසා ඉතාමත් පහසුවෙන් බොන්සායි නිර්මාණයක් සිදුකිරීමට හැකියාව ලැබේ.

රූට් බෝල් ක්‍රමය මගින් ශාක ලබා ගැනීම

(Rootball) තෝරාගත් ශාකය මුල් පද්ධතියට හානි නොවන ආකාරයෙන් පස් කුට්ටියක් සමඟ උදුරා ගැනීම මෙමගින් සිදුවේ. එලෙස උදුරාගත් ශාකයේ පස් කුට්ටිය වටේට කොහුබත් යොදා උරපිඩක් හෝ සුදුසු ආවරණයක් ආධාරයෙන් තදින් වෙලා ගත යුතුය. පසුව මූල පද්ධතිය මදක් සවිමත් වන තුරු සහ බොන්සායි පස් මාධ්‍යයක සිටුවීමට සුදුසු කාලය එළඹෙන තුරා සාමාන්‍ය පෝච්චියක සිටුවිය හැකියි. මුල් වැඩීමෙන් පසුව ක්‍රමයෙන් පස් ඉවත් කර බොන්සායි නිර්මාණයක් සඳහා තෝරා ගැනීමට පුළුවන්. මෙය සියඹලා, හබරලිය වැනි කෘෂ්ඨීය කඳන් සහිත ශාක සඳහා වඩා සුදුසු ක්‍රමයයි.

බීජ රෝපණය මඟින් ශාකයක් ලබා ගැනීම

මෙම ක්‍රමය තුළින් ශාකයක් ලබා ගැනීමට දිගු කාලයක් වැය වේ. මුදුන් මුලක් සහිත වන නිසා එය ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුයි. තාප්ප, ගල් මත, ගස් බෙනවල රෝපණය වූ ගස් බීජ මගින් රෝපණය වී ඇති නිසාවෙන් බොන්සායි සඳහා ඉතාමත් සුදුසු වේ. ඒවායේ ශාක කඳ මෝරා ඇති බැවින් නිර්මාණය සඳහා අලංකාර පරිණත බවක්ද ගෙන දෙයි. ඉහත සඳහන් කළ සියලුම ක්‍රම මඟින් ශාක ලබා ගැනීමට අපට පුළුවන්. ඒ වගේම ශාකයක් තෝරා ගැනීමේදී ඉහත සඳහන් ක්‍රමයන් සහ නිර්මාණයට ගැනීමට සුදුසුම ශාක තෝරා ගැනීම මගින් සාර්ථක නිර්මාණයක් කරා යාමට පහසුයි. විශේෂයෙන්ම බොන්සායි සඳහා ගන්නා ශාක කුඩා පත්‍ර සහිත ශාකදැයි හොඳින් නිරීක්ෂණයකොට තෝරා ගැනීම සිදු කළ යුතුයි.

( ඔබ තෝරාගන්නා ශාකයේ අතු බෙදීම සහ අතු සඳහා කම්බි යෙදීම පිළිබඳ ඉදිරි ලිපිය තුළින් දැනුවත් කිරීමට සූදානම් )

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න


එරංදි කෞශල්‍යා

TAGGED: bonsai, බොන්සායි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?