නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ධනයට, බලයට කළහැකි කෙංගෙඩියක් නැති බව පෙන්වූ ටයිටන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ධනයට, බලයට කළහැකි කෙංගෙඩියක් නැති බව පෙන්වූ ටයිටන්

Published July 3, 2023

‘ටයිටැනික් නැවේ ශෝකාන්තය’ 1921 අප්‍රේල් 15 වැනිදා මුළු ලෝකයක් කම්පා කරවූ ටයිටැනික් ඛේදවාචකය ගැන ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල ලොකු අකුරින් වාර්තා කරල තිබුණෙ මෙහෙමලු. නමුත් එවැනිම ඛේදවාචකයක් අපේ කාලෙදි ‘ටයිටන් සබ්මැරීනයේ ශෝකාන්තය’ විදිහට පත්තර පිටුවල ලියවෙයිද කියල හිතමින් ඉන්න මොහොතක තමයි මේ ලිපිය අකුරු කරන්න පටන්ගත්තෙ. ඒත් ඒක ලිපිය අවසන් කරන්න කලින්ම හිතපු විදිහටම වුණේ ලෝකයේ බොහෝ හදවත් වල දරුණු ශෝකයක් ඉතිරි කරමිනුයි.

ලෝක ප්‍රකට චිත්‍රපටයකට පවා ගොඩනැගුණු මේ ටයිටැනික් නැව අදටත් මුහුදු පතුලේ තියෙන සංචාරක ස්ථානයක්.වසර ගණනාවක පටන් ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම විසින්. නමුත් පසුගිය 18 වැනිදා කියන්නෙ මේ ආයතනයට වගේම පුද්ගලයන් පස්දෙනෙකුට අඳුරුම දවසක්.

ටයිටැනික් නෞකාව ගවේෂණය සඳහා ගමන් කළ කුඩා ප්‍රමාණයේ ‘ටයිටන්’ නමැති සබ්මැරීනය මගීන් 5 දෙනෙකු ද සමඟ ගිනිකොණදිග කැනේඩියානු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී අතුරුදන් වුණේ පසුගිය 18 වැනිදා. කිලෝ 10,000 කට වැඩි බරකින් යුතු ටයිටන් සබ්මැරීනය, අත්ලාන්තික් සාගර පත්ලේ මිටර් 3,800 ක ගැඹුරේ පිහිටි ටයිටැනික් සුන්බුන් සොයා දින 8 ක නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියා. එහෙත් ගමන ආරම්භ කර පැයයි මිනිත්තු 45 කට පසුව ප්‍රධාන යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටුණා. අමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය එක්ව දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ඉන් අනතුරුවයි.

අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය තුළ එම යාත්‍රාව හිමි ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් ඇතුළු ධනවත් ගවේශකයින් පිරිසක් ගමන් කරමින් සිටියා. ඉන් බි්‍රතාන්‍ය බිලියනපති ව්‍යාපාරිකයකු වන 58 හැවිරිදි හර්මිෂ් හාඩින් ලොව ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයේද ගවේෂණය කර ඇති අතර සාගර පතුලේ වැඩිම කාලයක් වැඩිම ගැඹුරක රැඳී සිටි පුද්ගලයාට හිමි ගිනස් වාර්තාව පවතින්නේ ද ඔහු සතුවයි.

ඒ වගේම එහි ගමන් ගත් ප්‍රංශ ගවේෂක 77 හැවිරිදි පෝල් හෙන්රි ඉතිහාසයට එක්වෙන්නෙ වැඩිම කාලයක් පුරා ටයිටැනික් සුන්බුන් ආසන්නයේ නිරීක්ෂණයේ නිරත වූ ගවේෂකයා ලෙසයි. ඔහු අවස්ථා ගණනාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය ප්‍රංශ ජාතික විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක්. ඊට අමතරව සබ්මැරීනයේ ෂෙහෙසාදා ඩාවුඩ් සහ සුලෙයිමාන් ඩාවුඩ් නමැති පාකිස්තාන ව්‍යාපාරික පිය පුතු දෙපළක් ද ගමන් කළා.

