නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රෝසපාට ෆැන්ටසිය Barbie
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රෝසපාට ෆැන්ටසිය Barbie

Published August 14, 2023

ඔබ නිතර සමාජ මාධ්‍යවල සැරිසරන කෙනෙක් නම් මේ දිනවල උන්මාදයක් වගේ රෝස පැහැ ඇඳුමින් සැරසුණු ඡායාරූප මාලාවක් දැනටමත් ඔබ දැකල ඇති. මේ වෙනකොට මුළු ලෝකයේම බාල, තරුණ, මහලු සියලුදෙනාම මේ රැල්ලට අහුවෙලා ඉවරයි. මේ කතන්දරය රෝස පාට උන්මාදය ගැනයි.

Barbie චිත්‍රපටිය මේ වසරේ ජූලි විසි එක ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළා. Greta Grewig අධ්‍යක්ෂණය කළ Barbie චිත්‍රපටිය Warner Bros Pictures නිෂ්පාදනයක්. Margot Robbie බාර්බි ලෙස ප්‍රධාන චරිතය මෙහි මවන අතර Ryan Gosling කෙන්ගෙ චරිතයට පණ පොවනවා.

මේ උන්මාදය තවත් දෙගුණ තෙගුණ වුණේ Barbie චිත්‍රපටය තිරගත වූ දිනයේම හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කළ ඕපන්හයිමර් චිත්‍රපටයද තිරගත වීමයි. රසිකයන් අතර ජනප්‍රිය චිත්‍රපට දෙකක් මේ විදියට එකම දිනයේ තිරගත කිරීම නිසා මේ වනවිට සීතල යුද්ධයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් රසිකයන් දෙපිලකට බෙදිලා චිත්‍රපට දෙක වෙනුවෙන් Facebook, Instragram ජාලාවල මතවාදී ගැටුම් පවා නිර්මාණය කරනවා.

නමුත් මේ තරගයෙන් ඉදිරියෙන් සිටින්නෙ Barbie චිත්‍රපටයයි. Barbie ආරම්භක සතිඅන්තයේ ඇමරිකානු ඩොලර් මිලියන 162 ක ආදායමක් උපයා ඇති අතර ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දීද ලෝකය පුරා ප්‍රදර්ශනය කිරීම්වලින් Barbie ඩොලර් බිලියනයට වඩා උපයා අවසන්. ඒ වගේම කාන්තා අධ්‍යක්ෂකවරියක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියක් ලද ඉහළම අදායමද මේ වනවිට බර්බි සතුවෙනවා. Barbie නිපදවන්නට ඩොලර් මිලියන 145 ක පමණ මුදලක් වැයවූ බව සඳහන් වෙනවා. විචාරක මතය අනුව 2023 වසරේ සෑම අතින්ම සාර්ථක වූ Super Mario Bros චිත්‍රපටයද ඉතා පහසුවෙන් Barbie අභිබවා යන බවයි.

මේ වෙනකොට Barbie ත්‍රපටය සෑහෙන්න කතාබහට ලක්වෙන ප්‍රවෘත්ති මවන චිත්‍රපටයක් බවට පත්වෙලා හමාරයි. ජේම්ස් කැමරන්ගේ Avatar: The Way of Water චිත්‍රපටයෙන් පස්සේ ඇමරිකාවේ පමණක් දෙවැනියට වැඩිම ටිකට්පත් අලෙවි වුණු චිත්‍රපටය ලෙස Barbie පත් වෙනවා. බාර්බි චිත්‍රපටය තිරගතවන්නත් කලින්ම ඇමරිකානු ඩොලර් මිලියන 130 ක ප්‍රමාණයක ටිකට් පත් අලෙවි වෙලා.

ඒ වගේම බාර්බි චිත්‍රපටය වියට්නාමයේ, පිලිපීනයේ සහ මැදපෙරදිග රටවල තහනම් චිත්‍රපටයක් විදියට නම් කරල තියෙනවා. වියට්නාම රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරල තියෙන්නෙ දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා නවයකින් සමන්විත (Nine-dash line) සිතියමක් ඇතුළත් දර්ශනයක් අන්තර්ගතවීම හේතුවෙන් මෙම චිත්‍රපටය වියට්නාමයේ සිනමාශාලාවල තිරගත කිරීම තහනම් කර ඇති බවයි. වියට්නාම රජය මීට තවත් හේතු විදිහට දක්වලා තියෙන්නේ මේ චිත්‍රපට දර්ශනය නිසා තමන්ගේ රටේ ස්වෛරීභාවයට බරපතළ විදියක බලපෑමක් සිදුවෙන බවත් නිසා අදාළ ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපටය නිකුත් කිරීමට ඉඩ නොදෙන බවයි.

Barbie චිත්‍රපටය පුරාවට යොදාගෙන තියෙන බාබිගෙ Theme colour එක වෙන රෝස පාටයි. ප්‍රේක්ෂකයන් රෝසපාට ෆැන්ටසියට අසු වෙන්නේ නොදැනුවත්වමයි. මාග්‍රට් සහ රයන්ගෙ විශිෂ්ට රංගනය වගේම අපූරු ගීත කිහිපයක්ම ඔබව ඒ දෙපැය සුන්දර සිනමාත්මක අත්දැකීමකට අරගෙන යනවා. කාන්තාවන්ගේ සමහර ගතිපැවතුම් සහ සමහර විලාසිතා ගැන මෙහි උපහාසයෙන් කතා කරනවා.

අන්තර්ජාලය ඇසුරෙන්.

අර්චිත ඉඳුවර

TAGGED: Barbie Warner Bros Pictures
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?