නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දෙනෙත් නොපෙනුණත් වාහන හදන අපූරු දෑතක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දෙනෙත් නොපෙනුණත් වාහන හදන අපූරු දෑතක්

Published July 10, 2023

පෙනෙන අයට වඩා නොපෙනෙන මගේ අවධානය හොදයි – මලිත් තිලකරත්න

ජීවිතයේ කොතැනක හෝ යම් අඩුපාඩුවක් ඇති වුණොත් ඒ මත්තේම වැළපෙමින් සිටිනවාට වඩා ලද අභියෝගය තුළ ඉදිරියට යෑමේ හැකියාවක් ඇති ඔහු සැබැවින්ම පෞරුෂයෙන් පූර්ණ පුද්ගලයෙක්. මලිත් තිලකරත්න උපත ලැබුවේ දෑස් නොපෙනෙන දරුවෙක් විදිහටයි. උපතේදී ඒ බැව් හඳුනා ගැනීමට නොහැකි වුණත් කාලයත් සමග ඔහුගේ මව්පියන්ට තම දරුවාගේ දෘශ්‍යාබාධිත තත්ත්වය හඳුනාගන්න ලැබුණා. තම දරුවාගේ පෙනුම ලබා ගැනීමට නොගත් උත්සාහයක් නැහැ. නමුත් ස්නායු ආබාධ තත්ත්වයක් නිසා මලිත්ගේ පෙනුම ලබා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන් විසින් තීරණය කළා. මලිත් දිවුලපිටිය ඥානවාස පාසලෙන් 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවා. එතැනින් පසුව මලිත් තම පියාගේ ගරාජයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. දිවුලපිටිය කුරුණෑගල පාරේ මහජන ක්‍රිඩාංගනය ඉදිරිපට පිහිටා තිබෙන ඔහුගේ ගරාජය දැන් ඉතාම ජනප්‍රියයි.

■ ඔබ තවමත් වාහනයක් ඇසින් දැකලා නැහැ

ඔව් මම දන්නා දවසේ පටන්ම ජීවත් වුණේ යකඩ ගොඩක. වාහන කොටස් අත පත ගාමින් ජීවත් වුණා. ඒ නිසාම මගේ අත සංවේදී වුණා. මට වාහනයක් ඇවිත් නවත්වන විට මට තේරෙනවා අලුත්වැඩියා කරන්න ගෙනෙන වාහනයක් සහ සාමාන්‍ය වාහනයක් අතර වෙනස ඔටෝ වාහන හැර ඕනෑම මැනුවල් වාහනයක් මට හදන්න පුළුවන්. මගේ ඇස් පෙනුනෙ නැහැ කියලා මට ජීවිතයේ අඩුවක් දැනෙන්නෙ නැහැ.

■ ඇස් නොපෙනෙන ඔබ ගරාජයක සේවයට සම්බන්ධ වුණේ?

මගේ තාත්තාට ගරාජයක් තිබුණා. පුංචි කාලයේ ඉඳලාම ගරාජයේ වැඩට සම්බන්ධ වුණා. මට වයස අවුරුදු දොළහක පමණ කාලයේ පටන් තාත්තා මගෙන් අත් උදව් ගත්තා. ඒ නිසා මට ගරාජයේ වැඩ ගැන අවබෝධයක් ලැබුණා. දැන් මට තාත්තාට වඩා වාහන අලුත්වැඩියා කරන්න පුළුවන්. මට ඇස් පෙනෙන්නේ නෑ කියන එක දැණුනේ නැහැ. ඇත්තටම වාහන අලුත්වැඩියා කරන්න පෙනුම අවශ්‍ය නැහැ. ඇස් පෙනෙන අය වැඩක් කරන්න ගියාම මෙතැනට කෙනෙක් ආවා කියමු ඇස් පෙනෙන අයගේ අවධානය ඒ පනමුත් මට ඇස් නොපෙනෛන නිසා මගේ අවධානය මේ ගැන විතරයි. ඒ නිසා මම දකින විදිහට මේ කටයුතුවලට අවශ්‍ය වෙන්නේ අවබෝධය පමණයි. වෙන අය වාහන කොටස්වලට ගලවලා සවි නොකරන වාහනත් මම සවි කරල තිබෙනවා. ජාවා මෝටර් බයිසිකලයක් කික් එක තිබුණේ වම් පැත්තෙන් ගහන්න ඒක හදන්න බැරිව අයින් කරලා තිබුණා.

පින්න කැළෙන් මම ඒක ගෙනත් හැදුවා. අවුරුද්දක් විතර මගේ යාළුවෙක් සමග බයිසිකලය පැදලා පස්සේ විකුණුවා. හැන්ඩ්ල් එක හුරු කෙනෙක් ඉන්නවා නම් මට බයිසිකලය පදින්න පුළුවන්. ඉස්සර මම පා පැදියෙන් ගියා. දැන් පාරේ ටිපර් වැනි වාහන වැඩි නිසා අවදානමක් තිබෙනවා.

