නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෝලා පානයක්ම පමණක් නොවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කෝලා පානයක්ම පමණක් නොවේ

Published July 10, 2023

කෝලා බොහොම ජනප්‍රිය පානයක්. මෙහි උප්පත්ති කතාව 1886 වසරේදී සිදු වුණ අතර එහි ගෞරවය ජෝන් පෙම්බර්ටන්ට හිමි වෙනවා. ඔහු මේ වෙනුවෙන් යොදා ගත්තේ මධ්‍යසාර පානයක්. මුල් අවස්ථාවේදී ඔහු මෙම පානයට French Wine Coca යනුවෙන් නම තැබුවා. නමුත් ඔහු ජීවත් වුණ ඇට්ලන්ටා ප්‍රාන්තයේ 1886 වසරේදී මෙම පාන වර්ගය තහනම් කළා.

ඒ නිසා තමන්ගේ නිෂ්පාදනයට සීනි එකතු කොට එය Cola යනුවෙන් නම් කළා. මෙය ජලය සමග තනුක කිරීම අවශ්‍ය වුණා. පසු කාලයේදී මේ පාන වර්ගය සඳහා සීනි සහ කාබනික ජලය මිශ්‍ර කළා. අද අපි දකින කෝලා බිහි වුණේ ඒ විදිහටයි. අපි තවමත් දන්නෙ කෝලා පාන වර්ගයක් විදිහට වුණත් ජීවිතයේ විවිධ කටයුතු වෙනුවෙන් කෝලා භාවිතා කරන්න හැකියාව තිබෙනවා.

■ ස්වභාවිකව හිසකෙස් කැරලි කරයි

සොල්දාදුවන් අතර කෝලා බොහොම ප්‍රසිද්ධ පානයක්. ක්‍රියාන්විතයේ යෙදී සිටින විට ජලය වෙනුවෙන් ඇති අවශ්‍යතාවය පවා මෙම පානයෙන් ඔවුන් විසඳා ගෙන තිබෙනවා. ඒ වගේම කෝලාවල අන්තර්ගතව ඇති Orthophosphoric අම්ලය නිසා බොහෝ සොල්දාදුවන්ගේ හිසකෙස් රැලි සහිත ස්වභාවයක් ගෙන තිබේ. ඒ වගේම බොහෝ පාන වර්ගවල pH අගය අඩු නිසා හිසකෙස් වියළි සහ අස්ථාවර ස්වභාවයක් ගෙන තිබේ. නමුත් කෝලා මගින් අම්ල – ක්ෂාරීය සමබරතාවය ඇති කරන නිසා හිසකෙස් ගැටලු බොහොමයක් වෙනුවෙන් පිළිතුරු ලබා ගැනීමටත් පුළුවන්.

■ චුයින්ගම් හිසකෙස්වල ඇලුනොත්

චුයින්ගම් හැපීමෙන් පසුව ඉවත දමන කොටසක් ඔබේ හිසකෙස්වල ඇලුනොත් මොකද කරන්නෙ? කිසිම සැකයක් නැහැ චුයින්ගම් ඇලුන හිසකෙස් කොටස කපා දමනවා.නමුත් ඉක්මන් වන්න එපා. චුයින්ගම් කොටස මතට සෝඩා දියර වක් කරන්න. මිනිත්තු කීපයකට පසුව සීරුවට ඇලුන චුයින්ගම් කොටස ඉවත් කරන්න.

■ හිසකෙස් Bleach කිරීමට

හිසකෙස් ඩයි කිරීම තවත් අතුරු ගැටලු කීපයකටම හේතු වෙනවා. සමහර විට හිසකෙස් අඳුරු විය හැකියි. එහෙම නැත්නම් දීප්තිමත් වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ගැටලුවක් නම් කෝලා යොදාගෙන හිසකෙස් බ්ලිච් කර ගන්නත් පුළුවන්. කෝලා නිෂ්පාදනයේදී යොදා ගන්නා සංයෝගයන් අතරට පැඟිරි තෙල් සහ සිට්රික් අම්ලය අඩංගු නිසා හිසකෙස් බ්ලීච් කිරීමේ හැකියාව තිබෙනවා.

