නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මනස, ශරීරයට කෙරෙන බලපෑම ගැන කියන Placebo Effect
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මනස, ශරීරයට කෙරෙන බලපෑම ගැන කියන Placebo Effect

Published May 19, 2025

විශ්වාසයේ බලය අරුම පුදුමයි. වෛද්‍ය විද්‍යාවේ Placebo Effect නමින් භාවිත වන මෙම ශක්තියෙන් අදහස් කෙරෙන්නේ මනස, ශරීරය වෙත කෙරෙන බලපෑමයි. විවිධ පූජා ක්‍රම, ව්‍යාජ බෙහෙත් හෝ ආශිර්වාද ලෙස භාවිත කෙරෙමින් රෝගීන් සුවකිරීම සඳහා මෙය යොදා ගැනුනත්, විශ්වාසවන්ත වෛද්‍ය උපදේශනය සහ වංචාකාරී ක්‍රම අතර වෙනස හඳුනා ගැනීම, කාලය හා මුදල ඉතිරිකර ගනිමින්, අනතුරුවලින් වැළකී සිටීමටද පිහිට වෙයි.

Placebo සිරුර තුළ ක්‍රියාකරන්නේ මෙහෙමයිසුවකිරීමේ ශක්තිය හා බද්ධ වූ සෘජු මානසික ක්‍රියාකාරකම්ක් පෙන්විය නොහැකි නමුත්, එම විශ්වාසයට අනුව ශරීරය ප්‍රතිචාර දක්වන බව පැහැදිලිය. කිසියම් රෝගියකු රෝග සුවය සඳහා ඖෂධයක උපකාරය පතන විට මොළය මගින් Endorphins වැනි ස්වභාවික රසායනිකයන් නිදහස් කරයි. ඒ මගින් වේදනාව, තෙහෙට්ටුව (fatigue), කාංසාව (anxiety) සහ මානසික අවපීඩනය (depression) පවා සැළකිය යුතු මට්ටමකින් සමනය වෙයි.

සායනික අත්හදා බැලීම්

බටහිර වෛද්‍ය විද්‍යාව මෙය භාවිත කිරීම සිදුකරන්නේ හිතූමතයට නොවේ. සායනික අත්හදාබැලීම් බොහොමයක් සිදුකර ඇත. එහිදී සහභාගිවන්නන් කණ්ඩායම් දෙකකට වෙන්කර, එක් කොටසකට නියම ඖෂධය ලබාදී ඇති අතර, අනෙක් කොටසට ප්ලේසබෝ ශක්තිය පිරික්සීම සඳහා ව්‍යාජ ඖෂධ ලබා දෙන ලදී. නියමිත ඖෂධය නොමැතිව පවා රෝග සුවය කෙතෙක් දුරට ක්‍රියාත්මක වන්නේදැයි නිගමනයකට පැමිණීමට මේ නිසා හැකියාව ලැබී ඇත. විශ්වාසයේ ප්‍රතිකාරයද බලවත් බව මින් නිගමනයකට එළඹිණි.

ප්ලේසබෝ බලපෑමේ සීමාවන්

මෙම ප්‍රතිකාරය මගින් රෝගය පිළිබඳව සංජානනය ( Perception) අවදිවන අතර එමගින් විශේෂයෙන් වේදනාව, ආතතිය, තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ සමනය කළ හැකිය. එහෙත් පිළිකා වැනි රෝග හෝ ආසාදනය වූ රෝග සුවකළ නොහැකිය. එසේම එහි ඇති තවත් සීමාවක් වන්නේ සියලු දෙනාටම එකම ප්‍රතිඵලය නොලැබීමය. කුමන ආකාරයෙන් ප්‍රතිකාරය ඉදිරිපත් කළත් එක් එක් පුද්ගලයාගේ මනසේ විශ්වාසයේ මට්ටම මත සුවය ලැබීම රඳා පවතී.

සදාචාරාත්මක ගැටළු Ethical Concerns සත්‍ය ඖෂධ සමග මෙම විශ්වාසයේ ප්‍රතිකාරය නියම කිරීම පිළිබඳව සදාචාරාත්මක ගැටළු පැන නගියි. වෛද්‍යවරුන් රෝගීන් සමග අවංක විය යුතු අතර, රෝගියාගේ කැමැත්තකින් තොරව විශ්වාසයේ ප්‍රතිකාරය නියම කිරීම විශ්වාසය පළුදු කරන්නකි.

එහෙත් සමහර ප්‍රවීනයින් තර්ක කරන්නේ සීමාසහිත එහෙත් සමහර ප්‍රවීනයින් තර්ක කරන්නේ සීමාසහිත සහනයක් ලබාදෙන රෝගවලදී, විශේෂයෙන් නිදන්ගත රෝග තත්වයන් (chronic conditions) සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රවේසමින් සහ සදාචාරාත්මකව මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතයෙන් වඩා වැඩි සුවයක් ලබාගත හැකි බවයි.

මනස හා ශරීරය අතර කවුළුවක්

පර්යේෂකයින් අනාවරණය කරන්නේ Placebo Effect ප්‍රතිකාර ක්‍රමය මගින් භෞතික ප්‍රතිකාර ක්‍රමයම රෝග සඳහා එකම පිළියම නොවන බව ඔප්පු කර ඇති බවය.එය මනස හා ශාරීරික සම්බන්ධතාවයට කවුළුවක් ලෙස ක්‍රියා කරයි. රෝගීන්ගේ ප්‍රතිකාර හා සමස්ත යහපැවැත්මට සහාය වීම සඳහා විකල්ප ප්‍රවේශයන් ගවේෂණය කිරීමේදී මනෝ විද්‍යාත්මක සාධක සලකා බැලීම තුළින් වෛද විද්‍යාවට නව ආලෝකයක් එකතු කර ඇත.

https://www.betterhealth.vic.gov.au ඇසුරින්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?