නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Indoor Plants වවද්දී මේ ගැනත් සැලකිලිමත් වෙන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Indoor Plants වවද්දී මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

Published May 19, 2025

වගා කරන්න ඉඩක් නැති, තට්ටු නිවාසවල ඉන්න අය ගත්තොත් ඒ අය ගෙදර ඇතුළේ පෝච්චිවල පැළ වගා කරනවනේ. එතකොට වගා කරන්න වත්තක් තියෙන අය වුණත් ගෙවල් ඇතුළේ පෝච්චිවල පැළ තියලා තියෙන තැන් ඕන තරම් තියෙනවනේ. ඉතින් අපි මේ කතා කරන්නේ අන්න එහෙම ඕනෑම පැළයක් ගෙවල් ඇතුළේ පෝච්චියක හදනකොට ඔළුවේ තියාගන්න ඕන වැදගත් කරුණු කාරණා කිහිපයක් ගැනයි.

වතුර අඩුවෙන්

මේක මොන විකාර කතන්දරයක්ද කියලා බැලූ බැල්මට හිතෙයි. හැබැයි කතාව ඇත්ත. ඔය ගෙවල් ඇතුළේ තියෙන පැළ ගොඩක් වෙලාවට ඉක්මනට මැරිලා යන්නේ වතුර වැඩි වෙලා. කොහොමත් ගෙයක් ඇතුළේ පෝච්චියක තියෙන පැළයකට දාන වතුර වඩාත් අල්ලලා හිටිනවනේ. අන්න ඒ නිසා පැළේට වතුර දවස් දෙකෙන් දවස් දෙකට දාන්න ගියහම, පැළයේ මුල්වලට වාතය උරාගන්න තියෙන පස් අතර හිඩැස් ටිකත් වතුරෙන් පිරිලා, ටික දවසක් යනකොට වතුර වැඩිවෙලා පැළේ මැරෙනවා.

ගේ ඇතුළේ පෝච්චියක හිටවලා තියෙන පැළයකට වතුර දාන්න ඕනද එපාද කියලා බලන්නේ මෙහෙමයි. පැළය තියෙන පස මතුපිට වියළි වුණාට වැඩක් නෑ. සාමාන්‍ය තරමේ පොඩි පෝච්චියක දාපු පැළයක් නම්, මතුපිට ඉඳලා අඟල් දෙකක් තුනක් පහළට ගිහින් පස වියළිද කියලා බලන්න.

එහෙම වියළි නම් වතුර දාන්න. වතුර දානකොට, පස්වලට හොඳට වතුර උරාගෙන, පෝච්චියේ යටින් වතුර ඉවත් වෙලා බකට් එකකට හරි සින්ක් එකට හරි ගලාගෙන යන්න දෙන්න. එහෙම නැතුව වතුර යන්න තැනක් නැතුව පෝච්චියේ ඉතුරු වුණොත්, ඒත් පැළේ ඉවරයි.

ආලෝකය…

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගෙයක් ඇතුළේ හැදුවත්, ගෙයින් පිට හැදුවත් පැළයකට ප්‍රභාසංස්ලේෂණය සිද්ධ වෙන්න හිරු එළිය, ආලෝකය අවශ්‍යයිනේ. සමහර පැළ වර්ග තියෙනවා අවම ආලෝක තත්ත්ව යටතේ වුණත් ගැටළුවක් නැතුව පවතින.

හැබැයි ගේ ඇතුළේ හැදුවා වුණත් ගොඩක් පැළ වර්ගවලට හිරු එළිය අවශ්‍යයි. හැබැයි ඒ කියන්නේ පැළවල පත්‍ර කර වෙලා යන සෘජු දැඩි හිරු එළියත් නෙවෙයි. හැබැයි හොඳට හිරු එළිය වැටෙන ජනේලයක් අයිනේ වගේ දවසේ යම් කාලයක් පැළය තියලා තියන්න පුළුවන්. හැබැයි ඉතින් ජනෙල් පිරිසිදු කරලා තියන්න වෙයි.

