නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැල්ලට විසි වුණු කෑන් LPL ක්‍රිකට් කප් එකට ගිය හැටි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැල්ලට විසි වුණු කෑන් LPL ක්‍රිකට් කප් එකට ගිය හැටි

Published August 4, 2023

කාලෙක පටන් අපේ ක්‍රිකට් ෆෑන්ස්ලා ඇඟිලි ගැන ගැන බලන් හිටපු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය 30 වැනිදා ආරම්භ වුණේ අති උත්කර්ෂවත් අන්දමින්. මේ පාර LPL තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ලබාදෙන අපූරු කුසලානය පිටුපස හරි ලස්සන කතාවක් තියෙනවා. අපි මේ සූදානම් වෙන්නෙ ඒ කුසලානයේ කතාව ඔයාලට කියන්න. ලෝකයේ ප්‍රථම වතාවට ප්‍රතිචක්‍රීකරණය කරන ලද කෑන්වලින් නිර්මාණය වුණ මේ ක්‍රිකට් කුසලානය හැදෙන්නෙ මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදිහට. මේ කුසලානයේ අපූරු කතාව අපිත් එක්ක කිව්වේ LPL කුසලානය නිර්මාණය කරන්නට මග පාදා දුන් Melting Point ව්‍යාපෘති කළමනාකරු වන විහඟ විජේසිංහ.

මොකද්ද මේ මෙල්ටින් පොයින්ට්?

මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය කියන්නෙ පරිසරයෙන් එකතු කරගත් ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කරලා ඉතාමත් උසස් තත්ත්වයෙන් ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රියාවලියකට. අපි මේ ක්‍රියාවලියේදී පරිසරයට මුදා හරින ලද ඇලුමිනියම් කෑන් විදිමත්ව එකතු කරන්න උදව් කරනවා. එහිදී වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා මුහුදු තීරයේ දිනපතා පිරිමසිදු කිරීම ලස්සන වෙරළ ව්‍යාපෘතිය මගින් කරගෙන යනවා. ඊට අමතරව ක්ලීන් ඕෂන් ෆෝස් ආයතනය සමග එකතු වෙලා මීගමුව, කාක දූපත, යාපනය ආදී ප්‍රදේශවල කැලිකසල එකතු කරනු ලබනවා. ඊටත් අමතරව පරිසරය සුරකින සංවිධාන සමග එකතු වෙලා පරිසරය සුරකීමේ වැඩසටහන් වලටත් මෙල්ටින් පොයින්ට් උදව් කරනවා. මේ සියලු වැඩසටහන් වලින් එකතු කරන කැලිකසල ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන අතරේ අපි කරන්නෙ එකතු වන ඇලුමිනියම් කෑන් පිළිමතලාව, ගඩලාදෙණියෙ පිහිටි මෙල්ටින් පොයින්ට් කර්මාන්තශාලාවට දුම්රියෙන් යවලා ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදනය කරන එක. මෙම ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ 2019 දි.

ඇලුමිනියම් කෑන් වලින් LPL කුසලානය හැදූ හැටි

අපි LPL කුසලානයට කළින් පොඩි පොඩි කුසලාන හදලා තියෙනවා. නමුත් අපි කරපු විශේෂම නිර්මාණය තමයි මේක. කලින් කරපු කුසලානවල සාම්පල්ස් ටිකක් අපි ක්‍රිකට් ආයතනයට ගිහින් පෙන්නුවා. ඒවා වෙරළට එකතු වෙන ඇලුමිනියම් කෑන් වලින් හදන ඒවා කිව්වා. පස්සෙ ක්‍රිකට් ආයතනය කැමති වුණා මෙවර LPL කුසලානය හදන අභියෝගය අපිට බාරදෙන්න. මේ කුසලානය තනිකරම හදල තියෙන්නේ මුහුදු වෙරළෙන් සහ අනෙකුත් ස්ථානවලින් එකතු කරන ලද ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කරලා. මේ සඳහා කෑන් 2532 ක් භාවිත කළා. මේක කිලෝ ග්‍රෑම් 10.6 ක් බරයි. ක්‍රිකට් කුසලානයට ඇතුළත් කර ඇත්තේ ලංකාවට ආවේණික කැටයම් රටා සහ ලංකාවේ ප්‍රෞඪත්වය විදහාපාන සිංහ රූප දෙකක්. මෙම නිර්මාණය සම්පර්ණයෙන්ම කරන ලද්දේ පාරම්පරික ශ්‍රී ලාංකික නිපුණතාවයන් ඇති නිර්මාණ කරුවන් ගේ දෑත් වලිනුයි.

