කැරට් චීස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් කැරට් ග්‍රෑම් 250
- චීස් කැබලි කිහිපයක්
- නැවුම් කිරි මිලීලටර් 500
- වතුර මිලීලටර් 200
- බටර් තේ හැඳි 2
- නිවිති කොළ කිහිපයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදගන්නා ආකාරය
කැරට් හා නිවිති කොළ හොඳින් තම්බාගන්න.
තම්බාගත් සියල්ල බ්ලෙන්ඩරයකට දමා එයට කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ මිශ්‍රණය ළිප තබා එයට චීස් එකතුකරගන්න.
ඉස්සන් මිශ්‍ර බීට්රූට් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය

- ඉස්සන් ග්‍රෑම් 100
- පොඩියට කපාගත් බීට්රූට් ග්‍රෑම් 200
- නැවුම් කිරි මිලිලීටර් 500
- බටර් මේස හැඳි 2
- වතුර මිලීලටර් 200
- සුදු ලූනු බික් 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
ඉස්සන් සම්පූර්ණයෙන්ම සුද්ද කරගන්න. භාජනයකට බටර් එකතුකර බීට්රූට් හා සුදු ලූනු දමා තෙම්පරාදු කරගෙන මද වේලාවකට පසු වතුර එකතුකර තම්බාගන්න.
මිශ්‍රණය නිවුනු පසු බ්ලෙන්ඩරයකට දමා කිරිද එකතුකර බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය ළිප තබා එයට ඉස්සන් එකතුකර හැඳිගාමින් උතුරාගන්න.
බ්‍රොකලි සමග චිකන් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 200
- බ්‍රොකලි ග්‍රෑම් 300
- නැවුම් කිරි මිලීලටර් 500
- වතුර මිලීලටර් 200
- සුදු ලූනු බික් 1
- ඉඟුරු කැබැල්ලක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
කුකුල් මස් හා බ්‍රොකලි පොඩියට කපාගන්න. සියලුම ද්‍රව්‍ය තම්බාගන්න. මිශ්‍රණය නිවුණු පසු බ්ලෙන්ඩරයකට දමා කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. සුප් එක නැවත හොඳින් ළිප තබා උතුරාගන්න.
පම්කින් පීනට් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් වට්ට්ක්කා ග්‍රෑම් 200
- රටකජු ග්‍රෑම් 50
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු බික් 2
- නැවුම් කිරි මිලීලටර් 500
- වතුර මිලීලටර් 200
- බටර් තේ හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
භාජනයකට බටර් එකතුකර සුදු ලූනු, ඉඟුරු, වට්ට්ක්කා හා රටකජු එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. මෙයට වතුර එකතුකර තම්බාගන්න. මෙම මිශ්‍රණය බ්ලෙන්ඩරයකට දමා එයට කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මිශ්‍රණය නැවත ළිප තබා උතුරවාගන්න.