තදබදේ බෑ

ඔය ගෙවල්වල ඇතුළේ ගෙවතු වගා කරන සමහරු කරන වැරැද්දක් තමයි පැළ ගණනාවක් එක ළඟ ගොඩ ගහලා තියන එක. ඒක හරියන වැඩක් නෙවෙයි ඇත්තටම. පැළයකට වුණත් හුස්ම ගන්න ඉඩ අවශ්‍යයි.

අන්න ඒ නිසා හරි විදිහ තමයි ගේ ඇතුළේ තියෙන පැළ සමාන දුරකින්, ඈත් කරලා, මනාව වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන විදියට තියන එක. එතකොට පැළවල වැඩීම වුණත් වඩා හොඳින් සිද්ධ වෙනවා කියලා පේන්න පටන් ගනීවි.

මුලින් පැළ තෝරගෙන ඉමු

ඇත්තටම මුලින්ම කියන්න ඕන කාරණාවක් මේක. තමන් ගේ ඇතුලේ පැළ කරන්න යන්නේ මොනවද කියන එක ගැන හිතලා මතලා තීරණය කිරීම. දැන් ගත්තොත්, සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගෙයක් ඇතුළේ පැළ කරන්න යන එක ප්‍රායෝගික නෑ. ගෙදර ඇතුළේ පෝච්චියක මඤ්ඤොක්කා හිටෝලා වැඩක් නැහැනේ.

අන්න ඒ නිසා තමන්ට ගෙදර ඇතුළේ වවන්න අවශ්‍ය කරන්නේ විසිතුරු මල් පැළ ද, ඖෂධ පැළ ද, කැක්ටස් පැළ ද කියන එක තීරණය කරන්න ඕන. එහෙම තීරණය කරනකොට, තමන්ට ඒ පැළයට ලබාදෙන්න පුළුවන් සාත්තු සප්පායම ගැනත් හිතන්න වෙනවා.

උදාහරණයක් විදියට ගත්තොත් වැඩියෙන් වද නොවී හදන්න පුළුවන් කැක්ටස් වර්ගයේ පැළ සහ තවත් එහෙම පැළ වර්ග. එතකොට තමන්ට ඵලදාවක් ලැබෙන ගෙදර ඇතුළේ වවන්න පුළුවන් පළතුරු වගේ නම්, බට් පැළවලට යන එක හොඳයි. එතකොට, තමන්ගේ ගෙයි ප්‍රමාණය අනුවත් වවන්නේ මොන පැළද, කොයි තරම් ප්‍රමාණයකින්ද කියන එක තීරණය කරන්න වෙනවා.

පස් මාරු කරමු

සාමාන්‍යයෙන් නම් අපි ඔය ගෙයක් ඇතුළේ පැලයක් පෝච්චියක හිටෝලා තිබ්බට පස්සේ ආයෙ තිබ්බමයිනේ. ඕන නම් වතුර ටිකක් දාලා, අව්ව වැටෙන්න පොඩ්ඩක් එහා මෙහා කළොත් මිසක්, වෙන ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය කිසිම දෙයක් වුවමනා නැතුවත් හැදෙන කැක්ටස් වගේ පැළයක් ඇරෙන්න සාමාන්‍ය පැළයක් නම් කාලෙකට සැරයක් පස් මාරු කරන්න ඕන.

පෝච්චියෙන් පැළේ අයින් කරලා, මුල් විහිදිලා තියෙන එක පොඩ්ඩක් ට්‍රිම් කරලා, මුල් ටික අතර පොඩ්ඩක් ඉඩ එන විදියට පිරිසිදු කරලා, එහා මෙහා කරලා, ඊට පස්සේ ඒ සයිස් එකේම පිරිසිදු පෝච්චියකට අලුත් පස් දාලා, ඒ පස්වල ආයෙත් ඉන්දන්න ඕන. අන්න එතකොට පැළේට වඩාත් හොඳින් වැඩෙන්න පුළුවන් වෙනවා.

Lif.lk ඇසුරෙන්

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?