South Indian Curd Rice
අවශ්‍ය ද්‍රව්‍ය

- පිසගත් බත් කෝප්ප 2
- මීකිරි කෝප්ප 2
- ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 2
- රස අනුව ලුණු
- කිරි මේස හැඳි 2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ගී ඔයිල් මේස හැඳි 2
- කජු ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- කඩාගත් වියළි මිරිස් කරල් 1
- කරපිංචා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බත් කැට නැතිවෙන්න පොඩි කරල මීකිරි ටික දාගන්න. ඒකටම ෆ්‍රෙශ් ක්‍රීම් හා ලුණු දාලා කලවම් කරන්න. කිරි, අමුමිරිස්, ඉඟුරු හා කොත්තමල්ලි කොළ ටික දාගන්න. පෑන් එකක් ලිපේ තියලා ගී ඔයිල් ටික රත් කරගෙන ඒකට කජු ටික දාලා පොඩ්ඩක් බැදගන්න. ඊළඟට අබ, සූදුරු, කරපිංචා දාගන්න. මේ සියල්ලම අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න. අන්තිමට පොඩියට කඩාගත් වියළි මිරිස් ටික දාලා තෙම්පරාදුව හදලා, කලින් හදාගත් බත් එකට කලවම් කරන්න.
සවුත් ඉන්දියන් පනීර් පෙපර් ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු කපාගත් පනීර් ග්‍රෑම් 250
- තෙල් ස්වල්පයක්
- කපාගත් තක්කලි ගෙඩි 1
- කපාගත් ලූනු ගෙඩි 1
- කපාගත් අමුමිරිස් කරල් 2
- ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි1/2
- කහ තේ හැඳි ¼
- කරපිංචා කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
මුලින්ම පනීර් ටික ගැඹුරු තෙලේ බැදගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු සුදු ලූනු පේස්ට්, කරපිංචා, කපාගත් ලූනු, තක්කාලි හා අමුමිරිස් දාලා හොඳට තෙම්පරාදු කරගන්න. මේකට කහ, ගරම් මසාලා, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරලා ලූනු මැලවෙනකම් තෙම්පරාදු කරගෙන, බැදගත් පනීර් ටික දාලා කලවම් කරන් ලිපෙන් බාගන්න.
Vegetable Kurma

අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කැරට් අල 2
- කපාගත් බෝංචි කරල් 3
- ග්‍රීන්පීස් කෝප්ප 1
- කෝලිෆ්ලවර් කෝප්ප 1
- තම්බාගත් අල ගෙඩි 2
- කරදමුංගු ඇට 2
- කරාබු නැටි 2
- සූදුරු ඇට තේ හැඳි 1/2
- මහදුරු ඇට තේ හැඳි 1/2
- කොත්තමල්ලි ඇට තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- කපාගත් අමුමිරිස් කරල් 3
- ඉඟුරු කැබැල්ලක්
- චොප්කරගත් තක්කාලි ගෙඩි 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ගාගත් පොල් කෝප්ප 1
- කජු ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
එළවළු ටික අවශ්‍ය තරම් වතුර දාලා තම්බගන්න. ග්‍රීන්පීස් ටික වෙනම උණුවතුර කෝප්පයක් දාලා තම්බගන්න. කරදමුංගු, කරාබු නැටි, සූදුරු, මහදුරු, කොත්තමල්ලි ඇටවලට කහකුඩු හා මිරිස්කුඩු දාලා අඹරගන්න.
මේකට අමුමිරිස්, ඉඟුරු, කොත්තමල්ලි කොළ, පොල්, කජු ටිකත් දාලා තක්කාලි එක්ක වතුර ටිකක් දාලා පේස්ට් එකක් අඹරගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේ මසාලා පේස්ට් එක දාගන්න.
ඊළඟට තම්බා පෙරාගත් එළවළු ටික සහ ග්‍රීන් පීස් දාලා වතුර කප් කාලක් දාලා හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න. කරිය උකු වෙලා උතුරනකොට ලිපෙන් බාගන්න.
අල මසාලා
අවශ්‍ය ද්‍රව්‍ය