කප් එක හැදුවේ ප්‍රසන්න කුමාර ඇතුළු කණ්ඩායම…

පිළිමතලාව, ගඩලාදෙණිය කියන්නෙ පිත්තල කර්මාන්තයට බෙහෙවින් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. නමුත් ලංකාවේ පිත්තල කර්මාන්තය කියන්නෙ මියැදෙමින් පවතින කර්මාන්තයක්. මොකද පිත්තල කර්මාන්තයට හරි වටිනාකමක් ලංකාවෙ නෑ. ඉතින් අපිට ඕන වුණා මේකෙන් වැඩක් ගන්න තරුණ අදහස් තියෙන ව්‍යවසායකයෙක් මුණ ගැහෙන්න. ඒ තමයි තරිඳු කන්දෙවත්ත්. ඔහු පාරම්පරික පිත්තල කර්මාන්තකරුවෙක්. ඔහු කැමති වුණා අපිත් එක්ක එකතු වෙලා ඇලුමිනියම් කෑන්වලින් විවිධ නිර්මාණ හදන්න. තරිඳු ගාව වැඩකරන කණ්ඩායම ළඟ අපූරු නිර්මාණ කරන්න පුදුමාකාර හැකියාවක් තියෙනවා. අපි ඒ හැකියාව පාවිච්චි කරල මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය එහේ පටන්ගත්තා. ප්‍රසන්න කුමාර ඇතුළු කණ්ඩායම තමයි LPL කුසලානය හැදුවේ.

අපේ බඩු තත්ත්වයෙන් උසස්

මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතියෙන් හදන නිර්මාණ හරිම වෙනස්. තත්ත්වයෙන් උසස්. ඒ නිසා දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය වැඩියි. මොකද අපි සියලුම නිර්මාණ හදන්නෙ ප්‍රතිචක්‍රීකරණය කරපු කෑන්වලින්. ඒ වගේම අපේ පිත්තල කර්මාන්තකරුවන්ගේ දෑත්වල මහන්සිය අපිට මිල කරන්න බෑ. ඒ නිසා වටිනාකමට සරිලන මුදලක් අපි අපේ භාණ්ඩ වලට අය කරනවා.

කප් එකට ප්‍රතිචාර ඉහළයි

ගොඩක් දෙනෙක් දැනන් හිටියෙ නෑ මේ LPL කුසලානයේ පිටුපස කතාව. නමුත් ටිකෙන් ටික දැනගත්තම ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. අපිට කවදාවත් ඕනෙ වුණේ නෑ මේ හරහා අපේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්න. අපිට ඕනෙ අපේ මේ කන්සෙප්ට් එක රටේ තව තැන්වලට ව්‍යාප්ත වෙනවා දකින්න විතරයි. මොකද අපි මේ කරන දෙයින් පරිසරය පවිත්‍ර වෙනවා වගේම රට ඇතුළෙත් රටෙන් පිටත් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙලා අපේ නිර්මාණ ශිල්පීන්ගේ රැකියා සුරක්ෂිත වෙනව වගේම ඔවුන්ගේ ආදායමත් ඉහළ යනවා.

