ටෙස්ටොස්ටොරන් යනුවෙන් සඳහන් කරද්දී අපේ හිතට ඇති වෙන්නේ ලිංගික හෝර්මෝන ගැන විශේෂිත වූ අදහසක්. එයිනුත් පිරිමි හෝර්මෝන ගැන සුවිශේෂි වුණ අදහසක්. ටෙස්ටොස්ටොරන් හෝර්මෝනයෙන් 95% ක්ම පිරිමි වෘෂණ කෝෂවල නිෂ්පාදනය වන අතර පිටියුටිරි ග්‍රන්ථිය මගින් පාලනය වෙනවා.
නමුත් කාන්තාවන් සම්බන්ධයෙනුත් අපට ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය ගැන කතා කරන්න පුළුවන්. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ටෙසේටොස්ටොරන් හෝර්මෝනය ඉතා අඩු මට්ටමක පවතිනවා. කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ආශ්‍රිතව ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය ඇතිවනවා.
ටෙසේටොස්ටොරන් හෝර්මෝනය අවශ්‍ය ඇයි?
මෙම හෝර්මෝනය අපේ ශරීරයේ විවිධ ක්‍රියකාරීත්වයන් වෙනුවෙන් බලපානවා.
■ ලිංගික ක්‍රියාකාරීත්වයට මෙයින් සුවිශේෂී බලපෑමක් ඇතිවනවා. ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙම හෝරමෝනයේ බලපෑම ස්ත්‍රීි සහ පුරුෂ දෙපාර්ශ්වයටම එක සෙයින්ම බලපානවා. කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට පටක ක්‍රියාත්මක වීමට, මාංශ පේශි ලිහිල් වීමට සහ ලිංගික උද්දීපනය සඳහා ටෙසෙටොස්ටොරන් හෝර්මෝනය අවශ්‍ය වෙනවා.
■ අස්ථිවල ඝනත්වය පවත්වා ගැනීමට
■ මාංශ පේශි පරිමාව පවත්වා ගැනීමට
■ ශරීර ශක්තිය පවත්වා ගැනීමට
■ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට
ටෙසේටොස්ටොරන් හෝර්මෝනය අඩුවීම ඔබට බලපාන්නේ කෙසේද?
අපේ ශරීරයේ ටෙසේටොස්ටොරන් හෝර්මෝන මට්ටමේ අඩුවීම නිසා විවිධ රෝග සංකුලතාවන් ඇතිවීමට පුළුවන්.
- ලිංගික සෞඛය පිරිහීම සහ ලිංගික බෙලහීනතාවයන් ඇතිවීම
- තරබාරුව
- දියවැඩියාව, අනවශ්‍ය ලෙසින් මේදය තැන්පත් වීම නිසා හෘද රෝග සංකුලතාවන් ඇතිවීම
- ශරීර ශක්තිය අඩුවීම
- මානසික සෞඛ්‍ය දුර්වල වීම නිසා විශාදය වැනි රෝග තත්ත්වයන්ට පත්වීම
- ධාරණය අඩුවීම
- මාංශ පේශි අඩුවීම
- අස්ථි දුර්වල වීම
- ආයුෂ අඩුවීම
ටෙසේටොස්ටාරන් හෝර්මෝනය බාහිරව ලබාගැනීම ඔබ හිතුමතයේ කළ යුතු නැහැ. එය වෛද්‍යවරයකුගේ නිර්දේශයක් මත සිදුවිය යුත්තක්. එසේ නොමැතිව ඔබේ සිරුරේ ඔබට ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය අඩු බැව් ඔබට තීරණය කරන්න බැහැ.
ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය අඩු බව දැන ගන්නේ කොහොමද?
යම් පුද්ගලයෙකුගේ සිරුරේ ටෙසේටොස්ටොරන් හෝරමෝන මටට්ම අඩුවීමක් දැනගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා.
- රෝගියා විසින් සඳහන් කරන රෝග ලක්ෂණ
- රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම
ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය පිටතින් ලබාගැනීමට පුළුවන්ද?
යම් පුද්ගලයෙකුගේ මෙම ලිංගික හෝර්මෝනය අඩු බැව් වෛද්‍යවරයා විසින් හඳුනාගැනීමෙන් පසුව බාහිරව මෙම හෝර්මෝන ලබාදීම ගැන සලකා බලනවා. එසේ සලකා බැලීමේදීත් රෝගියාට මෙම හෝර්මෝනය පිටින් ලබා දීම අත්‍යවශය බැව් වෛද්‍යවරයා විසින් නිගමනය කළත් එසේ ලබාදෙන විටත් යම් යම් පරාමිතීන් ගැන අවධානය දක්වනවා.
ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය පිටතින් ලබාගත් විටෙක ඇතිවිය හැකි ගැටලු මොනවාද?
මෙම හෝර්මෝනය පිටතින් ලබාදීමේදී රෝගියා වෙතින් යම් යම් සංකුලතාවන් ඇති වීමට පුළුවන්.
- රුධිරයට ඇතිවන බලපෑම නිසා රෝගියාගේ හිමෝග්ලෝබින් අගය වෙනස් වීම
- අස්ථි ගණත්වය පිළිබඳව විශේෂ අවධානයක් දැක්වීම
- පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා තත්ත්වයක් ඇති රෝගියකු නම් පිළිකාව වර්ධනය වීමට වැඩි අවස්ථාවක් තිබීම
- තරුණ වයසේ අයෙකු නම් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ගිණුම සම්බන්ධයෙන් ගැටලු ඇති වීම
ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය ස්වභාවිකව වර්ධනය කරගැනීමට කළ හැකි දේවල් මොනවාද?
■ තරබාරුව අඩුකර ගැනීම. එවිට මේද ස්ථරය අඩු වී ශරීර බර පාලනය වීමක් සිදුවනවා.
■ ශාරීරික ව්‍යායාම – ශාරීරික ව්‍යායාම මගින් ටෙසේටොස්ටොරන් හෝර්මෝන මටට්ම වැඩි කරගැනීමට පුළුවන්. ව්‍යායාම කිරීමේදී දිවීම, ඇවිදීම, පිහිනීම වැනි ස්වායු ව්‍යායාමවලට වඩා වැඩි බරක් යොදා සිදුකරන ඍැිසිඒබඑ ව්‍යායාම මගින් ටෙස්ටොස්ටරොන් හෝර්මෝන මටට්ම වැඩි කරගත හැකියි.
■ ආහාර රටාව – කාබොහයිඩ්‍රේට අඩංගු ආහාර අඩුවෙන් සහ ප්‍රෝටීන් වැඩියෙන් අඩංගු වන සේ සමබල ආහාර වෙනුවෙන් යොමුවීම.
■ සකස් කරන ලද ඡරදජැි දෙදා හැකිතාක් සීමා කරන්න.
■ හොඳ නින්දක් ලබාගන්න. ගැඹුරු නින්ද ටෙසේටොස්ටොරන් වර්දනයට හිතකර බැවින් සුවදායක නින්ද ඉතා වැදගත්. ඒ වගේම සුවදායක නින්දකින් මානසිකව ඇති වෙහෙසකර බව :Stress) අඩු වනවා.
■ රසායනයන්ට නිරාවරණය වීම හැකි තාක් පාලනය කරන්න. ඇතැම් විට ඔබේ රැකියාව නිසා විවිධ රසායනයන්ට නිරාවරණය වෙනවා නම් හැකිතාක් ආරක්ෂිත ඇඳුම් පාවිච්චි කරන්න.
■ ප්ලාස්ටික්වල අන්තර්ගත BPA සංයෝගය නිසාත් ටෙස්ටොස්ටොරන් හෝර්මෝන මටට්ම අඩු වන බැව් අලුත්ම පරීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙනවා.
ඒ නිසා ප්ලාස්ටික් භාජනවල උණුවෙන් ආහාර දැමීම, වරක් පාවිච්චි කළ වතුර බෝතල් නැවත පාවිච්චි කිරීම සුදුසු නැහැ. ඔබ භාජන තෝරා ගැනීමේදී වඩාත් ආරත්ෂිත භාජන ( BPA free) තෝරාගැනීමත් ඉතාම වැදගත්.
එසේ නම් ටෙසේටොස්ටොරන් හෝර්මෝන මටටම හොඳින් පවත්වා ගැනීමට නම් ඔබේ කායික, මානසික වගේම පාරිසරික සෞඛ්‍යත් බලපාන බැව් අමතක නොකරන්න. මෙම සංසිද්ධීන් සියල්ල එකිනෙකට සහසම්බන්ධව ඇති බැවින් බාහිරව ටෙසේටොස්ටොරන් හෝර්මෝන ලබාගැනීමට වඩා ඔබේ ජීවිතය මනාව සැලසුම් කරගැනීම වැදගත් බැව් අමතක කළ යුතු නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️