■ කෘමි සතුන්ගෙන් ආරක්ෂාවට

ඉන්දියානු ගොවියන් අතර කෝලා බොහොම ජනප්‍රියයි. ඒ පානය සඳහාම නොවේ. ඔවුන් ගොවිතැනට හානි කරන කෘමි සතුන්ගෙන් අස්වැන්න රැකගැනීමට කෝලා යොදා ගෙන තිබෙනවා. ඉන්දියාවේ ගොවිතැනට හානි කරන රතු කුහුඹුවන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට ඉසින සීනි සිරප්වලට කුහුඹුවන් ආකර්ෂණය වෙනවා.

■ වේදනාවට සහනය

කෘමීන් දෂ්ටනය නිසා ඇති වන වේදනාවටත් කොකා කෝලා සහනය ලබා දෙනවා. දෂ්ටනය කළ ප්‍රදේශයේ කෝලා දියර පොඟවන ලද කපු පැලැස්තරයක් තබන්න. කෝලාවල අන්තර්ගත කැෆෙන් නිසා වේදනාව ගැන හැඟීම නැති වෙන්න පුළුවන්. “ජෙලිෆිෂ්“ මසුන්ගේ දෂ්ටනය ඉතාම වේදනාකාරීයි. එවැනි අවස්ථාවන්හිදීත් කෝලා භාවිතා කරන්නෙ එහි අන්තර්ගතව ඇති මෙම සුවිශේෂී නිර්වින්ද හැකියාව නිසාත් වෙන්නැති.

■ නාන කාමර පිරිසිදු කිරීමට

කෝලාවල අන්තර්ගත Orthophosphoric අම්ලය නිසා නානකාමරයේ ඇති සෙවල ගතිය සහ අනෙකුත් අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ කටයුත්ත ඉතාම පහසුයි. කෝලා ස්පොන්ජ් එකක තවරන්න. නැත්නම් දියර ඉසිනයකින් විසුරුවන්න. පැය කීපයක් තබන්න. රැයක් පුරා තැබුවත් ප්‍රශ්නයක් නැහැ. පසුව සෝදා හරින්න.

■ මේද දියවීමට

අම්ල සහ කැෆෙන් (caffeine) ඉතා හොඳ මේද ද්‍රාවනයක් වන අතර එම නිසා කෝලා පිඟන් කෝප්ප සහ මුළුතැන්ගෙයි පවිත්‍රතා කටයුතු වෙනුවෙන් භාවිතා කළ හැකිය. කෝලා දියර දමා භාජනය පැය කිහිපයක් තබන්න, ඉන්පසු සාමාන්‍ය විදිහට සෝදා ගන්න. පිඟන් කෝප්පවල තැවරී තිබුණ තෙල් ඉවත්ව තිබෙනවා ඔබට දැක ගත හැකියි.

■ අප්‍රසන්න ගන්ධයන් ඉවත් කිරීම

කර්කශ සුවඳ හෝ ගෑස් සැර වැනි සුවඳක් ඇති රෙදි සේදීමට පෙර ජලය හා කෝලා 1: 1 මිශ්‍රණයක පොඟවා ගන්න. මාළු සුවඳ සහ වෙනත් ගන්ධයන් ඉවත් කිරීමට මෙම කෝලා උපකාරී වේ. රෙදි සෝදන යන්ත්‍රයට එය එකතු කරන්න එපා.

■ කාසි පිරිසිදු කරන්න

කාසියක් වුණත් ලස්සනට තියෙනවා නම් අගෙයි. අපිරිසිදු කාසි සියල්ලම උස පටු භාජනයකට දමා එම භාජනය කෝලාවලින් පුරවන්න. ඉන්පසු භාජනය සොලවන්න. දැන් කාසි සාමාන්‍ය ජලයෙන් සෝදා ගන්න.

■ මළකඩ ඉවත් කිරීම

කෝලා මළකඩ සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ හැකියාවක් ඇති දියරයක්. එබැවින් ඔබට මළකඩ සහිත යතුරු, ඇණ ලිහිල් කිරීමට, ලෝහ පිරිසිදු කිරීමට සහ මළකඩ නිසා ඇතිවන වෙනත් ගැටලු විසඳීමට කෝලා භාවිතා කළ හැකිය. මළකඩ සහිත ස්ථානවලට කෝලා වත් කරන්න ඉන්පසු ස්පොන්ජියකින් අතුල්ලන්න.

(Mail on line ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Cola, Uses of cola, කෝලා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?