නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැනගෙන පාවිච්චි කළ යුතු Nonstick pan
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දැනගෙන පාවිච්චි කළ යුතු Nonstick pan

Published July 31, 2023

මුළුතැන්ගෙයි වැඩ පහසු කරන Nonstick pan ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඒවා භාවිත කළ යුතු ආකාරය ගැන නිසි අවබෝධයක් බොහො දෙනෙකුට නැති නිසා ඔබේ Nonstick pan වල ආයු කාලය අඩු වෙනවා. ඇත්තටම Nonstick pan එකක් අවුරුදු ගණනාවක් භාවිත කරන්නේ කොහොමද කියල ඔබට අද දැනගන්න පුළුවන් වේවී.

පළමු භාවිතය

Nonstick pan එකක් පළමුවරට භාවිත කිරීමට පෙර එය හොඳින් පිරිසිදු කරගත යුතුයි. මද උණුසුම් වතුරට සබන් වතුර එකතුකර ස්පොන්ජ් එකක් ආධාරයෙන් පෑන් එක හොඳින් සෝදා වියළාගෙන භාවිතය සඳහා සූදානම් කරගන්න ඔබට පුළුවන්.

හැඳි භාවිතය

Nonstick pan සඳහා ඕනෑම වර්ගයක හැන්දක් භාවිත කිරීමේ හැකියාවක් නැහැ. මෙම වර්ගයේ පෑන් සඳහාම නිපදවූ හැඳි වර්ග තිබෙනවා. ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය සමඟ එවැනි හැන්දක් නොලැබෙනවා නම් Nonstick pan සඳහාම නිපදවූ හැන්දක් වෙළඳපොළෙන් මිලදී ගත හැකියි. ඊට අමතරව රළු දාර නොමැති ලී හැඳි, තාප ප්‍රතිරෝධි සිලිකන් හැඳි භාවිතා කරන්නත් ඔබට පුළුවන්.

තෙල් භාවිතය

Nonstick pan එකකට කිසි විටෙකත් ආහාර නොඇලෙන බව ඔබ දන්නවා. විශේෂයෙන්ම අලුත් සහ හානි නොවූ පෑන්වල ආහාර ඇලෙන්නේ නැහැ. ඒ කෙසේ වුවත් Nonstick pan වල ආහාර පිසීමේදී තෙල් ස්වල්පයක් භාවිත කරන්න ඔබ අමතක කරන්න එපා.

තාපය

මෙය ඉතාම විශේෂ කාරණාවක්. ඔබ තරමක මුදලක් වියදම් කර මිලදී ගන්නා Nonstick pan එකක් භාවිත කිරීමේ දී මේ කාරණාව පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. Nonstick pan සඳහා ඉතා අධික තාපයක් භාවිත කිරීම කිසිසේත් සුදුසු වන්නෙ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නෙ මධ්‍යස්ථ තාපයක සිට ඉතා අඩු තාපයක්. මෙවැනි තාප මට්ටමක ඔබට Nonstick pan එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඔබේ පෑන් එකේ ආයු කාලය ඔබට වැඩි කරගන්න පුළුවන් වෙනවා.

ආහාර ගබඩා කරන්න එපා

නන්ස්ටික් පෑන් යනු ආහාර ගබඩා කරන භාජන නොවේ. නන්ස්ටික් පෑන් එකක ආහාර පිසීමෙන් පසුව එම ආහාර අනිවාර්යයෙන්ම වෙනත් භාජනයක් වෙත මාරු කළ යුතුයි. ආම්ලික ආහාර දිගු වේලාවක් නන්ස්ටික් පෑන් තුළ තැබීමෙන් පෑන් එකේ ආලේපනයට හානි වීමේ සම්භාවිතාවය වැඩි නිසා සෑම විටම ආහාර පිසීමෙන් පසුව ආහාර වෙනත් භාජනයක් වෙත මාරු කරන්න. මේ පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

ඉක්මනින් උෂ්ණත්වය වෙනස්වීම

නන්ස්ටික් පෑන් එකක් ළිපෙන් ඉවත් කළ සැණින් වතුරට ඇල්ලීම හෝ වතුරේ ගිල්වීම නොකළ යුතුයි. නන්ස්ටික් භාජනයක ආහාර පිසීමෙන් පසුව එය පිරිසිදු කිරීමට පෙර සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩ හරින්න. නන්ස්ටික් පෑන් වෙත දැනෙන තියුණු උෂ්ණත්ව වෙනස් වීම් නිසා එහි ආලේපනයට හානි වීම, භාජනය විකෘති වීම, පසුකාලීනව පිසීමේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීම ආදිය සිදුවිය හැකි නිසා ඔබේ නන්ස්ටික් පෑන් පිරිසිදු කිරීමට පෙර සම්පූර්ණයෙන්ම සිසිල් වන තුරු සිටින්න.

පිරිසිදු කිරීම

සාමාන්‍යයෙන් භාජන පිරිසිදු කරන ආකාරයට නන්ස්ටික් පෑන් එකක් පිරිසිදු කරන්න ඔබට හැකියාවක් නැහැ. එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. සමහර පිඟන් සේදීමේ ද්‍රාවණ, සබන් වර්ග සහ පිරිසිදු කාරකයන් මගින් නන්ස්ටික් පෑන් වලට හානි පැමිණවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඉතා මෘදු සේදුම් කාරකයක් මගින් නන්ස්ටික් පෑන් පිරිසිදු කිරීම කළ යුතුයි. ඒ වගේම ප්ලාස්ටික් ස්ක්‍රබ්, Steel Wool වර්ග හෝ බ්‍රශ් වර්ග භාවිත කිරීම මගිනුත් නන්ස්ටික් පෑන් වලට දැඩි හානි සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා වෙනුවට මද උණුසුම් වතුර සහ සබන් භාවිතයෙන් නන්ස්ටික් පෑන් පිරිසිදු කිරීම කරන්නට ඕනේ.

ගබඩා කිරීම

නන්ස්ටික් පෑන් ගබඩා කිරීමේදී වෙනත් භාජන ගබඩා කරනවා මෙන් එක මත එක තබා ගබඩා කිරීම සිදු කරන්න බැහැ. භාජනයේ ආලේපනයට හානි සිදු නොවන අයුරින් භාජනයේ පතුලට ටිශූ එකක් හෝ මෘදු රෙදි කැබැල්ලක් අතුරා ඒ මත වෙනත් භාජනයක් තැබිය හැකියි. නමුත් නන්ස්ටික් පෑන් සඳහා වඩාත් සුදුසුම ගබඩා කිරීම වන්නේ ඒවා එල්ලා තැබීමයි.

මෙවැනි සරල පියවරයන් අනුගමනය කිරීම මගින් ඔබට ඔබ භාවිත කරන නන්ස්ටික් පෑන් වර්ග බොහෝ කාලයක් භාවිතා කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් නන්ස්ටික් පෑන් එකක් මිලෙන් තරමක් අධික වන නිසා මේ උපදෙස් අනුව ඒවා නිසි ලෙස භාවිත කරනවානම් ඔබට ඔබේ නන්ස්ටික් පෑන් එක දිගු කාළයක් පාවිච්චි කරන්න පුළුවන්.

(smartlady.lk ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

TAGGED: Kitchen Wear Items, Nonstick pan, නන්ස්ටික් පෑන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?