මෙල්ටින් පොයින්ට් පටන්ගත්තෙ පරිසරයේ තියෙන කෑන්ස් දැකලමයි

අපි හැමදාම දකිනවා පරිසරයේ කොතනක හරි එක ඇලුමිනියම් කෑන් එකක් හෝ වැටිල තියෙනවා. ඒ ප්‍රවණතාව මුහුදු වෙරළ ආශ්‍රිතව ඉතාමත්ම වැඩියි. ඊටපස්සෙ අපි පර්යේෂණයක් කළා මේ කෑන්ස් වලින් කරන්න පුළුවන් දේවල් ගැන. අපි දැනගත්තා මෙහෙම අපද්‍රව්‍ය ගොඩට එකතු වෙන කෑන්ස් වලින් සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් යැපෙනවා කියල. මොකද තත්ත්වයෙන් ඉතා උසස් නිර්මාණ කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි ඇලුමිනියම් කියන්නෙ.

දිනපතා වෙරළ පිරිසිදු කරන සමුදුර මිතුරෝ

වැල්ලවත්ත මුහුදු වෙරළ පිරිසිදු කරන්නෙ වන අරණ ආයතනයේ ‘ලස්සන වෙරළ’ ව්‍යාපෘතියෙන්. ඒ වගේම ‘Clean Ocean’ කියල ව්‍යාපෘතියකුත් යාපනය, වව්නියාව මුහුදු තීරයන් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මේ වෙරළ තීරයන්ගෙන් එකතු වන සියලුම කැලි කසල අපි විධිමත්ව අවශ්‍ය තැන්වලට බාර දෙනවා ප්‍රතිචක්‍රීකරණය සඳහා.

මෙදා පාර Player of the match කුසලානයත් අපෙන්

LPL ප්‍රධාන කුසලානයට අමතරව Player of the match කුසලානත් අපි හැදුවා. ඒ වගේම සියලුම ක්‍රීඩකයන්ට සමාරම්භක උත්සවයේදී ඉවතලන කෑන්ස් වලින් හදපු අපේ රටේ පාරම්පරික වෙස් මූණු ඇතුළත් කළ ටේබල් මැට්ස් කට්ටලයක් ත්‍යාග විදිහට දුන්නා.

මම මෙල්ටින් පොයින්ට් එක්ක සම්බන්ධ වුණේ ව්‍යාපෘති සම්බන්ධකාරක විදිහට

මම NIBM එකේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. තෙවැනි වසරේ සිසුවෙක්. මගේ Internship එකට තමයි මම මෙල්ටින් පොයින්ට් එකත් එක්ක සම්බන්ධ වුණේ. මුලින් හිටියෙ ව්‍යාපෘති සම්බන්ධීකාරක විදිහට. දැන් මම ව්‍යාපෘති කළමනාකාරවරයෙක්. මම ඉගෙනගන්න දේට පරිසරය කිසිම අදාළත්වයක් නෑ. නමුත් මම ඉස්සර ඉඳන්ම හරි කැමතියි පරිසරය රැකගෙන පරිසරයෙන් ලබාගන්න දෙයකින් මොනවහරි දෙයක් කරන්න.

අපේ බඩු වලට හොඳ මාකට් එකකුත්

මේ වෙද්දි අපේ නිෂ්පාදන ඔඩෙල් සහ ඩරාස් ආයතන වල විකුණන්න තියෙනවා. ඒ වගේම ඉස්සරහට අපිට අදහසක් තියෙනවා මුහුදු වෙරළ තීරයන්ගෙන් එකතු වන අපද්‍රව්‍ය වලින් නිර්මාණය කරන දේවල් ඒ මුහුදු වෙරළෙම Outlets හදලා දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කරන්න.

කීර්ති කණහැරආරච්චි
ව්‍යාපෘති සභාපති Melting Point

විහඟ විජේසිංහ
ව්‍යාපෘති කළමනාකරු Melting Point

එරංදි කෞශල්‍යා

TAGGED: Clean OceanZ, LPL, Melting Point, කුසලානය, මෙල්ටින් පොයින්ට්, සමුදුර මිතුරෝ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?