නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිරමීඩ කියන්නෙ සුදු අලියෙක් අහුවෙන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිරමීඩ කියන්නෙ සුදු අලියෙක් අහුවෙන්න එපා

Published July 31, 2023

පිරමීඩ් ක්‍රමය කියන්නේ වෙස්වලාගත් නීතිවිරෝධී මුල්‍ය වංචාවකි. පිරමීඩ් ක්‍රමය Ponzi schemes සහ බහු-විධ අලෙවි සමාගම් :(MLM) හා තරමක් දුරට සමාන ක්‍රියාවලියකි.

■ කෙටි කාලයකින් විශාල ලාභාපේක්ෂා

පිරමීඩ් ක්‍රමය යනු විශාල ලාභ ලබාදෙන බවට පොරොන්දු වෙමින් ඔබ මුළාකරන වංචනික අලෙවිකරණ සමාගමකි. සාමාජිකයින්ව ආයෝජකයින්, විකුණුම් කරුවන්, නියෝජිතයින් හෝ බෙදාහරින්නන් වශයෙන් නම් කෙරේ. ඔවුන්ගේ එකම ඉලක්කය හැකිතරම් සාමාජිකයින් බඳවා ගැනීම.

පිරමීඩ් ක්‍රමයක ආරම්භය

එක් පුද්ගලයෙකු හෝ කුඩා කණ්ඩායමක් නව ව්‍යාපාරයක් සඳහා සහභාගීවන්නන් බඳවා ගැනීම මෙහි ආරම්භයයි. අලුතින් එකතුවන අය මුදල් ආයෝජනය කිරීම, සාමාජික ගාස්තු ගෙවීම හා සෑම මසකම යම් භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම කළ යුතුය. නව සාමාජිකයින් අඛණ්ඩව බැඳීම සමාගමේ පැවැත්ම වනු ඇත. පිරමිඩ යෝජනා ක්‍රමයක ඉහළින්ම සිටින ක්‍රියාකාරී සාමාජිකයින්ට ඔවුන් විසින් බඳවාගනු ලබන පහළින් සිටින සාමාජිකයින් යොදන මුදල්වලින් කොමිස් වශයෙන් විශාල ආදායමක් ලැබේ.

පිරමිඩ් හා බහු-මට්ටම් අලෙවිකරණය (MLM) අතර වෙනස

පිරමිඩ් සහභාගීවන්නන් නිත්‍ය වැටුපක් නොලබන අතර ඒ වෙනුවට නියමිත නිෂ්පාදන ප්‍රමාණයක් සෑම මසකම සමාගමෙන් මිලදී ගැනීම එහි රැඳීසිටීම සඳහා කළයුතුය. තමුන් බඳවා ගන්නා නව සාමාජිකයින් තුළින් පමණක් කොමිස් මුදලක් උපයාගත හැකිය. සාමාජික ගාස්තු ගෙවීම අනිවාර්යය. පිරමිඩ් ක්‍රමයක පොදු විකිණීම් නොවන අතර ඇත්තේ පුද්ගල-පුද්ගල විකිණීම් පමණකි. මෙම ක්‍රියාවලිය දම්වැලක පුරුක් මෙන් බැඳී පවතී.

කෙසේ වෙතත් ක්‍රම දෙකෙහිදීම සාමාජික ගාස්තු අය කිරීම, අලෙවියට නොව බඳවා ගැනීම සඳහා ඉහළ කොමිස් ලැබීම, තමුන් බඳවා ගන්නා නව සාමාජික ගාස්තු තුළින් තම සාමාජික ගාස්තු ආවරණය කර ගැනීමට ඇති ඉඩකඩ නිසා භයානක බව සැලකිය යුතුය. අසාර්ථක වන බහුවිධ අලෙවි සමාගමක් පාඩු ලැබීමේදී පවත්වාගෙන යෑම සඳහා පසුව පිරමිඩ් ක්‍රමයට පත්විය හැකිය.

■ පිරමිඩ් වංචා ක්‍රම කිහිපයකි

ඇත්ත වශයෙන්ම නිෂ්පාදන අලෙවි කරන පිරමීඩ යෝජනා ක්‍රමද ඇත. නිෂ්පාදන අලෙවිකරණය ඇත්නම් පමණක් ඔවුන්ට මිනිසුන්ට දෙනු ලබන පොරොන්දුව ඉටුකළ හැකිය. සහභාගීවන්නන් මුදල් ලබා දීමේ පොරොන්දුව මත දාම ඊමේල් යැවීම තවත් වංචාසහගත ක්‍රමයකි. මේ ඊමේල් විවිධ උපදෙස් සමග පැමිණිය හැකිය.

ඊමේල් සමූහයේ ලැයිස්තුගත කරඇති පළමු පුද්ගලයාට යම් මුදලක් යවා පසුව ඒ නම ලැයිස්තුවෙන් ඉවත්කර ඒ නම් පහළට එකතුකර වෙනත් පුද්ගලයින් කණ්ඩායමකට ඊමේල් පණිවිඩය යවයි. එක් එක් ඊමේල් පණිවිඩ වෙනස් යෝජනා හා උපදෙස් අඩංගු කර යවයි. සමහර විට මෙම වංචාකාරයින් නීත්‍යානුකූළ ආයෝජන සමාජයන් ලෙස පුද්ගලයින්ට ආයෝජන රැස් කිරීමට උදව් කිරීම වෙනුවෙන් ආරම්භ වී පසුව පිරමීඩ් ක්‍රමයම අනුගමනය කරයි. මේ සෑම වංචනික කටයුත්තකින්ම ප්‍රවේසම් වීම ඔබට භාරයි.

( https://www.forbes.com ඇසුරෙන්)

■ සුනිල් අල්ගම

TAGGED: MLM, Ponzi schemes, Pyramid scams, The pyramid scheme, පිරමීඩ් ක්‍රමය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?