නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පාවහන් නොමැතිව ඇවිදින පය රටක් වටී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පාවහන් නොමැතිව ඇවිදින පය රටක් වටී

Published August 14, 2023

පාවහන් නොමැතිව ඇවිදීමේ වාසි පිළිබඳව මේ වනවිටත් විවිධ අධ්‍යයනයන් සිදු වී තිබෙනවා. නෝර්ඩික් සහ ජපානය වැනි රටවල්වල පාවහන් රහිතව ඇවිදීම අතීතයේ පටන් ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ රටාවක් ලෙසින් පැවතුණා. මෙහි ඇති යහපත් ප්‍රතිඵල පිළිබඳව විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු වීමත් සමග යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් පවා පාවහන් රහිතව ඇවිදීම ගැන වැඩි අවධානයක් යොමු කළා.

පාවහන් නොමැතිව ඇවිදීම නිසා ඇති වෙන වාසි

පාවහන් නොමැතිව ඇවිදින රටාව නිසා ශාරීරික වශයෙන් නීරෝගීතාවය ගොඩනගා ගැනීමත් ඔබට නොමිලයේ ලැබෙන පහසුකමක් බැව් නොදන්නවා විය හැකියි. එහෙමනම් අපි මේ වාසි මොනවාදැයි විමසා බලමු.

පාද සෘජු ලෙසින් පෘථිවියට ස්පර්ශ වීම

අපි නිරාවරණය වුණ පාදවලින් ඇවිදින විට අපේ පතුල සෘජු ලෙසින්ම පෘථිවියට ස්පර්ශ වෙනවා. අපේ පෘථිවිය යම් විද්‍යුත් ශක්තියක් අනුව හැසිරෙන රටාවකින් යුක්තයි. ඒ නිසා නිරාවරණය වුණ පාද වලින් ඇවිදින විට මේ විද්‍යුත් ශක්තිය අපේ සිරුරට ලැබෙනවා. නමුත් වර්තමාන සමාජ රටාව විසින් පෘථිවියෙන් නොමිලයේ ලබා දෙන මෙම ත්‍යාගය ගැන නොසලකා හැර සිටින බැව් සඳහන් කරන්න අවශ්‍යයි.

රුධිර සංසරණය යහපත් වීම

අපේ පාද පොළවට ස්පර්ශ වනවිට ලැබෙන විද්‍යුත් ශක්තිය නිසා රුධිර සංසරණය යහපත් පරිදි සිරුර පුරා ගලා යෑමක් සිදු වෙනවා. අද වනවිට අප අතර පවතින බොහෝ රෝගාබාධ සඳහන් හේතු අතරට අවයවයන්ට යහපත් ලෙසින් රුධිර සැපයුමක් නොමැති වීම හේතු ලෙසින් පැහැදිලි වී තිබෙනවා. නමුත් නිරාවරණය වුණ පාද පොළවට ස්පර්ශ වනවිට රුධිර සංසරණය යහපත් වී ප්‍රදාහ තත්ත්වයන් (Inflammation) ඇති වීම වළකන බැව් දැන් පැහැදිලි වි තිබෙනවා. ප්‍රදාහ තත්ත්වයන් ඇති වීම පාලනය වීම නිසා ඔබට වේදනාවෙන් තොර ජීවිතයක අයිතිය ලැබෙන බැව් නැවත කිව යුතු නැහැ.

සුවදායක නින්දක්

සුවදායක ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට තිබුණත් හැම දෙනාටම සුවදායක නින්දක් ලැබීම පහසු නැහැ. නින්දක් නැති රාත්‍රියක් ගෙවීමේ අපහසුතාවය දන්නේ ඒ අත්දැකීමට මුහුණ දුන් අය පමණයි. නිරාවරණය වුණ පාද මතින් විශේෂයෙන් තණකොල මත ඇවිදීම නිසා අපේ ජෛව රටාව උද්දීපනය කරනවා. එවිට අපට දහවල් කාලයේ කාර්යක්ෂම වැඩ කිරීමට වගේම රාත්‍රි කාලයේදී සුවදායක නින්දක් ලැබීමට අවශ්‍ය ජීවිතයේ රිද්මය නොදැනීම අපේ ජීවිතයට ගැළපෙන අන්දමින් සකස් වෙනවා. ඒ වගේම මානසිකව ඇති වන ආතතියට හේතුකාරක කෝටිසෝල් හෝර්මෝන මට්ටමත් (Cortisol) අඩු වෙන නිසා හිතේ ගැටුම් සහ ගැටලු නැතුව සැපසේ නිදා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

ප්‍රති එක්සිකාරක (anti oxidant)

අද පිළිකා ගැන අපට නිතරම අසන්නට ලැබෙනවා. අපේ සිරුරේ පිළිකා සෛල විනාශ කළ හැකි ප්‍රති ඔක්සිකරක ශක්තීන් නොමැති වීම නිසා ඇති වෙන මේ තත්ත්වයට හොඳම විසඳුමක් ගැන ඔබ අසන්නත් සතුටු ඇති නේද? එසේ නම් නිරාවරණය වුණ පාද එහෙම නැත්නම් පාවහන් නොමැතිව පාද පොළවට ස්පර්ශ වන සේ ඇවිදින්න. එවිට පොළවෙන් මුදා හරින විද්‍යුත් ධාරාවන් එහෙමත් නැත්නම් ස්වභාව ධර්මයෙන් ඔබට ලැබෙන තෑගි ලෙස මේ ස්වභාවික ශක්තීන් ඔබේ සිරුරට ඇතුලු වෙනවා. ඒ වගේම මෙම ප්‍රති ඔක්සිකාරක විසින් පිළිකා කාරක ලෙස සිරුරේ හැසිරෙන Free Radicals සමග සටන් කමින් ඔබ පිළිකා රෝගීයෙකු වීමට තිබෙන අවදානම අඩු කරනවා.