■ වාහන දෙකක කෑලි ගෙනත් මල්ලකට කලවම් කරලා දුන්නොත්

වාහන කීපයක කැබැලි කොටස් කරලා දුන්නත් මට ඒක අදාළ විදිහට අන්තිම ඇණය දක්වාම සවි කරන්න පුළුවන්.

■ ඔබගේ පාරිභෝගික ජාලය ගැන

දැන් මට හොඳ පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා. සමහර අවස්ථාවලදී ඒ අයටත් යම් සැකයක් ඇති වෙනවා. එක අතකින් එය සාධාරණයි. මම වාහනය හදලා දුන්නත් වැඩේ හරියට වුණාද කියලා සැකය තිබුණත් මගේ කටයුතු ගැන ඔවුන්ටම විශ්වාසය ඇති වෙනවා. එතැනින් පසුව මගේ ගරාජය සමග ඔවුන් හොඳ විශ්වාසයක් ඇති කරගන්නවා. සමහර වාහන වෙනත් ගරාජවලදී හරියට හදලා නැහැ.

සමහර විට පාරිභෝගිකයා රවටලා තිබෙනවා. නමුත් මම ඒවා නිවැරදි කරලා හොඳම වාහනය හදලා දෙනවා. ඇස් පෙනෙන වාහන අලුත්වැඩියා කරන අයට වඩා බොහොම දෙනෙක් මා ගැන විශ්වාස තබා තිබෙනවා. ඒක කාලය සමග මගේ සේවාවේ සාර්ථකත්වය නිසා ගොඩ නැගුන කීර්තියක්. මම වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ ත්‍රිරෝද රථ වලටයි.

■ ඔහුගේ ජීවිතයේ නිහඬ වීරයා තාත්තා

මගේ පියා වෙළඳාමෙන් ජීවත් වුණේ. එක මහත්මයෙක් මාව කැඳවා ගෙන ගියා. මම ඒ ගරාජයයෙන් වැඩ ඉගෙනගෙන නිවසේම ගරාජයක් පටන් ගත්තා. මගේ පුතාගේ ඇස් දෙකෙම නොපෙනුනත් මම ඔහුව සම්බන්ධ කරගෙන පුතේ මේක ගලවන්න මේ ඇණය සවි කරන්න වගේ උපදෙස් දුන්නා. දැන් තනියම මෝටර් රථයක් අලුත්වැඩියා කරන්න පුතාට පුළුවන්. එක වාහනයක් ගැලෙව්වොත් අනිත් වාහනයක් ඊට සමානයි. වෙනස තියෙන්නේ ගියර් පෙට්ටියේ විතරයි. ගියර් පහ, හය වෙනස තියෙන්නේ එතැනයි.

වාහනයක අන්තිම ඇණය වෙන තෙක් ගලවලා ඒක නැවතත් ඒ විදිහටම සවි කරන්න පුළුවන්. ඒ තරම් ඔහු දක්ෂයි. පුතාට බැරි වෑල්ඩිං වැඩ විතරයි. පුතා වාහන හදන්නේ ඇහෙන් දැකලා නොවෙය, අතින් අල්ලලා ඒ නිසා වෑල්ඩිං වැනි කටයුතු කරන්න අපහසුයි.

ඒ වගේම වී මෝල්වල යන්ත්‍ර, විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නත් පුතාට හැකියාව තිබෙනවා. ඇස් නොපෙනුනා කියලා මගේ පුතාගේ ජීවිතයේ කිසිම අඩුවක් නැහැ. ඔහු මෝටර් රථ අලුත්වැඩියාව ගැන කිසිම විශේෂ පාඨමාලාවක් හදාරලා නැහැ. අද මේ තැනට පුතා පත් වුණේ ඔහුගේ කැපවීම සහ මේ රැකියාවට තිබුණ ලැදියාව නිසයි. ඒ වගේම මගේ පුතාගේ දෘශ්‍යාබාධිත තත්ත්වය නිසා මම දරුවා දුරස් කළේ නැහැ. ඇස් පෙනීම තැනි වුණත් පුංචි කාලයේ පටන්ම මගේ ගරාජයේ කටයුතුවලට සම්බන්ධ කර ගත්තා.

ඒ නිසාම ඔහු මේ වෘත්තිය හොඳින් ග්‍රහණය කර ගත්තා. මම අද ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ දරවා විතරක් නොවෙයි, මේ වගේ විශේෂ අවශ්‍යතා ඇති බොහෝ දරුවෝ අප අතර සිටිනවා. ඉතින් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවෙයි එවැනි දරුවන් වෙනුවෙන් යම් යොමු කිරීමක් අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතයේ උපන් දුර්වලතාවය ගැනම කම්පා නොවී ඔවුන්ගේ අනාගතයට මාවතක් සකස් කිරීම අවශ්‍යයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Malith Thilakarathne, Repair vehicles, මලිත් තිලකරත්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?