Dorayaki
අවශ්‍ය ද්‍රව්‍ය

- බිත්තර 3
- සීනි කෝප්ප 2/3
- බේකින් සෝඩා තේ හැදි 1/2
- කිරි තේ හැදි 3
- තිරිගු පිටි කෝප්ප 1
- Nutella තෙල්
සාදාගන්නා ආකාරය
භාජනයකට බිත්තර හා සීනි දමා ඉතා හොඳින් ගසාගන්න. කිරි සමග බේකිං සෝඩා කලවම් කර බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න.
දැන් මෙම මිශ්‍රණය කලවම් කරමින් තිරිඟු පිටි දමාගන්න. සාදාගත් මිශ්‍රණය වසා විනාඩි 15 ක් පමණ පසෙකින් තබන්න. පසුව පෑන් එකකට තෙල් ස්වල්පයක් එක් කර රත්වූ පසු මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රොටියක් ආකාරය දෙපැත්ත පුළුස්සා නිවෙන්න හරින්න. දැන් එක රොටියක් අරගෙන එයට භමඑැකක් තවරා තවත් රොටියක් උඩින් තියන්න.
Matcha Rice Krispie Marshmallow
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කෝප්ප 1/2
- මාෂ්මෙලෝ කිහිපයක්
- රස අනුව ලුණු
- වැනිලා තේ හැදි 1
- Matcha පවුඩර් තේ හැදි 2
- ක්‍රිස්පි සීරියල් කෝප්ප 6
සාදාගන්නා ආකාරය
මුලින්ම රත්වූ පෑන් එකකට බටර් එකතු කර දිය කරගන්න. මද වේලාවකට පසුව මාෂ්මෙලෝව්ස් ටික දමා ඝනකම් මිශ්‍රණයක් සාදාගන්න.
දැන් මෙයට Matcha පවුඩර් එකතු කර කලවම් කරගන්න. අවසානයට ලුණු, වැනිලා සහ සීරියල් ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය තැටියකට දමා විනාඩි 20 ක් පමණ ශීතකරණයේ තබා කෑලි කපාගන්න.
Matcha Green Mousse

අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කුකීස්
- දියකරගත් බටර් ග්‍රෑම් 15
- බිත්තර කහ මද 1
- සීනි ග්‍රෑම් 35
- කිරි ග්‍රෑම් 120
- වැනිලා ස්වල්පයක්
- Matcha පවුඩර් තේ හැදි 2
- වතුර ස්වල්පයක්
- ජෙලටින් ග්‍රෑම් 5
- විපින් ක්‍රීම් ග්‍රෑම් 140
සාදාගන්නා ආකාරය
කුඩු කරගත් කුකීස්වලට දියකරගත් බටර් දමා කලවම් කරගන්න. එය මූස් එක සාදන භාජනයේ අඩියට දමා ශීතකරණයට දමන්න. දැන් බිත්තර කහ මදයට සීනි, වැනිලා සහ කිරි එකතු කර හොඳින් කලවම් කර ළිප තමා උකු මිශ්‍රණයක් එනතෙක් හැඳි ගාගන්න. දැන් එම මිශ්‍රණයට ජෙලටින් දමාගන්න.
Matcha පවුඩර්වලට වතුර එකතුකර කලවම් කර එය කිරි මිශ්‍රණයට දමා කලවම් කරගන්න. විපින් ක්‍රීම්වලට Matcha පවුඩර් දමා හොඳින් කලවම් කරගන්න. ශීතකරණයේ දැමු මූස් එක සාදන භාජනයට කිරි මිශ්‍රණයට දමා ඉන්පසුව පැය 24 ක් ශීතකරණයේ තබන්න. පසුව එළියට ගෙන විපින් ක්‍රීම් මිශ්‍රණය දමා ගන්න.
Japanese Coffee Jelly Dessert
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි තේ හැඳි 2
- දුඹුරු සීනි කෝප්ප 3
- ජෙලටින් තේ හැඳි 2
- සීතල වතුර කෝප්ප 1
- උණු කරගත් ජලය කෝප්ප 1
- හෙවි ක්‍රීම් කෝප්ප 1/2
- ටින් කිරි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට කෝපී, දුඹුරු සීනි, ජෙලටින්, උණු වතුර සහ සීතල වතුර එකතු කර හොඳින් කලවම් කරගන්න. මෙම මිශ්‍රණට තැටියකට දමා ගීතකරණයේ තබන්න. දැන් ටින්කිරි සහ හෙවි ක්‍රීම් එකට කලවම් කරගන්න. ජෙලි මිශ්‍රණය පිටතට ගොන කෑලි කපාගන්න. කපාගත් ජෙලි කෝප්පයකට දමා උඩින් කිරි මිශ්‍රණය දමාගන්න.