මේ ගමන සඳහා එක් අයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කෙරෙන අතර ඕෂන්ගේට් ඔවුන්ගේ ටයිටැනික් මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2021 වසරේ සිටයි.කෙසේවෙතත් සබ්මැරීනය අතුරුදන් වූ 18 වැනිදා සිට ඇමෙරිකානු වෙරළාරක්ෂකයන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දුන් අතර ප්‍රංශ වෙරළාරක්ෂකයන්, නාවික සහ ගුවන් හමුදාව මෙහෙයුම් සඳහා එක් වී සිටියේ කෙසේ හෝ මොවුන් සොයාගන්නා අරමුණින්.

ඒ අනුව මුහුදේ වර්ග කිලෝ මීටර් 20,000 ක ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය. මේ අතර අනාවරණ වුණේ සෝදිසි මෙහෙයුම් අතර සෑම මිනිත්තු 30 කට වරක්ම පැය 4 ක කාලයක් තිස්සේ යම් පහරදීමේ හඬක් ශ්‍රවණය වූ බවයි. නමුත් ඒ වෙද්දිත් යාත්‍රාව තුළ ඔක්සිජන් ප්‍රමාණයද තිබුණේ සීඝ්‍රයෙන් ක්ෂය වෙමිනුයි. සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බවත් වෙරළාරක්ෂකයෝ පෙන්වා දුන්නා.

මේ අතර හැමෝගෙම දෝෂාරෝපණ එල්ල වුණේ ප්‍රමිතියකින් තොර සබ්මැරීනයක් අඩි 12,000 ක් යට ඇති ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා යොදවා ඇති බව කියමිනුයි. අතුරුදන් වූ ඕෂන්ගේට් සබ්මැරීනයේ සැකිල්ල කාබන් පරීක්ෂණයට ලක් නොකර මුහුදු පතුලට නොයා යුතු බව පැවසූවිට එහි හිමිකරු තමාව සේවයෙන් පහකළ බවට එහි හිටපු නියමුවා වූ ඩේවිඩ් ලොච්රයිඩ් අධිකරණය වෙත කරුණු දක්වමින් හෙළිකර තිබුණේ මිනිසුන්ගේ දෝෂාරෝපණ තව තවත් වැඩිකරමිනුයි.

මෙම සබ්මැරීනය අඩි 4000 ක් ගැඹුරු මුහුදට යැවීමට පෙර එය ඉදිකර තිබුණේ අඩි 3000 ක් ගැඹුරට යෑමට බවත් ඔහු සඳහන් කර තිබුණා. චන්ද්‍රිකා මගින් සිටින ස්ථානය දැන ගැනීමේ ජී. පී. එස්. යන්ත්‍රයක් පවා සබ්මැරීනයේ සවිකර නොතිබී ඇත.සබ්මැරීන විශේෂඥයන් පැවසුවේ සබ්මැරීනය තුළ සිටින පිරිස එහි බඳට තට්ටු කිරීමෙන් පමණක් එය ඇති ස්ථානය දැනගැනීමට හැකි බවයි. 2020 වසරේ දී මෙම සබ්මැරීනය නැවත වරක් ඉදිකළ යුතු බවට නිර්දේශ වුවත් එය සිදුවී නැති බවද වැඩිදුරටත් අනාවරණය විය.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් සිව් දිනක් පුරා සිදුකෙරුණු සියලුම සෙවීමේ මෙහෙයුම් පසුගිය 22 වැනිදා සවස්වරුවේ නවත්වාදැමීමට තීන්දු වූයේ ඒ වනවිටත් සබ්මැරීනයේ පැවති ඔක්සිජන් සියල්ල අවසන් බවට කළ නිගමනයත් සමගයි. එදිනම ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.00 ට පමණ මුළු ලොවටම සජීවී දසුන් ලබාදෙමින් BBCය තහවුරු කළේ ටයිටැනික් සුන්බුන් පවතින මුහුදු සීමාවේ සබ්මැරීනයේ යැයි සැක කළ හැකි සුන්බුන් කොටස් පාවෙමින් තිබෙන බවයි. එමෙන්ම එහි ගමන් ගත් ජීවිත පහ යළි කෙදිනකවත් ගොඩගත නොහැකි බවද නිගමනය වූයේ ‘ටයිටන්’ සබ්මැරීනයේ ශෝකාන්තය තවත් ලෝක ඉතිහාසයේ සිදුවුණ දරුණුම අභිරහස් අනතුරක් බවට පත්කරමිනුයි.

■ එරංදි කෞශල්‍යා

TAGGED: Oceangate Expeditions, The Explosion of the Titan Submarine, Titan Submarine, Tragedy of the Titan Submarine, ටයිටන් සබ්මැරීනය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?