නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපි එක තැනක ඒත් සිත් දෙතැනක මේ බොරුව වැඩක් තියේද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අපි එක තැනක ඒත් සිත් දෙතැනක මේ බොරුව වැඩක් තියේද?

Published July 31, 2023

මේ ලෝකෙ හැම පවුලකම තියෙනවා සිස්ටම් සහ සබ් සිස්ටම් කියල කොටස් දෙකක්. සිස්ටම් කියන්නෙ මූලික පද්ධතිය. සබ් සිස්ටම් කියන්නෙ අතුරු පද්ධතිය. සැමියාගේ, බිරිඳගේ භූමිකාවට අමතරව පිරිමියාට, බිරිඳගේ, පුතාගේ භූමිකාවත් කරන්න සිදුවීම සබ් සිස්ටම් එකට අදාළයි.

මෙතනදි අම්මා තාත්තත් බලාපොරොත්තු වෙනවා තමන්ගෙ පුතා, දුව කාගෙහරි කෙනෙක්ගෙ සැමියෙක්, බිරිඳක් වුණත් කලින් වගේම එයාලගේ භූමිකාව හොඳින් කරයි කියල. මේ වගේ සබ් සිස්ටම් එක්ක ඇති වෙන ගැටුම් සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමන්ගෙ සැමියා හෝ බිරිඳ සැලකිය යුතු පුද්ගලයන්ට අනිවාර්යයෙන් සැලකිය යතුයි කියන හැඟීම පිටින් ඇවිත් පවුලට සම්බන්ධ වෙන කෙනාට නෑ.

මේ නිසා නිරන්තරයෙන් තමන්ගෙ පාට්නර්ට මානසිකව හිරිහැර කරනවා තමන්ගෙ පැත්තට නම්මගන්න. එතකොට අනිත් කෙනාට හිතෙනවා තමන්ට අවශ්‍ය මානසික නිදහස පාට්නර්ගෙන් ලැබෙන්නෙ නැති නිසා පවුල කඩාගෙන එළියට ගිහින් නිදහසක් හොයන්න. මේ වගේ සහකම්පනය නොමැතී වීමේ ගැටලු තමයි ගොඩක් පවුල් කැඩෙන්න හේතුව වෙන්නෙ.හැම මනුස්සයෙක්ටම තියෙනවා රොමෑන්ටික් අයිඩියල් එකක්. ඒ කියන්නෙ හැම මනුස්සයෙක්ගෙම හිතක් ඇතුළෙ අමුතුම චරිතයක් ගොඩනැගෙනවා. ඒත් තමන් මනසින් හදාගත්ත රොමෑන්ටික් අයිඩියල් කෙනාව කවදාවත් සමාජයේදී ඇත්තටම මුණගැහෙන්නෙ නෑ. ඒ නිසා තමයි අපි රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න කලින් ඒ කෙනා ගාව තමන් හොයන කොලිටීස් තියෙනවද කියල බලන්නෙ. හිතෙන් හදාගත්ත පරමාදර්ශී ප්‍රේමවන්තයව හෝ ප්‍රේමවන්තියව ඔවුන් හැබෑ සමාජයේ හොයනවා. එයාව තමයි ලයිෆ් පාට්නර් කරගන්න උත්සාහ කරන්නෙ.

ටිකක් හරි තමන්ගෙ රොමෑන්ටික් අයිඩියල් කෙනාට සමාන පුද්ගලයෙක් තමන්ට මුණගැහුණොත් තමන් කැමති අනිත් කොලිටීස් ඒ කෙනා එක්ක මැච් කර කර යනවා. ඒකට අපි කියනවා Assumed Similarity Bias කියල. අපි උපකල්පනය කරනවා ගොඩක් වෙලාවට අපිට හම්බෙන යාළුවො, ආදරවන්තයා, ආදරවන්තිය තමන් දරන මතයන්ම දරනවා කියල. ඒක හැමෝම තුළ ඉබේ සිද්ධ වෙන දෙයක්. එහෙම හිතාගෙන කසාද බඳිනවා. නමුත් ටික කාලයක් ගියාම තේරෙනවා මං මේ හොයාගත්ත කෙනා මගේ අත්තෙ වහන්න සුදුසු කුරුල්ලෙක් නෙවෙයි කියල. ඒත් අපි පුළුවන් තරම් අනිත් කෙනාව තමන්ට ගලපගන්න උත්සාහ කරන එක නවත්තන්නෑ. ඒක අනිත් කෙනාට හරිම කරදරයක්.