විටමින් D ලබා දීම

අද බොහෝ උදවිය අතිරේක විටමින් ලබා ගැනීමට යොමු වී සිටිනවා. අපට සොබා දහම වෙතින් ලැබෙන විටමින් අපතේ හරිමින් අනවශ්‍ය ලෙසින් සිරුරට ඖෂධ එකතු කිරීමට අද බොහෝ දෙනා යොමු වී සිටිනවා. ඈත අතීතයේ පටන්ම හිරු එළියෙන් ලැබෙන ස්වභාවික විටමිනයක් ලෙසින් විටමින් D වෙනුවෙන් වැදගත් තැනක් ලැබී තිබුණා. එසේ නම් පාවහන් නොමැතිව ඇවිදින්න එවිට ඔබේ සිරුරට අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙසින් සැලකෙන විටමින් D උද්දීපනය වෙනවා. විටමින් D ඌණතාවය ඔස්ටියෝපොරෝසිස් අධි රුධිර පීඩනය, හදවත් රෝග සහ ඇතැම් වර්ගයේ පිළිකා තත්ත්වයන්ට හේතු වෙනවා. ඒ නිසා මෙවැනි මාරාන්තික රෝග ලැයිස්තුවට ඔබත් එක්වීමට ඉඩ තිබෙනවා. නමුත් පාවහන් නොමැතිව ඇවිදින්න. මහ පොළොව ඔබ ආරක්ෂා කරනු ඇත.

ස්නායු ක්‍රියාකාරීත්වය

අපේ කටයුතු ස්වයංක්‍රිය ලෙසින් හසුරුවන්නට නම් ස්නායු පද්ධතිය නීරෝගීව තබා ගැනීම වැදගත්. පොළොව ස්පර්ශ වන සේ පාවහන් නොමැතිව ඇවිදින විට ප්‍රධාන ස්නායුවක් වන Vagus Nerve ස්නායුව උද්දීපනය වෙනවා. මිනිස් සිරුරේ විශාලතම ස්වයංක්‍රිය ස්නායුව වන Vagus Nerve මොළයේ සිට පඩවැල, හදවත, පෙනහලු, ආහාර ජීරණ පද්ධතිය හසුරුවන අතර ප්‍රදාහ තත්ත්වයන්ගෙන් ආරක්ෂාව ලබා දෙනවා. ඒ නිසා මෙම පාවහන් නොමැතිව පොළොව ස්පර්ශ කරමින් ඇවිදින්න. අපට මේ වැදගත් ස්නායුව ආරක්ෂා කර ගන්න හැකියාව ලැබෙනවා.

කණ්නාඩි අවශ්‍ය නැහැ

අක්ෂි ආබාධ අද ඉතාම සුලබයි. නමුත් පොළොවට අඩිය තබමින් පළමු, දෙවන හා තුන්වැනි ඇඟිලිවලට බර ලබා දෙමින් ඇවිදින්න. මේ ඇඟිලිවලට ලැබෙන පීඩනය නිසා ඇස ආශ්‍රිත වැදගත් කලාප උත්තේජනය වෙනවා.

ඇවිදින හැටි මෙන්න

පාවහන් නොමැතිව ඇවිදින්න කිව්වත් ඒ වෙනුවෙන් වූ සීමාවන් ගැනත් දැන ගැනීම වැදගත්.

සාමාන්‍යයෙන් පාවහන් නොමැතිව දිනකට විනාඩි 15 සිට 20 ක් පමණ වේලාවක් ඇවිදීම ප්‍රමාණවත් ඒ වගේම තෙතමනය සහිත තණ තිල්ලක ඇවිදින විට අක්‍රියව පවතින විද්‍යුතයන් පවා ක්‍රියාකාරී වෙනවා.

දියවැඩියාව ඇති රෝගීන් පාද ගැන වැඩි සැලකිලිමත් වීම අවශ්‍යයි. ඒ වගේම අනිත් පුද්ගලයන් වුණත් පිරිසිදු පොළවක් මත ඇවිදින්න. එසේ නැත්නම් පොළවේ ඇති මිනිස් සහ සත්ව මල අපද්‍රව්‍ය සහ වෙනත් අපවිත්‍ර දේ පාදවල තැවරෙනන් පුළුවන්.

https://marathonhandbook.co ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Inflammation, පාවහන් නොමැතිව ඇවිදීම, ස්නායු ක්‍රියාකාරීත්වය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?