- තම්බාගත් අල ගෙඩි 4
- අසමෝදගම් කොළ තේ හැඳි1/2
- අබ ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- කුරුඳු පොතු කෑල්ලක්
- වියළි මිරිස් කරල් 10ක් පමණ
- චොප්කරගත් සුදු ලූනු ගෙඩි 1
- කපාගත් ලූනු ගෙඩි 4
- කපාගත් තක්කාලි ගෙඩි 1
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අල ටික තරමක කෑලිවලට කපාගන්න. සුදු ලූනු, කුරුඳු පොතු, සූදුරු, අසමෝදගම් කොළ, මිරිස් කරල් හොඳට අඹරාගන්න.
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට තක්කාලි හා ලූනු ටික දාලා අඹරාගත් මිශ්‍රණය දාගන්න. මේකට ලුණු සහ වතුර කෝප්ප 1/4 ක් වගේ දාලා කලවම් කරලා උතුරන කොට අල ටික එකතු කරගන්න. පියනකින් වහල විටින් විට කලවම් කර කර වතුර ගතිය හිfඳනකම් ලිපේ තියාගන්න.
සවුත් ඉන්දියන් උප්පුමා
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1
- තෙල් ස්වල්පයක්
- අබ තේ හැඳි 1
- කඩල පරිප්පු තේ හැඳි 1
- උඳු ඇට තේ හැඳි 1/2
- කඩාගත් වියළි මිරිස් කරල් 1
- කරපිංචා ස්වල්පයක්
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- සීනි තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- ගී ඔයිල් තේ හැඳි 1
- දෙහි බෑයක යුෂ
සාදාගන්නා ආකාරය
රුලං ටික අඩු ගින්දරේ කබලේ බැදගෙන පැත්තකින් තියාගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ, කඩල පරිප්පු හා උඳු ඇට ටික දාලා කරපිංචා, වියළි මිරිස් කරල එකතු කරලා තෙම්පරාදු කරගන්න.
ටිකකින් කපාගත් ලූනු, අමුමිරිස්, ඉඟුරු ටික දාලා කලවම් කරන්න. දැන් මේකට වතුර කෝප්ප 3 ක්, සීනි හා ලුණු දාලා ගී ඔයිල් ටික දාගන්න. මේක උතුරන කොට රුලං ටික දාලා කැටි නොගැසෙන්න කලවම් කරගන්න. විනාඩි 5 ක් වගේ පියනකින් වහලා පිසගන්න. අන්තිමට උඩින් දෙහි යුෂ ටිකක් දාගන්න.
සවුත් ඉන්දියන් රසම්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොත්තමල්ලි ඇට තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1/2
- කඩල පරිප්පු තේ හැඳි 2
- ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
- වියළි මිරිස් කරල් 2
- සිහින්ව ගාගත් පොල් කෝප්ප 1/4
- කපාගත් තක්කාලි ගෙඩි 1
- සියඹලා යුෂ කප් 1/2
- කරපිංචා ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- කුඩුකරගත් හකුරු තේ හැඳි 1
- තම්බාගත් කඩල පරිප්පු කෝප්ප ½
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- තෙම්පරාදුව සඳහා
- තෙල් ස්වල්පයක්
- අබ තේ හැඳි 1
- වියලි මිරිස් කරල් 2
- කරපිංචා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පෑන් එකකට කොත්තමල්ලි ඇට, කඩල පරිප්පු තේ හැඳි 2, ගම්මිරිස් ඇට, වියළි මිරිස් කරල දාලා කබලේ බැදගන්න. ඒකට පොල් ටික එකතු කරන්න. හොඳට බැදලා මේ ටික කුඩු කරගන්න. පෑන් එකක් රත් වෙන්න තියල ඒකට තක්කාලි, සියඹලා යුෂ, කරපිංචා, කහකුඩු, ලුණු හා හකුරු ටික දාගන්න. විනාඩි 5 ක් 10 ක් වහලා පිසගන්න.
ඒකට තම්බාගත් කඩල පරිප්පු ටික දාගන්න. වතුර කෝප්ප 1 ක් දාලා තවත් විනාඩියක් පිසගන්න. දැන් මේකට කුඩුකරගත් මසාලා පවුඩර් එක දාලා හැඳිගාන්න. ඒ අතරතුර වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා තෙම්පරාදුව සඳහා අවශ්‍ය අබ හා වියළි මිරිස් ටික දාගන්න. කරපිංචා එකතු කර හොඳට තෙම්පරාදු වුණාම මේක රසම් එකට එකතු කරන්න. අන්තිමට කොත්තමල්ලි කොළ ටිකකුත් දාලා රසම් එක නටනකොට ලිපෙන් බාගන්න.