උදාහරණයක් විදිහට ගත්තොත් බිරිඳ හෝ සැමියා කොණ්ඩෙ කපන්න ඕනෙත් අනිත් කෙනාට ඕන විදිහට. අඳින්න ඕනත් අනිත් කෙනා කැමති ඇඳුම්. ඒක අනිත් කෙනාගේ රුචිය නම් ගැටලුවක් නෑ. නමුත් ඒක අනිත් කෙනාගේ රුචිය නෙවෙයිනම් එතන ඝට්ටනයක් ඇති වෙනවා. ඔහොම ටික කාලයක් යද්දි තමන් හොයාගත්ත කෙනා තමන්ගෙ රොමෑන්ටික් අයිඩියල් එකට මැච් කරගන්නම බැරි වෙද්දි එළියෙ ඉන්න බාහිර පුද්ගලයෙක්ගෙන් තමන් කැමති කොලිටීස් දකින්න ගන්නවා. ඊටපස්සෙ තමන් ළඟ ඉන්න කෙනාට වඩා එළියෙ දැකපු කෙනාට පෙළඹීමක් ඇති වෙනව.

අනිත් කාරණේ ලිංගික ගැටලු. ලංකාව වගේ රටක ලිංගික නිදහස ලිමිට් වෙලා තියෙන්නේ. ලිවින් ටුගෙදර් ඉන්නවනම් ඒ අය ඒ දේ උපරිම නිදහසින් අත්විඳිනවා. ඒ නිසා එහෙම අයට ලිංගික ගැටලු බොහෝදුරට බලපාන්නෙ නෑ. නමුත් සංස්කෘතික රටවල මේ තත්ත්වය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ආර්ථික ගැටලු. තමන්ගෙ සැමියගෙන් තමන් බලාපොරොත්තු වුණ මූල්‍ය තෘප්තිය නැති වුණාම ඔන්න කඩාගෙන යනවා වෙන පුද්ගලයෙක් හොයාගෙන. මුලින් සඳහන් කළා වගේ ගොඩක් මිනිස්සුන්ට සහකම්පනය නැති එක තමයි දෙන්නෙක් අතරේ ප්‍රශ්න ඇති වෙන්න මූලික හේතු වෙන්නෙ.

මට කාලෙකට ඉහතදී ඔහොම ගැටලුවක් ආවා දෙන්නෙක්ගෙන්. සැමියා සැමියගේ අම්මට සලකනවට බිරිඳ කැමති නෑ. මේ ප්‍රශ්නෙට හේතුව හොයාගෙන යද්දි දැනගත්තෙ වයිෆ් එයාගෙ අම්මගෙන් හොඳටම බැට කාපු කෙනෙක් කියල. එහෙම ප්‍රශ්නත් තියෙනවා. මේ වගේ ගැටලුවක් ආවම වැදගත්ම දේ සන්නිවේදනය. කපල්ස් අතර සන්නිවේදනය අඩු වුණාම වෙන්නෙ සැමියගෙයි බිරිඳගෙයි ප්‍රශ්නෙට තුන්වෙනි පාර්ශ්වයක් සම්බන්ධ වෙන එක.

මේ පැනනගින ගැටලු මේසෙට ගේන්න තමයි තෙරපි ක්‍රම තියෙන්නේ. හැබැයි ලංකාවේ ගොඩක් සැමියෝ බිරින්දෑවරු කැමති නෑ තමන්ගෙ ප්‍රශ්න එළියට දෙන්න. එහෙම වුණාම ප්‍රශ්න එළියට පයින්නෙ වෙන වෙන විධි වලින්. ගහේ මුල පස් ඇතුළෙ තියෙද්දි අපිට පේන්නෙ අතු ඉති විතරයි.

අනිත් එක පවුල් ප්‍රශ්න එළියට දෙන්න එපා කියලා සංස්කෘතික බැරියර්ස් සමාජයෙන් දාලා තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ විවාහය තියෙනවා හැබැයි පවුල කඩාගන්නවා. ඇතුළෙ ප්‍රෙෂර් එක වැඩි වෙද්දි එළියෙන් සහනයක් හොයන එක ස්වභාවිකයි. ඒ සහනය හොයන තැන අනියම් සම්බන්ධතාවල පැටලෙන එකත් ස්වභාවිකවම සිද්ධ වෙනවා. සැමියටයි බිරිඳටයි පේන්නෙ නැති ගැටලුවේ න්‍යෂ්ඨිය මනෝ වෛද්‍යවරයෙක් හරහා හෝ එළියට ගතයුතුයි. මොකද ඒ දෙන්නා ඉන්නෙ ඒ දෙන්නගෙ ප්‍රපංච ලෝක දෙකක.

එහෙමත් නැත්නම් මානසික ලෝක දෙකක. කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනෙ අනිත් කෙනාගේ මානසික ලෝකයට රිංගලා එයාට ඒ ලෝකෙ පේන විදිය අත්විඳින්න. එහෙම නැතුව මගේ මානසික ලෝකයෙන් එයාගෙ මානසික ලෝකය දකින්න උත්සාහ කරනතාක් දෙන්නා අතර ඇති වෙන්නෙ ගැටුම්ම පමණයි.

මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන


එරංදි කෞශල්‍යා

TAGGED: Family, Family Disputes, Relationships
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?